නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ සිදු වූ පිපිරීමකින් ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
පිපිරීම කාර් බෝම්බ ප්‍රහාරයක් ලෙස සැක කෙරෙන අතර ප්‍රහාරය එල්ල වී ඇත්තේ මුස්ලිම් උත්සවයක් වන ඊද් අල්-අදා උත්සවය වෙනුවෙන් රටපුරා තෙදින සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් යන්නටත් මත්තෙන් බව එරට බලධාරීහු කීහ.
මෙම සටන් විරාමය ප්‍රකාශයට පත් කර ඇත්තේ තලේබාන් සංවිධානය වන අතර පසුගිය කාලයේ රටතුළ ප්‍රචණ්ඩ ක්‍රියාවල වැඩි වීමක් ද දක්නට ලැබිණි. ඇෆ්ගනිස්තානය යනු වසර ගණනාවක් තිස්සේ යුද්ධයෙන් පීඩා විඳින රටකි. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මැදිහත් වීමෙන් ඇෆ්ගනිස්තාන පරිපාලනය සහ තලේබාන් සංවිධානය අතර පසුගිය කාලයේදී සාම සාකච්ඡා වට කිහිපයක් ම පැවැත්විණි. දෙපාර්ශවය අතර සිරකරුවන් හුවමාරු කරගැනීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ. ඇෆ්ගන් ආණ්ඩුවේ මැදිහත් වීමෙන් එය සිදුවන අතර ඒ සඳහා කමිටුවක් ද පත්කර ඇත.
තමන් මෙම ප්‍රහාරය එල්ල කළේ නැතැයි තලේබාන් සංවිධානය ප්‍රකාශ කළ අතර තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජහිද් ඒ් සම්බන්ධයෙන් නිවේදනයක් ද නිකුත් කර තිබිණි.
ඇෆ්ගනිස්තානයේ නැගෙහිර පෙදෙසේ පිහිටි පළාතක් වන ලොගාර් පළාතේ පුල්-ඊ-අලාන් හමුදා කඳවුර ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය ඒල්ල වී තිබිණි. ප්‍රහාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් මෙන්ම සිවිල් වැසියන් ද තුවාල ලබා ඇතැයි පළාත් පොලිසියේ ප්‍රකාශක ෂහ්පූර් අහ්මද්සායී පැවැසීය.
රොයිටර්
055
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇෆ්ගනිස්තානයේ පිපිරීමකින් 18ක් මරුට