IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මාදම්පිටිය සුසාන භූමියේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් 5ක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

මාදම්පිටිය සුසානභූමිය තුළදී  පුද්ගලයින් දෙදෙනකු  කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පාතාල සාමාජිකයින් 5 දෙනකු වත්තල හුණුපිටිය පොහොර සංස්ථාවේ ගබඩාව  ආසන්න මාර්ගයේදී  අද  පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට  ගෙන තිබේ.

මොවුන් පස් දෙනා මෙම ඝාතන සිද්ධියට සෘජුව  සම්බන්ධ පුද්ගලයින් බවත්   වෙනත් ප්‍රදේශයකට පළා යාම සදහා ත්‍රිරෝද රියකින් ගමන් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

ඝාතනයට යොදාගත් මන්නා පිහි ඇතුළු තියුණු ආයුධ කැලණිය කළුපාලමෙන් කැලණි ගඟට විසි කළ බව  සැකකරුවන් පාපොච්චාරණය කර තිබේ.

මොවුන් සමඟ   මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 8 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

 



අදහස් (1)

මාදම්පිටිය සුසාන භූමියේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් 5ක් අත්අඩංගුවට

Chanak los angeles Saturday, 17 August 2019 10:21 PM

පාතාලයේ සියල්ලන්ම සාටකයින්ගේ ඇසුරේ වැටුණු අයයි. තම විරුද්ධවාදීන්ව ගහලා දමන්න කියන යෙදුම හඳුන්වාදුන්නෙත් ඔය සාටකයින්මයි. තවත් එන්න හදනවා බලය ඉල්ලගෙන... අපි මොවුන්ට විරුද්ධ සටන නවතන්නේ ජම්පරයයි, නොම්මරයයි, බෙලෙක් පිඟානයි අතට දීලයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1719 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site