IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගිංගඟ පහළ නිම්නයේ ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටවෙලා

 

(ජේ.කේ.එල් චාමින්ද)
 
ගිංගගේ ජලය බැසයමින් පැවතියද තවමත් ගිංගඟ පහළ නිම්නයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බැව් එම ප්‍රදේශවල ජනතාව පවසති. ගිංගඟ පහළ නිම්නයට අයත් හෝළුවාගොඩ, ඕපාත, යන ප්‍රදේශවල පහත්බිම් රැසක් තවමත් ජලයෙන් යටවී ඇති අතර ජලය බැසයාම සිදුවන්නේ ඉතා සෙමින් බැව් එම ප්‍රදේශවල ගොවීහු පවසති.

හෝළුවාගොඩ ඇළ මාර්ගයේ ජලය බැස යාම  ඉතා සෙමින් සිදුවන බව පවසන ගොවීහු මහමෝදර මෝය කට නිසි අයුරින් විවර කර නොමැති බවද  පවසති.

අස්වැන්න නෙළාගැනීමට ආසන්නව පැවති ඕපාත, හෝළුවාගොඩ, මිපාවල, වක්වැල්ල,කුරුන්ද, කපුහෙම්පල ආදි ප්‍රදේශවල කුඹුරු අක්කර සිය ගණනක් තවමත්  ජලයෙන් යටවී ඇති බවද, මෙම තත්වය නිසා තමන් දැඩි අසරණ තත්වයට පත්ව ඇති බවද පවසන ඔවුහු වගාහානි සඳහා කඩිනමින් වන්දිමුදල් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිති.

මේ වනවිට ගිංගගේ ජලය බැස යමින් පවතින බවත්  බද්දේගම ජල මාපකයේ ජල මට්ටම අද  (29) උදෑසන වනවිට  මීටර් 3.83 ක් හා තවලම ජල මාපකයේ ජල මට්ටම මීටර් 2.33ක් ලෙස සටහන්ව තිබු බව ගිංගඟ වාරිමාර්ග  ඉංජිනේරු  නිලංග සුභසිංහ මහතා පවසයි. හෝළුවාගොඩ ප්‍රදේශයේ  ජලය බැසයන මහමෝදර මෝය කට අඩි 60ක් පමණ පුළුල්කොට ඇති බවද  වාරිමාර්ග ඉංජිනේරුවරයා  වැඩිදුරටත් සඳහන් කළේය.

ගාල්ල  හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂක  එල්. එච්. සුරියබණ්ඩාර මහතා  මෙසේ කිවේය.
 
“මහමෝදර මෝයකට උපරිම කපලා තියෙනවා .මුහුදෙන්  වැලි වදිනවා මෙහේ වතුර අඩුවෙන්න අඩුවෙන්න පිඩනය අඩුවනවිට  වැලිගොඩ තල්ලුකරන්න බැහැ. වෙරළෙන් තල්ලුකරන්න  එන වැලි මෙහෙන් තල්ලුකරගන්න ශක්තියක් නැත්නම්  මෝය කට වැහෙනවා.එය ස්වාභාවික දෙයක්. ගංගේ වතුර පාර හොදට තිබියදි  මෝයකට කඩාගෙන හොදට වතුර බැස්සා .දැන් මහමෝදර කළපුවෙත් වතුර අඩුවෙලා.වේගයෙන් ජලය අඩුවේගෙන යනවා. පැයකට සෙන්ටිමිටර්  දෙක තුනක් ජලය අඩුවෙනවා. එදිනෙදා ජනතාවගේ ජන ජිවිත යථා තත්වයට පත්වෙලා  තියෙනවා” යැයි අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

ගොවීන්ගේ වගාහානි සම්බන්ධව කෘෂිරක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයා සමග තමන් සාකච්ඡා කළ බවත් ඉදිරියේ සියලුම ගොවින්ට වගා හානි සඳහා වන්දිලබාදීමට කටයුතු කරන බවට  ඔහු පොරොන්දු වූ බවත් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පැවසීය.
 


 



අදහස් (0)

ගිංගඟ පහළ නිම්නයේ ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටවෙලා

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site