(දයාරත්න ඇඹෝගම සහ කාංචන කුමාර ආරියදාස)
කහගල්ල ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් අද(08) පුද්ගලයකු මිය ගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ කහගල්ල, ආඬියාගල පදිංචිව සිටි ආර්.බී.මුනිදාස නැමති 49 හැවිරිදි අයෙකි.
ගම්මානයට කඩාවැදුණු තනි වනඅලියෙකු නිවසක් බිඳ වී ගෝනිය ගෙන ගමන් කරමින් සිටියදී අලියා එළවීම සඳහා එම පුද්ගලයා සිය පුතා සමඟ එක්වී ඇත. එම අවස්ථාවේදී අලියා පහර දී ඇත.අලියාගේ පහරදීමෙන් එම තැනැත්තාගේ පුතා වන ප්‍රදීප් නිරංජන් මහතා දිවි ගලවාගෙන ඇත.
කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ සිටින අලින් ගම්වැදීම නිසා ජනතාව දැඩි භීතියට පත්ව ඇතැයි ජනතාව පෙන්වා දෙති.
කලා වැව රක්ෂිතයේ ඉඩම් ඉඩකඩම් අනවසර මිනිසුන් අත්පත් කරගෙන ඉතිරි භූමියේ ජලය කිරීම හේතුවෙන් අලින් ආහාර හිඟයකට මුහුණ පා ඇතැයි වනජීවී නිලධාරීහු කියති.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)




2025 දෙසැම්බර් මස 04
533
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
482
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වන අලියකු පහර දී තවත් අයෙක් මරුට
lanka Wednesday, 13 November 2019 11:21 AM
නගරබදව වෙසෙන අපේ පරිසරවේදීන්ට නම් දුප්පත් ගොවීන් මැරුණට කමක් නැහැ. අලි ටික බේරුණොත් ඇති...