(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී තවත් රූකඩ අගමැතිවරයකු පත් කරන්නට යන බවට විශ්වාස කටයුතු ආරංචි ලැබෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී අද (04) පැවැසීය.

එක් කඩතොලුවක් වසාගන්නට ගොස් කඩතොලු දෙකක් හදාගත් පොළොන්නරුවේ සහ මැද මුලනේ ආචාරීන් දෙදෙනා රටේ කීර්තිය සහ අභිමානය වනසන අතර,  පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩතොලු කරමින් සිටින බව කී මන්ත්‍රීවරයා මේ ක්‍රියාව නිසා එක්සත් ජාතික පක්ෂයේ කඩතොලු සියල්ල වැසී ගිය බවද කීය.

ඩලස් අලහප්පෙරුම, ජෝන් සෙනෙවිරත්න හෝ ජනක බණ්ඩාර තෙන්නකෝන් රූකඩ අගමැති ලෙස දිවුරුම් දෙනු ඇතැයි ආරංචි බවද නලින් බණ්ඩාර මහතා පැවැසීය.

නලින් බණ්ඩාර මහතා මේ අදහස් පැවසුවේ කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. 

 

( වීඩියෝ සහ ඡායාරූප -ශාන්ත රත්නායක)