IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කෙසෙල්ගමුඔයේ සැඩ පහරට හසු වූ තිදෙනෙකු බේරාගැනේ

(රංජිත් රාජපක්ෂ) 

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔයේ සැඩ පහරට හසු වු තිදෙනෙකු බේරාගත් බව බගවන්තලාව පොලිසිය කියයි.
 
මහඑළිය රක්ෂිතයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය බගවන්තලාව ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් පහත්බිම් රැසක් ඊයේ (10) පස්වරුවේ යට වූ බව පොලිසිය පවසයි.
 
පහත් බිම් හරහා යෙදී ඇති මාර්ගයේ‍ ගමන් කරමින් සිටි තරුණයෙකු සැඩ පහරට හසු වී ගසාගෙන යන අවස්ථාවේ වතු කම්කරුවන් පිරිසක් ඔහු බේරා ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා කියාසිටී.
 
මේ අතර බගවන්තලාව කෙසෙල්ගමුඔයේ මාළු ඇල්ලීමට ගිය තරුණයන් දෙදෙනෙකු සැඩ පහරට හසු වී තේ වත්තේ සිටියදී කෙසෙල්ගමුඔයේ ජල මට්ටම පහත බැසීමෙන් පසු ඔවුන්ව බේරාගෙන තිබිණි.
 
කෙසෙල්ගමුඔයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අක්කර අඩි 60,000ක වපසරියකින් යුත් කාසල්රි ජලාශය පිටාර මට්ටමට අගල් 6 දක්වා ඉතා ආසන්න වී ඇති බවත්, අක්කර අඩි 94,000කට ආසන්න වපසරියකින් යුක්ත මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටටමට අඩි 2 දක්වා ආසන්න වී ඇති බවත් එම  ජලාශ  භාර ඉංජිනේරුවෝ පවසති.

 



අදහස් (0)

කෙසෙල්ගමුඔයේ සැඩ පහරට හසු වූ තිදෙනෙකු බේරාගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site