IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

පාර්ලිමේන්තුව 2018 දෙසැම්බර් 18 වැනිදා අපරභාර 1 වන තෙක් කල් තැබේ.


අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒකීය සහ නොබෙදුණු රාජ්‍යක් තුලින් සියලුම ජනවර්ගවලට ජීවත් විය හැකි පරිසරයක් ගොඩනනගන බව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියයි.


රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පල කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව   අද වැඩි ඡන්දයෙන් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 117ක් ලැබිණි. විරුද්ධව ඡන්ද ලැබුණේ නැත.
 
කතානායක - එම යෝජනාව සම්මත වූ බව ප්‍රකාශ කරනවා.


කතානායක - දැන් තිබෙන්නේ යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසීමයි. ඉලෙක්ට්‍රෝනික ක්‍රමයට ඡන්දය ගැනීමට බලාපොරොත්තු වෙනවා. 
 
(සභාව බෙදීමක් ඉල්ලයි)


ගයන්ත කරුණාතිලක - විවිධ වරදාන වරප්‍රසාද හමුවේ කශේරුකාව නමන්නේ නැති පිරිසක් තමයි අද පාර්ලිමේන්තුවට ඇවිත් තියෙන්නේ. තමන්ගේ ඡන්ද දායකයන්ගේ අභිමානය රැක්ක මේ මන්ත්‍රී කණ්ඩායමට මම මගේ ප්‍රණාමය පුද කරනවා. තමන්ගේ රාජකාරි හරි හැටි ඉටු කළ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටත්, පොලිසිය ඇතුළු කාර්ය මණ්ඩලයටත් මම ස්තුති කරනවා. 
 
මේ අර්බුදය හමුවේ එතුමා කටයුතු කළ ආකාරයම ඇති ඔහුට විශ්වාසය පල කරන්න. ශ්‍රී ලංකාවේ වෘත්තීමය දේශපාලනඥයා ඔහුය කියා පෙන්නුම් කළා.  අද අපි විශ්වාසය පළ කරන්නේ වැඩපිළිවෙළක් ඇති නායකයකුටයි. මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පහළ වූ වෘත්තීමය දේශපාලනඥයා ඔහු බව ලෝකයට පෙන්නුම් කළා.    


අනුර කුමාර දිසානාය - රනිල් වික්‍රමසිංහ මහත්මයාට විශ්වාසය පල කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනයා. ඔහු අගමැති ලෙස කටයුතු කරද්දි අගමැතිට එරෙහිව විශ්වාස භංගයක් ආවා. එම විශ්වාස භංගයට සහාය දෙමින් ඔහුගේ අවුරුදු තුනකට අධික අගමැති කාලය තුළ කරන ලද කාර්යයන් අපි ඉතාම හොඳින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අපි ඉදිරිපත් කළා. අද විශ්වාස පළ කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මෙහිදී අපිට කියන්න තියේනනේ අප්‍රේල් 04 වැනි දා විශ්වාස භංගයේ අපි ඉදිරිපත් කරන ලද කරුණු සියල්ල අදටත් අදාල බවයි.
 
ආණ්ඩුවක අනාගතය රැඳී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මතම මත නෙමේ කියන එක. ජනතාවගේ විශ්වාසය මොන තරම් දිනා ගන්න පුලුවන්ද කියන එකයි වැදගත්ම කාරණය. පාර්ලිමේන්තුවේ ඔළුගොඩිවලින් තමන්ගේ ස්ථාවර බව පෙන්වලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් විශ්වාසය පෙන්නුවත් ජනතාවගේ විශ්වාසය නම් භංග වෙලා තිබෙන්නේ. මෙම පාලනය ආරම්භ වන්නේ ජනවාරි මාස 08 වැනි දාය. එදා ජනතාව සුවිශේෂී බලාපොරොත්තු ඇතිව ජනවරමක් ලබා දුන්නා. එම ජනවරමේ සංයුතිය අපි මීට පෙර ප්‍රකාශ කළා. 
 
මීට පෙර ආණ්ඩු පිහිටුවන්න දුන්නු ජනවරමේ වැඩි ප්‍රමාණයක් නියෝජනය කළේ ඒ පක්ෂයේ මතය. නමුත් ජනවාරි අට වැනි දා එහි වෙනසක් තිබෙනවා. එම ජනවරම යම් තනි පක්ෂයකට තනිව ලියන ලද ජනවරමක් නොවේ. විශාල ජන අපේක්ෂා නියෝජනය කළ ජනවරමක් තිබ්බා. 
 
මංගල සමරවී මහතා ඉදිරිපත් කළ ලියැවිල්ලේ අඩංගු විය යුතු බොහෝ දේවල් එහි නැති බව අපි දන්නවා. ඒ පොතේ අඩංගු නොවන කටයුතු ගැනයි රනිල් වික්‍රමසිංහ මහතාගේ වගකීම තිබෙන්නේ. ආණ්ඩුවක් කරද්දි යම් යම් සාධනීය කරන්න ඕනා. ඒවා කරනවා වගේම නිශේෂධ දේවල් නොකිරීමේ වගකීමක් තිබෙනවා. ඒවා කළේ නැද්ද? කළා. ඔක්තෝබර් 26 වැනි දා කුමන්ත්‍රණයක් එනකොට ඊට සමාජ පසුබිම සැකසීම ගැනත් සලකා බැලිය යුතුයි. මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ උවමනාවන් කරන්න ක්‍රියාවලියට පය තිබ්බ බව අපි දන්නවා. තමන්ගේ උවමනා නිසා මහින්ද රාජපක්ෂ එහි කොටස්කාරයෙක් වුණා කියලා අපි දන්නවා. ප්‍රධාන රංගන ශිල්පීන් දෙදෙනාට එරෙහිව ලොකු ජනමතයක් හැදිලා තියෙනවා. එවැනි රංගනයක් කරන්න අවශ්‍ය වේදිකා හැඩතල සහ පසුබිම නිර්මාණය කළේ කවුද?  කිසිසේත්ම එම ක්‍රියාවලිය සාධාරණීකරණය කිරීමක් නෙමෙයි මම කරන්නේ. නමුත් අපි තේරුම් ගත යුතුව තිබෙනවා පසුබිම නිර්මාණය වුණේ කොහොමද කියලා. කුමන්ත්‍රණයේ ප්‍රධාන දෙදෙනා ඔවුන් දෙදෙනා වුණාට ඊට පසුබිම සකස් කිරීමේ කාරණයකුත් තිබ්බා. 


මාවෙයි සේනාධිරාජා - අයි ටී කේ ඒ පක්ෂය දෙමළ ජාතික පක්ෂය වෙනුවෙන් කෙටි ප්‍රකාශයක් කරන්න කැමතියි. 2018 නොවැම්බර් 26 වැනි දා ලිපියක් අපේ පක්ෂයේ සාමාජිකයන් අත්සන් කරලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට යැව්වා. මේ ලිපිය හැන්සාඩ් වාර්තාවේ පළ කරන ලෙස මම ඉල්ලා සිටිනවා. එම ලිපියේ අයී ටී කේ පක්ෂයේ ස්ථාවරය භාෂා තුනෙන්ම තිබෙනවා. එහි තිබෙනවා අපි රජයේ කොටසක් විදියට ඉන්නේ නෑ කියලා. අපි විපක්ෂයේ කටයුතු කරන බව එහි තිබෙනවා.  


මංගල සමරවීර - රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙයි විශ්වාසය ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව මම ස්ථිර කරනවා. 48 සිට අපේ රට විවිධ දේශපාලන අර්බුද වලට මුහුණ දීලා තිබෙනවා. අපේ රටේ නායකයන් දෙදෙනක් ඝාතනය කළා. හැට දෙකේ හමුදා කුමන්ත්‍රණය වගේම ඉන් පසු දකුණේ තරුණ කැරලි දෙකක් තිබුණා. ඉන් පසු යුද්ධය පැවතුනා. ඔක්තෝබර් 26 වැනි දා සිදු වුණා වගේ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක් වෙලා නෑ. ඔක්තෝබර් 26 වැනි දා ශ්‍රී ලංකාවේ කළු සිකුරාදා ලෙස නම් කරාවි. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නීත්‍යනුකූල අගමැතිවරයා සහ නීත්‍යනුකූල ඇමැති මණ්ඩලය නීති විරෝධී ලෙස අයින් කළා. ඒ තත්ත්වය නිසා රට මේ වන විට විනාශයේ දොරකඩට ඇවිත් තියෙන්නේ. 

මම දැක්කා අපේ ජනාධිපතිතුමා. මොකද අපියි එතුමා දිනෙව්වේ. දකුණෙන් මාතර දිනවලා දුන්නා. ජනාධිපතිතුමා ශ්‍රීලනිප සම්මේලනයකට ගිහින් කිව්වා ජර්මනියේ ආණ්ඩුවක් නැතිව මාස ගණනක් තිබ්බා කියලා. මෙය සම්පූර්ණ අසත්‍යක්. ජර්මනියේ මහ මැතිවරණ්‍යක් තිබ්බා. කිසිම පක්ෂයකට එහින් බහුතරයක් ලැබුණේ නෑ. මෙයාලා මාස ගණනක් බහුතරය හදාගන්න විවිධ පක්ෂ සමඟ සාකච්ඡා තිබ්බ එක ඇත්ත. නමුත් ඒ හැම මොහොතකම ආණ්ඩුවක් තිබ්බා. ඇන්ජලා මර්කස් හා කැබිනට් මණ්ඩලය දිගටම පවත්වාගෙන නෑ. ස්වීඩනයේ තවමත් මහ මැතිවරණයෙන් පස්සේ ස්ථාවර රජයක් නැති වුණත් හිටපු අගමැතිවරයා හා ඇමැති මණ්ඩලය දිගටම කටයුතු කරනවා. 
 
රටට විනාඩියකටවත් නායකයෙක් නැතිව නොසිටින්නට ජර්මන් පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ගේනවා නම් විශ්වාස භංගය පැරදුණොත් එන නායකයාගේ නමත්. එකෙන් පිළිගන්නවා කිසිම රටකට දවසක් නෙමෙයි පැයක්වත් ආණ්ඩුවක් නැතිව නොතිබිය යුතුයි කියලා. මේ වනකොට සති හයක් තිස්සේ ආණ්ඩුවක් නොමැති වීමේ ඵල විපාක දැනටමත් අපට පේන්න පටං අරගෙන තියෙනවා. 
 
2015 ජනවාරි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් වෙද්දි එජාපයට මන්ත්‍රීවරුන් 48ක් පමණක් තිබ්බත් ඒ කාලේ ඉදිරිපත් පළමු අයවැයට තුනෙන් දෙකටත් වඩා වැඩි ඡන්ද ලැබුණා. ඒ කාලේ 19 වැනි සංශෝධනය ඉදිරිපත් කළා. ඒකට ඡන්ද තුනෙන් දෙකකටත් වඩා ලැබුණා. දිගින් දිගටම ස්ථාවර ශක්තිමත් රජයක් තිබ්බා. මේ අවුරුද්දේ රනිල් වික්‍රමසිංහ අගමැතිට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. එය නීත්‍යනුකූල ක්‍රමයක්. ඒ විශ්වාස භංගයට පක්ෂව ඡන්ද ලැබුණේ 76යි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වෙනුවෙන් ඡන්ද 122ක් ලබාගෙන අපි එය පරාජයට පත් කළා. 2015 ජනවාරි මාසේ අට වැනි දා තෙක් 2018 ඔක්තෝබර් 26 වැනි දා තෙක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට පුළුවන් වුණා ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යන්න. 

රට තුළ ජත්‍යන්තර පරීක්ෂණයක් වලක්වන්නත් අපි ක්‍රියාමාර්ග ගත්තා. 2015 සිට අපිට කළ සියලුම දේ ඇති ලියැවිල්ලක් මම සභාගත කරනවා. සමහරු කියනවා එයා ජීඑස්පී ප්ලස් දිනා ගත්තා කියලා. එයා දන්නේ නෑ ජී එස්පී ප්ලස් ලැබුණේ කොහොමද කියලවත්.
 
එදා බැරක් ඔබාමා ශ්‍රී ලංකාවට කිව්වේ ගුඩ් නිවුස් කන්ට්‍රි කියලා. ප්‍රජාතන්ත්‍රවාදය වැඩියෙන් ස්ථාපිත කළ රට කියලා. ඒ නිසයි අපට සහන රැසක් ලැබුණේ. 
 
2013 වසරේ රජයේ ආදායම මිලියන 1132ක් වුණා. ණය වාරීක ගෙවීම 1163යි. ආදායමට වඩා ණය ගෙවන්න තිබ්බා. විදේශ ජංගම ගිණුමේ 3.4 හිඟයක් පැවතුණා. ද්විත්ව හිඟය නිසා ආර්ථිකය අඩපන වෙලා තිබ්බා. අපනයන අංශය කඩා වැටෙමින් තිබුණා. අපි රජය භාර ගත්තට පස්සේ 2017 වසර තමයි වැඩියෙන්ම අපනය කළ වර්ෂය වුණේ.  2018 වන විට රාජ්‍ය ආදායම සියයට 15.6කින් වැඩි කරන්න හැකි වුණා. රාජපක්ෂ යුගයේ ණයක් තිබෙනවා ඩොලර් බිලියනයක ණයක්. මේ ණය ගෙවන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. ඒ සඳහා රටේ නීත්‍යනුකූල අගමැතිවරයෙක් සහ ඇමැති මණ්ඩලයක් අවශ්‍යයි. 

නීත්‍යනුකූල රජයක් නොමැති නිසා දෙසැම්බර් 31න් පස්සේ රටේ පඩි ගෙවන්න, ෆෙන්ෂන් ගෙවන්න ක්‍රමයක් නෑ. 148 වගන්තිය අනුව රාජ්‍ය මූල්‍ය පාලනය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මේ වෙනකම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පිළිගන්න පුලුවන් ආණ්ඩුවක් පත් කරලා නෑ.  අපි ජනාධිතිවරයාගෙන් ඉල්ලන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අද හවස් වන විට අගමැතිවරයා ලෙස පත් කරන ලෙසයි. 


සජිත් ප්‍රේමදාස - අද වන විට මුලු රටම අකර්මන්‍ය වෙලා. එකම තැන පල් වෙන රටක් බවට පත් වෙලා. මේ තත්ත්වයට පත් වුණේ කොහොමද? ඔක්තෝබර 26 වැනි දා අපේ රටේ පැවතුණු නිත්‍යනුකූල අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ ඇමැති මණ්ඩලය නීති විරෝධීව, ව්‍යවස්ථා විරෝධීව බලහත්කාරයෙන් තනි මතයට ඉවත් කරලා නීති විරෝධී අගමැතිවරයෙක් ප්‍රමුඛ ඇමැතිමණ්ඩලයක් සමග ඊනියා නිල නොවන ආණ්ඩුවක් පත් කළා. කෙටියෙන් කියනවා නම් පාර්ලිමේන්තුවේ 113ක් සහ ඊට වැඩි ප්‍රමාණයක් සිටි අගමැති ඉවත් කරලා 85ක් 90ක් වත් නැති පුද්ගලයකු අගමැතිවරයා ලෙස පත් කර මේ මහා ව්‍යයසනකාරී තත්ත්වය රටේ නිර්මාණය කළා.
 
අගමැතිවරයකු ඉවත් කරනවා නම් ඉවත් කරන ක්‍රම කිහිපයක් තිබෙනවා. එක්කෝ ඉල්ලා අස්වෙන්න ඕනා. එක්කෝ මන්ත්‍රීකම නැතිවෙන්න ඕනා. විශ්වාස භංග යෝජනාවකින් පරාජය වෙන්න ඕනා. නැතිනම් අයවැය දෙවතාවක් පරාජය වෙන්න ඕනා. මෙන්න මේ අවස්ථාවලදී පමණයි ව්‍යවස්ථානුකූලව අගමැතිවරයකු ඉවත් කරන්න පුලුවන්. නමුත් හිතුවක්කාර කමට, රටේ ජනතාව පැත්තකට වීසි කරලා මමත්වය රජකරවමින් තමන් ගැන හිතලා මේ බලහත්කාරී තීන්දුව ගැනීම තුල අද මුලු රටම මහා අති භයංකාර තත්ත්වයකට ගෙනවැත් තිබෙනවා.
 
නීත්‍යනුකූල නොවන ආකාරයට, ව්‍යවස්ථා විරෝධීව නිල නොවන අගමැතිවරයෙක් පත් කළා පමණක් නොවෙයි, වෙනමම පාර්ලිමේන්තුවට විරාමයකුත් දුන්නා 113 නැති නිසා 113 හදා ගන්න. නමුත් විවිධ වරදාන වරප්‍රසාද අපේ ප්‍රගතිශීලී මන්ත්‍රී මණ්ඩලයට ලබා දෙන්න උත්සාහ කළත් මේ මන්ත්‍රී මණ්ඩලය තමන්ගේ ආත්මය පාවලා දුන්නේ නෑ. නීත්‍යනුකූල අගමැතිවරයකු ප්‍රමුඛ නිල නොවන ආණ්ඩුවක් පත් කර ගත්තා. ප්‍රතිපක්ෂයේ අපි මොකක්ද කළේ? අපි පාර්ලිමේන්තුව රැස්වුණු අවස්ථාවන් ගණනාවකදී අපි පෙන්වලා දුන්නා බහුතරය තියෙන්නේ නිල නොවන ආණ්ඩුවට නොවෙයි, බහුතර තිබෙන්නේ බලහත්කාරයෙන් ඉවත් කරපු අපේ පාර්ශ්වයට කියලා. විශ්වාස භංග යෝජනා දෙකකදී ඔප්පු කළා.  අනිත් ඡන්ද තියද්දි කිව්වානේ ඉලෙට්‍රෝනික් ක්‍රමයට ඕනා කියලා. ඉලෙට්‍රෝනික් ක්‍රමයටත් පෙන්නුවා, නැගිටලත් පෙන්නුවා. පෙන්වන්න පුලුවන් හැම ක්‍රමයකටම පෙන්නුවා. 

විවිධ දේවල් කරලා 113 හදා ගන්න බැරිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. මොන නීති කණ්ඩායමද පාර්ලිමේන්තුව විසිරුවාලීමේ උපදෙස් ලබා දුන්නේ මොන නීති විශාරදයද කියලා මම දැනගන්න කැමතියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිහා බලන්නේ නැතිව එම වැරදි තීන්දුව ගත්තා. ඊට එරෙහිව නඩුව විභාග කරලා අවසන්. දැන් තීන්දුව දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසා මම ඒ ගැන වැඩිදුර කතා කරන්න යන්නේ නෑ.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ රටක තිබෙන උත්තරීතර නීතිය. උත්තරීතර නීතිය රැකගන්න සහ ආරක්ෂා කරන්න අපි සියලුම දෙනා බැඳිලා තිබෙනවා. එය පුරවැසි වගකීමක්. එය අපි සියලු දෙනාගේම වගකීමක්.

මේ සභාවේ වැඩිම විශ්වාසය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාටයි කියන දේ මම කියන්න කැමතියි. මෙය සත්‍යක්. මෙය යතාර්ථයක්. සත්‍යයට ගරු කරලා ව්‍යවස්ථාවට ගරු කරලා එය අනුගමනය කරන්න අපි වග බලා ගන්න ඕනා. නිත්‍යනුකූල රජයක් නොතිබීම තුල අද රට අන්ත ප්‍රපාතයට වැටිලා. ජනතාව ඉමහත් අසරණ භාවට පත් වෙලා. සංවර්ධනය ඇනහිටලා. අපේ රටට ලැබෙන්න තිබෙන විදේශ ආධාර සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වෙලා. අද රටතුල සාමාන්‍ය ජනතාවට ඉඩම් බෙදෙන්නේ නෑ. ගෙවල් හැදෙන්නේ නෑ. වාරිමාර්ග සංවර්ධන ඇනහිටලා. ධීවර ප්‍රජාවට සහන නෑ. රාජ්‍ය සේවක ක්ෂේත්‍රය මුලුමනින්ම අසරණ වෙලා. රටට ලැබෙන්න තිබ්බ දේ හකුලාගෙන ගිහින්. 
 
අද අපේ රට කොච්චර කඩා වැටිලද කියනවා නම් අද පිළිකා රෝගීන්ටත් අත්‍යවශ්‍ය බෙහෙත් නැති වෙලා. අද ගම්උදාව නැවතිලා. ගම්පෙරළිය නතර වෙලා. ග්‍රාම රාජ්‍ය වැඩපිළිවෙල නතර වෙලා. එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා නැවතිලා. පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබා දෙන්නට අපහොසත් වෙලා තිබෙනවා. 
 
මම ඉතා ඕනෑකමින්, කරුණාවෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා තව දුරටත් ඔබතුමා බලා සිටින්නට එපා. ඔක්තෝබර් 26 වැනි දා සිට මේ ගත්තු ක්‍රියාමාර්ග තුළ ඒවායේ නීති විරෝධී ආකාරය මුලු රටම පිළිඅරගෙන තිබෙනවා. ඒ නිසා මේ සභාගර්භය තුල සිට මම ඉල්ලා සිටිනවා. දැන්වත් අපේ මාතෘ භූමිය ගොඩගන්නට මේ සභාවේ උපරිම විශ්වාසය තිබෙන රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ අගමැතිතුමා ලෙස පත් කරන්න කියා මම ඉල්ලා සිටිනවා. 

 


කතානායක - අද දින න්‍යායපත්‍රයේ කටයුතු. විශ්වාස පළ කිරීමේ යෝජනාව.
 
සජිත් ප්‍රේමදාස - රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ලෙස කටයුතු කිරීමට විශ්වාසය උපරිමයෙන් ඇති බව මෙම සභාව යෝජනා ස්ථිර කරයි. (යෝජනාව කියවයි.)

 


ලක්ෂ්මන් කිරිඇල්ල - එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවට සහභාගී නොවන බවත්, ඊට හේතුව මෙය නිල පාර්ලිමේන්තුවක් නොවීම බවත් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරලා තියෙනවා. (පුවත්පත් ප්‍රවෘත්තිය කියයි) ඔබතුමාට විරුද්ධව අධිකරණයේ නඩුවක් දාලා තිබෙන බවත් තිබෙනවා. ඔබතුමාගේ ක්‍රියාමාර්ග අධිකරණය පිළිඅරගෙන තිබෙනවා. ගරු අනුර බණ්ඩාරනායක මැතිතුමා දුන්නු තීන්දු අනුව පාර්ලිමේන්තුවේ කටයුතු කිසිදු තැනක අභියෝග කරන්න බෑ. පුවත්පත්වල අයටත් කියනවා පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ දැනගෙන ඉන්න ඕනා. කතානායකගේ තීරණය කිසිම තැනක අභියෝගයට ලක් කරන්න බෑ. බන්දුල ගුණවර්ධන මහතා කියා තිබෙනවා පාර්ලිමේන්තු එන්නේ නෑ කියලා. ඔවුන් එන්නේ නැත්තේ ඔවුන්ට සිටින පිරිස කීයද කියලා හෙළිවෙන නිසයි.


සෙංකෝලය තැම්පත් කර කතානායකවරයා මූලාසනාරූඪ වීමෙන් පසු පාර්ලිමේන්තුවේ කටයුතු ඇරැඹිණි.


සුජිත් හේවාජුලිගේ

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරිමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට අද (12) පස්වරු 1.30 ට ඉදිරිපත් කිරිමට නියමිතය.

යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායක සජිත් ප්‍රේමදාස මහතා විසිනි.

විවාදයකින් තොරව යෝජනාව සම්මත කර ගැනීමට නියමිතව ඇතැයි එක්සත් ජාතික පෙරමුණු ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (9)

රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

sampath Wednesday, 12 December 2018 08:12 AM

කෝ 113

:       0       0

sirimal Wednesday, 12 December 2018 08:24 AM

මේක දැන් හරියට තනියෙම දුවන රේස් එකක් වගේ වෙලානේ.

:       0       3

ranil Wednesday, 12 December 2018 09:06 AM

ඒගොල්ලෝම යෝජනා කරගන්නවා ඒගොල්ලෝම ස්ථිර කරගන්නවා. පුදුම වැඩේ නේද?

:       0       20

De silva Wednesday, 12 December 2018 09:52 AM

එය එසේම විය යුතුයි.

:       0       0

Dissanayaka Wednesday, 12 December 2018 10:23 AM

රටේත් සියලු ජනතාවගේත් අවාසනාව...

:       0       15

මුනසිංහ Wednesday, 12 December 2018 02:40 PM

සජිත් තමන්ගේ වල තමන්ම කපාගත්තා වගෙයි.

:       0       11

Bamunuarachchi Wednesday, 12 December 2018 05:23 PM

මේක මහා විහිළු කතාවක්නේ ඕගොල්ලොම එකතුවෙලා තමන්ගේ කෙනාට විශ්වාසය පළකරනවා. මොකද විශ්වාසය නැහැ කීවොත් ඔක්කොමලා ගෙදර. ඕකට තමයි කියන්නේ කපන්න බැරි ඇත ඉඹිනවා කියලා. මහජන ඡන්දෙකට ගිහිල්ලා බලන්න රටේ ජනතාවගේ විශ්වාසය කොහොමද කියලා.

:       0       15

Sathyayaa Saturday, 15 December 2018 10:56 AM

තමන්ගේ පක්ෂය වෙනුවෙන් ජීවිත දුන්න ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන් වෙනුවෙන් ජ.වී.පෙ වර්තමාන නායකත්වය අද දින කළ නොමැකෙන ගෞරවයට අපේ උපහාරය.

:       0       0

Sathyayaa Sunday, 16 December 2018 02:22 AM

"සියලුම ජනවර්ගවලට ජීවත් විය හැකි පරිසරයක් ගොඩනනගන බව……" ඒකෙන් කියවෙන්නේ මෙතෙක් රට කරපු මොනම ආණ්ඩුවකින් වත් සියලුම ජනවර්ග වලට සහයෝගයෙන් ඉන්න ක්‍රමයක් හදා දී නැති බවක් නේද? බලන් යන කොට එජාපයේ ප්‍රබලයෙක්ව විධායක ජනාධිපති ධුරයේ සිටි ජේ ආර් ජයවර්ධනවත් මොනවත් කරලා නැහැනේ.

:       0       8

ඔබේ අදහස් එවන්න

topnews

ඇමැතිවරුන් රැසකගේ නිවාස ගිනි බත්
2022 මැයි මස 09 20064 0

රජයේ අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසකගේ නිවාසටවලට ප්‍රහාර එල්ල කරමින් ගිනි තබන බවට වාර්තා වෙයි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 346 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site