IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මන්ත්‍රීන් ඇවිත් නෑ - ව්‍යවස්ථා සභාව විනාඩි 4 යි

 

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පෙරවරුවේ පැවැති ව්‍යවස්ථා සභා රැස්වීම විනාඩි හතරකින් අවසන් කෙරිණි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ කල්තබන ලද විවාදය ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර එම විවාදයේ කථික ලැයිස්තුවට ඇතුළත් වූ කිසිදු මන්ත‍්‍රීවරයකු පැමිණි නොසිටියෙන් රැස්වීමේ කටයුතු අවසන් කිරීමට ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය මහතාට සිදුවිය.පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ වී පෙරවරු 11.28 දක්වා පැවැති අතර ඉන්පසු මද වේලාවකින් පෙරවරු 11.30 ට කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් ව්‍යවස්ථා සභාව රැස්විය.

එහිදී සභාපතිවරයා විවාදය ආරම්භ කිරීම සඳහා ප‍්‍රථමයෙන් ඒකාබද්ධ විපක්ෂයේ එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ නම ප‍්‍රකාශ කළ අතර ඔහු නොසිටි බැවින් අනෙකුත් කථිකයින්ට පිළිවෙළින් ආරාධනා කළේය.

එහෙත් සභාපතිවරයා නම් සඳහන් කළ ආණ්ඩු පක්ෂයේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේද කිසිඳු මන්ත‍්‍රීවරයකු සභා ගැබ තුළ නොවිණි.

සභාපතිවරයා සඳහන් කළ කථිකයින් අතර එස්.එම්. චන්ද්‍රසේන, මයන්ත දිසානායක, රවින්ද්‍ර සමරවීර, අනෝමා ගමගේ, චතුර සේනාරත්න, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, ලකී ජයවර්ධන, වජිර අබේවර්ධන සහ අමිර් අලි යන මහත්ම මහත්මීහු වූහ.

මෙම විවාදය ඊයෙ පෙරවරු 11.30 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබිණි.



අදහස් (13)

මන්ත්‍රීන් ඇවිත් නෑ - ව්‍යවස්ථා සභාව විනාඩි 4 යි

ලසන්ත Tuesday, 12 December 2017 04:06 AM

පේනවානේද, රටේ මුලික නීතිය සකස් කිරීම ගැන මේ අයගේ තියෙන උනන්දුව? මේ අය ඔතනට යැව්වේ ඇයි කියලා, හැමදාම උදේට මතක් කරන්න ක්‍රමයක් කවුරුහරි හැදුවොත් නරකද?

:       5       188

sachith Tuesday, 12 December 2017 04:27 AM

ඔන්න පේනවා නේද මෙයාලට අපේ රට දියුණු කරන්න තියෙන උනන්දුව. තව තවත් මෙයලටම ඡන්දෙ දීල රටේ අනාගතේ දීප්තිමත් කරමු.

:       2       118

Perakum Tuesday, 12 December 2017 04:31 AM

දේශපාලුවන්ගේ අවශ්‍යතාවයන් සඵල වී ඇති බැවින් තව දුරටත් රැස්වීමේ අවශ්‍යතාවයක් නැතුව ඇති.

:       2       83

RD Tuesday, 12 December 2017 04:47 AM

ප්‍රශ්න කතා කරන්න අවස්ථාව ලැබුණාම එන්නේ නැහැ හැබැයි වර්ජන කරන්න ඉන්නේ. පුදුම රටක්.

:       2       88

දිලාන් Tuesday, 12 December 2017 04:59 AM

ඕකට සහභාගි වුනා කියලා කරන දේකුත් නැහැනේ.

:       6       64

nimal Tuesday, 12 December 2017 05:20 AM

ඔන්න අපි ඡන්දෙ දීල අපිට සේවය කරන්න ඇරපු කට්ටියගේ තරම. අයෙත් යවනවද?

:       4       51

මමහින්ද Tuesday, 12 December 2017 05:21 AM

අනේ අපේ සල්ලි...

:       0       10

keerthi Tuesday, 12 December 2017 05:48 AM

දැන් ඕනෑම ආයතනයක ..සේවා ස්ථානයක පැමිණීමේ ලේකනය අත්සන් කරන්න ඕන......නැත්නම් ඇඟිලි සලකුණු තියන්න ඕන ...රටේ ලොකුම තැන ඒවා නෑ.පුදුම අවාසනාවක් මේක .එහෙනම් අනිත් සියලුම ආයතනවල ඒවා අයින් කරන්න ....HR එකක් නැත්තේ ඇයි පාර්ලිමේන්තුවේ ..කාටද පැනීම නොපැමිණීම සම්බන්දව වග කියන්නේ ...

:       0       135

RaveendraTuesday, 12 December 2017 07:59 AM

ඔබගේ අදහස් වලට අප ගරු කරන්නෙමු. නමුත් ඒවා කිසිසේත්ම පිළිගනීමට නොහැක විශේෂයෙන්ම HR වැනි අංශයක් තිබිය යුත්තේ මනුස්සයන් සේවය කරන ස්ථානවල පමණි "අම්බරුවන් " ඉන්නා මඩ වගුරුවලට අදාල HR වැනි අංශයක් කිනම් හේතුවකට අවශ්‍ය වන්නේද ????

:       0       1313

sena Tuesday, 12 December 2017 06:15 AM

මොකටද මේ මිනිස්සුන්ට මහජන මුදල් නාස්ති කරන්නේ?

:       0       83

Raveendra Tuesday, 12 December 2017 07:42 AM

රටක තීන්දු තීරණ ගන්නා වැදගත් ස්ථානයක් වන මෙහි අදාල මහජන නියෝජිතයන් පැමිණ නැත.මේ වගේ " හිවල්ලුන්ද , බුරුවන්ද " ජනතාව විසින් තම නියෝජිතයන් ලෙස පත්කරගෙන ඇත්තේ ?????? මුන් සියල්ලෝම පිනට කෑමට සහ උපරිම වරප්ප්‍රසාද සහිතව සුපිරි ජිවිත ගත කරන්නේ රටේ ජනතාවගේ අහිංසක මුදල්වලින් නොවේද ???

:       0       1508

ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 12 December 2017 09:53 AM

ආවත් ඉතින් වැඩක් නැහනේ අඩුවට කාලා නිදි කිරලා කුණු හරපයක් දෙකක් කියලා යනවනේ එන්නේ නැතුවම දිගට ගෙදර හිටිය නම් හොදයි..............

:       0       1116

Nuwan Tuesday, 12 December 2017 10:10 AM

මෙම සභාව ඇත්තේ කීප දෙනෙක් සහ ඔවුන්ගේ හිතෛශීන් අතලොස්සකගේ, ආර්ථික, මානසික හා කායික අවශ්‍යතා බහුතර ජනතාවගේ කෝපයට ලක් නොවන ලෙස සපුරලීම සදහා පමණි. ගෙඩිය කඩා ගෙන කන පින් ඇත්තෝ අපට ලෙලි විසිකරන විට එකිනෙකා පරයමින්, මරා ගනිමින් පොරකන උන්ට මේ වෙන සන්තැසිය ගැන කිසි නිනව්වක් නැත. ජාතිය, ආගම, පාසැල, පන්තිය, කුලය, ප්‍රදේශය වෙනුවන් අප බෙදී මරා ගන්නේද, වෛරයෙන්, ක්‍රෝධයෙන් හා විටෙක සීලයෙන්, සමාධියෙන්, හිස බිමට බරවී ඇති නිසාවෙන් මදක් ඉහල බැලු විට දැක මනා, අප රූකඩ මෙන් නටවන අත් අපට නොපෙනේ.

:       0       1522

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 4387 2

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 3198 30

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3364 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2115 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5673 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4068 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site