
(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ මවක් අද (03) සවස සිය දරුවන් තිදෙනා සමග ළිඳට පැනීමෙන් පසුව මව බේරාගෙන ඇති අතර දරුවන් තිදෙනා මිය ගොස් ඇතයි සැකකෙරෙන බවටත් එක් දරුවෙකුගේ සිරුරක් ගොඩගත් බවට කිලිනොච්චිය ධර්ම පුරම් පොලීසිය පවසයි.
කිලිනොච්චිය ඉරණමඩු පිල්ලයාර් කෝවිල අසල පිහිටි ළිඳකට අදාල මව දරුවන් තිදෙනා සමග පැන ඇති අතර ළිඳට පැනීමෙන් පසුව මව බේරාගන්නා ලෙසට කෑගැසීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් මව පමණක් බෙරාගෙන ඇති අතර දරුවන් තිදෙනා දියේ ගිලී ඇති බවට ප්‍රදේශවාසීණ් පැවසූහ.
එහිදී ලිඳතුල දියේ ගිලී අතුරුදහන්ව සිටි එක් දරුවෙකුගේ මළ සිරුරක් පමණක් මේ වන විට සොයාගෙන ඇති අතර අනෙක් දරුවන් දෙදෙනාගේ සිරුරු සෙවීම පොලීසිය හා ප්‍රදේශවාසීන් විසින් සිදුකරයි.
අදාල කාන්තාව සිය සැමිය සමග වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ කෝපයක් හේතුවෙන් සිය දරුවන් තිදෙනා රැගෙන අසල කෝවිලේ තිබූ ළිඳට පැන ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පවසා ඇත.
මෙලෙස ළිඳට පැන ඇති දරුවන් අවුරුදු 02, 05 සහ 08 යන වයස්හි පසුවන බවටද අනාවරණය වී ඇත.
ළිඳට පැනීමෙන් පසු බේරාගත් මව බරපතල තත්වයෙන් මේ වන විට කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට පුතිකාර ලබන බවටද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය ධර්ම පුරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
අනිත් අයගේ ජීවිත පිළිබඳ තීරණ ගන්න කිසිම කෙනෙකුට අයිතියක් නැත.. පව් අසරණ ළමයි..
එකත් එකටම ක්ෂුද්‍ර මූල්‍ය ණය මුදලක් මෙයා ගන්න ඇති. මිනිහා එපැයි ගෙවන්න. ණය එකතු කරන මහත්තයා වාඩිවෙලා ඉන්න ඇති ණය වාරිකය දෙනතුරු, ආරාවුල දුර දිග ගියා.. ඕවා උතුරෙ සුලබයි, දකුණෙත් වීමට ආසන්නයි.
ඉතාම කණගාටුදායක පුවතක්. පව් අසරණ දරුවන්.. දෙමාපියන්ගේ "නූගත්" හැලහැප්පිලි නිසා වන්දි ගෙවන්නේ අසරණ දරුවන් වීම කොතරම් ඛේදජනකද..?
සිද්ධිය ගැන කණගාටුයි. ක්ෂණික කෝපය පාලනය කරගැනීමට නොහැකිව සිදුකරගත් විපතක්... එක තරහකට ළිඳට පැන්නත්, මාරයා ඉදිරියේ අසරණ නොවෙන කෙනෙකු මිහිපිට නැති බව පෙනෙනවා. මාරයා අභිමුව අසරණව ජීවිතය යදිනවා. මෙන්න මෙය තමයි සත්‍යය. ඒත්, නිරපරාදේ අසරණ දරුවන්ගේ ජීවිත විනාශවීම තමයි තියෙන දුක. කෝ මේ උතුරේ ජාතිවාදය අවුස්සන ද්‍රවිඩ දේශපාලකයන්...? ස්වයංපාලන අයිතිය, වෙනම රාජ්‍ය ගන්න පමණක් සටන් කරනවා. ඒත්, මේ අසරණ මිනිසුන් මේවාට ගොදුරුවන හේතු සොයාබලන්න කෙනෙකු නැහැ. ඔවුන්ගේ ජීවන තත්වය නඟා සිටුවන්න කෙරෙනා වැඩපිළිවෙළක් ගැන කෙරෙනා කතාවක්, උත්සාහයක් නැහැ. ඔවුන්ගේ ඡන්ද ටිකට තමයි සියලුම උප්පරවැට්ටි. බලාගෙන ගියාම සිංහල, දෙමළ, මුස්ලිම් බොහෝ දේශපාලකයන් එක වල්ලේ පොල් වගෙයි. එකම අරමුණ කුමක් හෝ කොට ජනයා රවටා ඡන්ද ප්‍රතිශතය වැඩිකර ගැනීම තමයි. දේශපාලකයා වන්දනාමාන කරනා ඇතැම් පූජ්‍ය පක්ෂයද එසේමයි. කාමසුඛල්ලිකානු යෝගයෙන් නිවන් සුවය කරා යෑමේ නවතම ක්‍රියාදාමය තමයි ඔවුන් ක්‍රියාත්මක කරන්නේ. රට, ජාතිය රවටන ඔවුන් හා ඉහත කී දේශපාලකයන් අතර එතරම් වෙනසක් නැති බවයි පෙනී යන්නේ.. ලොව අන් රටවල සිටීද මෙවන් උදාර මිනිසුන්.. අම්මපා.. නැත්තේමයි.
ප්‍රදේශයේ ආගමික නායකයා මැදිහත් වුණා නම් ආරාවුල් විසඳීමට පුළුවන් බොහෝමයක් බෞද්ධ භික්ෂූන් බුදුන් දෙසූ දහම අතහැර දේශපාලනය කිරීමට පෙළඹෙනවා.