2021 මාර්තු මස 06 වන සෙනසුරාදා
2 2822
රාජ්‍ය තාන්ත්රිකත්වය යන්න අර්ථ දක්වා ඇති ආකාර රැසකි. ඒ අතරින් සමහරක් වෙත අවධානය යොමුකිරීම වටනේය. දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍යයේ අගමැතිවරයාව සිටි වින්ස්ටන්ට් චර්චිල් පැවසුවේ රාජ්‍ය තාන්ත්රිකත්වය යනු කෙනකුට අපායට යන්නැයි කෝපයෙන් නොව, ඔහු එහි යන්නේ කෙසේදැයි මග අසන තරමට කියා සිටීමේ කලාව බවය.
0 3435
කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පසුගිය ජනවාරි 9 වැනිදා සිටියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාව සම්බන්ධ කරගැනීමට දැඩි උත්සාහයක් දරමිනි. අගමැතිවරයා ඒ වන විට සිටියේ ඔහුගේ ඡන්ද බල ප්‍රදේශය වන කුරුණෑගල, ඡන්ද දායකයින් හමුවීමට ගොසිනි.
13 9962
යහපාලන රජය ආරම්භ වූ 2015 වසරේ සිටම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර වර්ධනය වන්නට ගත් විරසකයේ පදනම, දෙදෙනා අතර පැවැති පන්ති භේදයේ සිට භාෂාව නිසා හටගත් අදහස් හුවමාරු කරගැනීමේ බාධාවක් දක්වාම දිවගිය බව හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පවසයි. ඔහු මේ බව කීවේ සන්ඩේ ටයිම්ස් පත්‍රයේ දමිත් වික්‍රමසේකර මහතා සමඟ කළ සාකච්ඡාවකදීය.
5 2321
මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ ජනපතිවරයා ලෙස තෝරාගෙන යන්තම් මාස 4 ක ඇවෑමෙන් එළැඹි 2015 අප්‍රේල් මස 28 වන දින, 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 215 දෙනෙකුගේ ඡන්දයෙන් සම්මත කර ගැනිණ. එම අවස්ථාවේ, එක් අයෙක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර, තවත් අයෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. ඡන්දය විමසන අවස්ථාවේ හත් දෙනෙක් සභා ගර්භයේ නොසිටියහ.
2 4994
යුද සේවයේ නියුක්තව සිට දේශපාලන ක්ෂේත්රයට පිවිසි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුරා මාස 10කට ආසන්න කාලයක් අඩු කරන ලද විධායක බලයක් ඇතිව රට පාලනය කළේ නම්, එම තත්ත්වය තවත් සති කිහිපයකින් වෙනස්වීමට නියමිතය.
5 20532
සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියේ සිය ළගම හිතවතුන් සමග මූලෝපායික මට්ටමේ සැසියක් පැවැත්වූයේය. පිරිස හමුවූයේ කොළඹ පිහිනුම් ක්‍රීඩා සමාජ ශාලාවේදීය.
5 29434
ලබන අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සදහා අපේක්ෂකයින් ඉදිරිපත් කරන දේශපාලන පක්ෂ, නව මැතිවරණ නීති ප්‍රකාරව අනුගමනය කළ යුතුව තිබෙන නව මාර්ගෝපදේශයන් සම්බන්ධයෙන් පසුගිය බදාදා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම දේශපාලන පක්ෂ දැනුවත් කළේ ය.
0 6911
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතුයැයි ප්‍රකාශයට පත්කළ යුත්තේ කවදාද යන්න අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය බදාදා රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් විමසා සිටියේය.
5 5631
එය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය පෙනෙන මානයේ තිබිය දී, පරාජයට පත්වූවාක් වැනි සිදුවීමක් විය.
5 4970
බෙදී වෙන්ව යෑමේ අවදානමක් හමුවේ තිබෙන එක්සත් ජාතික පක්ෂයේ එකිනෙකා නුරුස්සන නායකයින්, ප්‍රධාන විපක්ෂය වුව ඉතාම දුර්වල මට්ටමක පවතින පක්ෂයෙහිම තවදුරටත් රැඳී සිටිනු වස් ඉතා අවධාරණාත්මක අයුරින් එකිනෙකා හා සාකච්ඡා කරමින් සිටින්නේ ය.
3 4703
රන්ජන් රාමනායක මහතාගේ හඬපට සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා දීර්ඝ අදහස් දැක්වීමක නිරත විය. රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය මේ වන විට අත්හිටුවා තිබේ.
5 2532
පසුගිය බ්‍රහස්පතින්දා පැවැති පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ගැටුම් සහ වියවුල් මධ්‍යයේ අවසන් වූයේ මෙරට පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දෙකඩවී යාමේ අවදානමක් ඇතිකරමිනි.
0 1174
එකිනෙකා හා එදිරිවාදී මෙන්ම දැඩි ස්වභාවයකින් පැවැති කොළඹ සහ බර්න් නුවර අතර සබදතා වඩාත් යහපත් ස්වභාවයකට ගෙන ආවේ කොළඹට පැමිණි ස්විට්සර්ලන්ත විශේෂ දූතයා වන, හිටපු ස්විස් තානාපති ජෝර්ග් ෆ්රිඩෙන්ය.
6 2850
කොළඹ ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක පැහැරගැනීමකට ලක්විනැයි යන සිදුවීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාවලියක් අනුගමනය කිරීමෙහි ලා ශ්‍රී ලංකාවේ බලධරයින්ට කැපවීමක් නොමැත යැයි අභියෝග කිරීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තය ප්‍රසිද්ධියේ කණගාටුව ප්‍රකාශ කර ඇත.
0 2123
අන්තර්ජාතික තලය සැළකීමේ දී, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මිශ්‍ර ප්රතිචාරයන් හදුනාගත හැකි වුවත් ඉහළ මට්ටමේ ප්‍රසාදයක් සහ පිළිගැනීමක් දිනාගෙන තිබෙන ආකාරයක් ද හඳුනාගත හැකිය.
10 23841
ජනපතිධූරය හෙබවීමට වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගත් අති දැවැන්ත ජන වරමින් පැහැදිළි වූයේ වෙනකක් නොවේ. රටේ ජනතාව එතෙක් පැවති යහපාලන රජය කෙරේ, පොරොන්දු පිට පොරොන්දු දී පසුව හාත්පසින්ම වෙනස් මගක් අනුගමනය කරමින් ජනතාව මත එකක් පසුපස එකක් බර පටවන්නට ගත්, දරමින් සිටි ආකල්පය කෙරේ දැක්වූ ප්රතිචාරයයි.
9 6336
මාසයක පමණ කාලයක් තිස්සේ දිගහැරෙමින් තිබෙන ස්විස් නාටකය හමුවේ ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව ඉදිරියට හෝ පිටුපසට යා නොහැකිව සිරව සිටින සෙයකි.
9 10033
මුළු මහත් ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව කෙරේ දිනාගැනීමට සමත් වූ ශ්‍රී ලාංකිකයන් වේ නම් ඒ අතලොස්සකි. නමුත් ශ්‍රී ලංකාව තවත් රටක් හා මුහුණට මුහුණ මානයේ පවතින ගැටුමකට ළං කරවීමට සමත් වූ අයෙක් මේ දක්වාම ඔවුන් අතර නොසිටියේය. එහි ගෞරවය ඇතැම් විට හිමිවනු ඇත්තේ කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සහායක සංක්‍රමණික නිලධාරිනිය ලෙස සේවයේ නියුතු 34 වියැති ගාර්නියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියට විය හැක.
1 5498
නිල - නොනිල අතරමැදි මට්ටමක පැවැති රැස්වීමක දී, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පළමු වතාවට මෙරට තානාපති කාර්යාල ප්‍රධානීන් හමුවිය. බර්න් නුවර (ස්විට්සර්ලන්තය) සහ කොළඹ (ශ්‍රී ලංකාව) අතර මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක පැහැරගැනීමට ලක්වීයැයි අරබයා ඇවිලෙමින් තිබෙන ආන්දෝලනය මෙම රැස්වීමේ දී, සාකච්ඡාවට බඳුන්වුණු ප්‍රධාන කාරණය විය.
1 3540
කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා ජාතික කාර්යමණ්ඩල සාමාජිකාවක පැහැර ගැනීමකට ලක්ව ඇතැයි පළවූ වාර්තා අද වනවිට යන්තම් සති දෙකක් වයසැති නව රජය සසල කිරීමට සමත් විය. අන්තර්ජාතික වශයෙන් නිසැකවම නැගෙනු ඇති ප්‍රශ්නාර්ථ සහ දේශපාලනමය වශයෙන් අත්විය හැකි අවාසි සහගත තත්ත්වයන් යන කාරණා නිසාවෙන්ම මෙම සිදුවීම ඉතාම බරපතළය.
8 4545
ජනපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ඉරිදා සන්ධ්‍යාවේ කැඳවීමට නියමිව තිබූ රැස්වීමට පෙරාතුවම තවත් යමක් සිදුවෙමින් තිබිණ. ජයග්‍රහණය අබියස සිටින බව දන්නා හෙයින්ම රාජපක්ෂවරුන් තීරණය කර තිබුණේ නව රජයක් පත්කර ගැනීමටය.
1 3285
තෝරාගෙන තිබූ ස්ථානය ඓතිහාසික විය. ක්‍රිස්තු උපතට වසර 140 කට පමණ පෙර මෙරට යටත් කරගෙන සිටි චෝළ වංශික එළාර රජු පරදා ශ්‍රී ලංකාව එක්සේසත් කළ රජු ලෙස කිරුළු පළන් දුටුගැමුණු රජතුමා ඉදිකරන ලද රුවන්වැලි මහා සෑය අබිියස, හිරු එළියෙන් බැබලුනු ඉරිදා දින උදැෑසනක සියලුදෙනා එක්රැස්ව සිටියෝ ය.
5 2750
සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුව - 01 ප්රචණ්ඩත්වය සාපේක්ෂව අඩු මට්ටමක පැවැති නමුත් එකිනෙකා කෙරෙහි වෛරය සහ ද්වේෂය ඉහළම මට්ටමක පැවැති, එයටත් ඉහළින් සාවද්‍ය පුවත් ලෙස වෙනම ක්ෂේත්රයක තිඹිරිගෙය නිර්මාණය කළ දින 38 ක ජනපතිවරණය නිමාවට පත්විය. ශ්‍රී ලංකා පුරවැසියෝ පසුගියදා (16) මෙරට 8 වැනි ජනපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා ඔවුන්ගේ ඡන්දය භාවිතා කළහ.
0 134
සියලුදෙනා එකම මතයක නොසිටින බව පසුගිය අඟහරුවාදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට රැස්ව සිටි සිය ගණනක දෙනා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තේමා ගීතය වන ශ්‍රී ලංකා ස්වර්ණභූමියේ... ගායනා කිරීමට නැගී සිටි අවස්ථාවේ පැහැදිලි විය. ගීය අවසානයේ, වෙනදා මෙන් නොව අත්පොළසන් දුන්නේ කොටසක් පමණකි. එයින්ම කඩතුරාව බිමට ඇද හැලිණ.
0 162
යාපනය - මෙවර ජනපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනෙක් ඉදිරිපත්ව සිටිය ද, කලක් යුද්ධයෙන් බරපතළ ලෙසම බැට කෑ යාපනය අර්ධද්වීපයේ ජනතාවගේ අවධානය යොමුව තිබෙන්නේ අපේක්ෂකයින් දෙපළකට පමණකි. ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සංජිත් ප්‍රේමදාස මහතා ඔවුන් දෙපළය.
0 123
ජනපතිවරණයට තවත් දින 19ක් ගෙවෙන්නට ඉතිරිව තිබෙන තැන ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් දේශපාලඥයන්ට පවතින ආදරය මේ දිනවල ජනපතිවරණ වේදිකාවන්ගෙන් දෝරෙ ගලා යනු දැකගත හැකිය. එම වේදිකාවන්ගේ සිට ජනතාව අමතන ඔවුහු සෑම කෙනෙක්ම පාහේ කියමින් සිටින්නේ එකම දෙයකි. එනම් ප්රජාතන්ත්රවාදයට ඔවුන්ට තිබෙන ආදරය ගැනය. දූෂණයට ඔවුන්ගේ තිබෙන විරෝධය ගැනය. ව්‍යාධිවලින් තොර නව සමාජයක් ගැනීමට දෙන පොරොන්දු ගැනය.
20 12823
ලබන නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනපතිවරණයේ දී නිර්පාක්ෂික පිළිවෙතක් අනුගමනය කරන බවට ප්‍රතිඥා දී තිබෙන ජනපති සිරිසේන, ගෙවුණු සතියේ තමන් වෙනුවෙන් ආකර්ෂණීය සේවා පැකේජයක් දිනාගැනීමට සමත් විය. ඉරිදා (20) රාත්‍රියේ ජනපතිවරයා ජපානය බලා පිටත්ව යාමට සිටියේ ය.
5 5147
දේශපාලනයේ ඇත්ත - බොරුවට ද, බොරුව - ඇත්තට ද, මාරු කිරීමේ කලාව ගෝලීයව හඳුනාගත හැකි සංසිද්ධියකි. කිසියම් ව්‍යසනයක් සිදුවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන යම් දේශපාලනඥයෙක් සිය තනතුරින් ඉල්ලා අස්වීම අද ලෝකයේ අතිශය විරල සිදුවීමකි. මෙම දේශපාලන නාටකයන්ගේ හාස්‍යජනකම ජවනිකාව වන්නේ ජනතාව තමන් පවසා සිටින දෙය විශ්වාස කිරීම හෝ නොකිරීම නොසලකා, තමන් ගත් පියවර සාධාරණීකරණය කිරීමෙහි ලා ගෝනි ගණන් කරුණු ගෙනහැර දැක්වීමට දේශපාලනඥයින් කටයුතු කිරීමය.
6 6769
නොවැම්බර් මස 16 වැනිදාට යෙදී තියෙන ජනපතිවරණය අරබයා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් පුවත් මවන්නෙකුගේ භූමිකාවට පණ පොවමින් සිටී.
7 3250
ඉදිරියේ එන ජනපතිවරණය ඉලක්ක කරගනිමින් දේශපාලන පක්ෂ ලහිලහියේ සූදානම්වෙමින් සිටින අවස්ථාවක ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර මුහුණට මුහුණ හමුවක් සිදුවීමට නියමිතය.