සම්බන්ධන් - සුමන්තිරන් දෙදෙනාගේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම
හොඳ හෝ නරක වේවා, නිවැරදි හෝ වැරදි වේවා, ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා සමානව, සති තුනක් වැනි ඉතාම කෙටි කාලයක් ඇතුළත, මෙරට සමස්ත පුරවැසියාගේ ජීවිත ස්පර්ෂ කළ වෙනත් ජනපතිවරයකු, නිදහස ලැබීමෙන් පසු ශ්රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයෙන් සොයා ගන්නට පවා අපහසුය.