ඡන්දයෙන් පෙන්වූ උතුරු-නැගෙනහිර ජනතා හඬ
මැතිවරණය සඳහා දින නියමකර, නාම යෝජනාද බාර ගත් පසු, පාර්ලිමේන්තු මැතිවරණයක් කල් තැබුණු පළමු වර මෙවරය. කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් කල් තබන්නට සිදුව මාස 04 ට පසු පැවති මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ප්රතිඵල සතු හැඩ තල කිහිපයකි. පාර්ලිමේන්තු දේශපාලනයේ පැරණිම සාම්ප්රදායික පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය 1977 ජූලි මහ මැතිවරණයෙන් සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ දෙක අතුගෑවී ගිය අයුරුම, මේ මැතිවරණයෙන් අන්ත පරාජයට පත් විය.