(පද්මිණි මාතරගේ)
මෙම වර්ෂයේ ගත වූ මුල් මාස 6 තුළ ශ්‍රමිකයින් 95,908 දෙනෙකු රැකියා සඳහා විදේශ ගත වී ඇති අතර, ඉන් පිරිමි ශ්‍රමිකයින් ප්‍රමාණය 56,526ක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි.
එම ප්‍රමාණය විදේශ ගතවූ සමස්ත ප්‍රමාණයෙන් සියයට 59ක් බවත්, පිරිමි ශ්‍රමිකයින් වැඩිම ප්‍රමාණයක් විදේශ ගතවී ඇත්තේ කටාර් රාජ්‍යයට වන අතර එම ප්‍රමාණය 16,626ක් යැයි ද එම සංඛ්‍යා දත්ත සඳහන් කර සිටී.
මෙම 2019 වර්ෂයේ ජනවාරි සිට ජුනි දක්වා ගතවූ කාලය තුළ කාන්තාවන් 39,382 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර එය සමස්ත විදේශ ගතවීම්වලින් සියයට 41කි.
කාන්තාවන් වැඩිම ප්‍රමාණයක් රැකියා සඳහා ගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 14,948කි.
මෙම වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ කුවේට්හි රැකියා සඳහා ශ්‍රමිකයින් 20,601 දෙනෙකු ද, කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයින් 19,026 දෙනෙකු ද, එසේම සෞදි අරාබියෙහි රැකියා සඳහා ශ්‍රමිකයින් 16,747 දෙනෙකු ද පිටත්ව ගොස් ඇත.
විදේශ රටවල තානාපති කාර්යාල කම්කරු අංශ යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසවල රැඳී සිටි කාන්තාවන් 858 දෙනෙකු 2019 ජූලි 11 දින වෙන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත දිවයිනට ගෙන්වා ගෙන තිබේ.
ඉන් වැඩිම පිරිසක් දිවයිනට පැමිණ ඇත්තේ කුවේට් තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසයෙන් වන අතර එම ප්‍රමාණය 588කි. සිය ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් තවත් ශ්‍රමිකයෝ 146 දෙනෙක් එහි රැඳී සිටිති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගතවූ මාස හය තුළ පමණක් 96දාහක් රට රැකියාවලට ගිහින්