ආසන සංවිධායකයන් අලුතින්: සම සංවිධායක ධුර නැති කරයි
(අජන්ත කුමාර අගලකඩ සහ දයාසීලි ලියනගේ)
ලබන මස මුලදී සිදු කෙරෙන පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු රැසක වෙනස්කම් සිදුවීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අලුතින් පත් කිරීමටත් සංවිධායකවරුන් ඉවත් කර එක් ආසනයකට එක් සංවිධායකවරයකු බැගින් පමණක් පත් කිරීමටත් තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග කියයි.
දැනට සිටින දිස්ත්‍රික් සංවිධායකවරුන් ඉවත් කර ඉන් ක්‍රියාකාරි කිහිප දෙනකු දිස්ත්‍රික් කළමනාකරුවන් ලෙස පත් කරන බවත් ඔවුන්ට පක්ෂයේ වගකීම් කොටසක් පවරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සතියේ පැවැති ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවන නව සන්ධානයට විරුද්ධ කවුරුන් හෝ සිටින්නේ නම් ඔවුන්ට පක්ෂයෙන් ඉවත්වී යා හැකි බවද ජනාධිපතිවරයා එම රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට සිටින තාවකාලික නිලධාරි මණ්ඩලය වෙනුවට ස්ථිර නිලධාරි මණ්ඩලයක්ද ලබන මාසය තුළදී පත්කර ගැනීමට තීරණය කර ඇත.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මෛත්‍රී ශ්‍රීලනිපය ශුද්ධ කරයි