ජනපතිවරණය කැඳවීම ඔක්තෝබරයේ


මැතිවරණ කොමිසමේ සභාපති ජනපතිට-අගමැතිට දැනුම් දෙයි

 

(අජන්ත කුමාර අගලකඩ)  

ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය ලබන ඔක්තෝබර් මස 20 වැනිදා වනවිට නිකුත් කළ යුතුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද 
දේශප්‍රිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇතැයි වාර්තාවේ.  

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගිය සතියේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් හමුවී මේ බව දැනුම් දී ඇති බව ද දේශපාලන ආරංචිමාර්ග කියයි.  


ජනාධිපතිවරණ පනත අනුව ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කර සති දෙකකට නොඅඩු සහ සති තුනකට නොවැඩි කාලයක් තුළ නාමයෝජනා කැඳවිය යුතුවේ.  


නාමයෝජනා කැඳවීමේ දින සිට සති 5ත් සති 8ත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වේ.  


ඒ අනුව මීළඟ ජනාධිපතිවරණය ලබන දෙසැම්බර් මස 9 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතු බව දේශපාලන විශ්ලේෂකයේ පෙන්වා දෙති.  


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර ඇතත් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයක් කර නැත.