පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්


සුජිත් හේවාජූලිගේ


පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.

එකම කාරණයක් වෙනුවෙන් විවාද වැඩිම සංඛ්‍යාවක් පැවැත් වූ මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව පැවසේ. එම විවාද වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස් වූ දින 11 වෙනුවෙන් රුපියල් දහතුන් කෝටි විසි ලක්ෂයක පමණ මුදලක් වැයකර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙයට අමතරව එම ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ දී වරින් වරින් වර  ප්‍රශ්න සියයකට වැඩි සංඛ්‍යාවක් මතුකර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් එම විවාදය පවත්වා තිබුණේ 2019 මැයි 7, 2019 මැයි 8, 2019 මැයි 10, 2021 මාර්තු 10, 2021 මාර්තු 25, 2021 මාර්තු 26, 2021 අප්‍රේල් 7, 2021 අප්‍රේල් 8, 2021 අප්‍රේල් 9, 2023 සැප්තැම්බර් 21 සහ 2023 සැප්තැම්බර් 22 යන දිනවලදීය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් දින තුනක විවාදයක් ලබන 24, 25 සහ 26 දිනවල පැවැත්වීමට නියමිතය.
විවාද පැවැත්වුවත් පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් වින්දිතයන්ට සාධාරණයක් තවමත් ඉටුවී නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරැතුමෝ පසුගිය දා ප්‍රකාශ කළහ.