එස්.ටී.එෆ්. වෙඩි පහරට බලිවූ ඇමැතිගේ ‘පාතාල සුරතලා


පාතාල ලෝකයේ ප්‍රබලතම නායකයකු බවට සැලකෙන දඩල්ලගේ මංජු හෙවත් ඩී. මංජු නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායමක් සමග වත්තල ​පොළ භූමියේදී ඇති වූ ගැටුමක දී වෙඩිකා මියගියේ පසුගිය සිකුරාදා දහවල් කාලයේය.   


මත්ද්‍රව්‍ය ජාවාරමක් සඳහා ඩී. මංජු නමැත්තා සහ ඔහුගේ ​ගෝලයන් කිහිප දෙනෙක් වෑන් රථයකින් පෑලියගොඩ සිට මීගමුව දෙසට ගමන් කරන බවට ලැබුණු ඔත්තුවක් මත එම කල්ලිය කොටු කර ගැනීමට මෙහෙයුමක් ආරම්භ කළේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේය.   


​ෙපාලිස් විශේෂ කාර්ය බළකායට ලැබී තිබුණු ඔත්තුවකට අනුව මේ පාතාලයන් යමින් සිට ඇත්තේ මත්ද්‍රව්‍ය තොගයක් ගෙන ඒමටය.   


ලැබී තිබුණු මේ ඔත්තුවට අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායමක් ලුහුබැඳ ගියේ ඔවුන් කොටු කර ගැනීමටය.   


පාතාලයන් ගමන් ගත් වෑන් රථය වත්තල පොළ භූමියේ රථ ගාලේ නතර කළ අවස්ථාවේ පොලිස් කණ්ඩායම එහි ගොස් ඉදිරිපස අසුනේ සිටි පුද්ගලයන් අල්ලා බිමට බස්සවා ඇත.   


“වෑන් එකේ වෙන කවුරුත් නැද්ද?”   


අල්ලා ගත් දෙදෙනාගෙන් විමසූ විට ඔවුන් කියා ඇත්තේ ‘වෙන කවුරුවත් නැහැ සර්, අපි දෙන්නා විතරයි’ කියාය.   


ඒ පිළිතුරෙන් සෑහීමකට පත්වීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කිසිසේත් සූදානම් වූයේ නැත.   


වැටලීමට නායකත්වය දුන් ප්‍රධාන ​ෙපාලිස් පරීක්ෂක නදීක ද සිල්වා මහතා පසුපස දොර විවෘත කළේ වෑන් රථය සෝදිසි කිරීමටය.   


වෑන් රථයේ දොර විවෘත කරනවාත් සමගම ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක ද සිල්වා මහතාගේ ඇගේ ගැටී නොගැටී යන ලෙස කිසියම් වූ වෙඩි උණ්ඩයක් එක්වරම ඇදී ගියේ නොසිතූ විරු ලෙසය.   
ගිනි අවියකින් වෙඩි උණ්ඩයක් මුදා හැර තිබුණේ වෑන් රථයේ පිටුපස අසුණේ සිටි අයෙකි.   


ඒ සැණින් ක්‍රියාත්මක වූ වැටලීමට ගිය පොලිස් නිලධාරියෙක් ඔවුන් අතේ තිබූ රාජකාරි ගිනි අවියෙන් උණ්ඩයක් මුදාහැරියේ පොලිස් නිලධාරීන්ගේ ජීවිත අවදානම සැලකිල්ලට ගනිමින්ය.   


පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට වෙඩි තැබූ පුද්ගලයා ඒ වෙඩි පහරින් වෑන් රථය ඇතුළේම ඇද වැටුණේය.   


ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ජීවිතය බේරී තිබුණේ අනූනවයෙනි.   


වෙඩික්කරුගේ අත තිබූ ගිනි අවියෙන් ඔහු ඊළඟ ඉලක්කය ගැනීමට පෙර පොලිස් නිලධාරියෙක් ඉස්සර වී තිබිණ.   


තුවාල ලැබූ පුද්ගලයා කඩිනමින් රෝහලට ගෙන යාමට සූදානම් වුවත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව පොලිස් කණ්ඩායමට පෙනී ගියේය.   


මොහු ප්‍රබලතම පාතාල නායකයකු ලෙස සැලකෙන දඩල්ලගේ මංජු හෙවත් ඩී. මංජු නමැත්තා බවට හඳුනා ගැනිණ.   


අත්අඩංගුවට ගත් සගයන් දෙදෙනා වෑන් එකේ ​ෙවන කවුරුවත් නැහැ යැයි කියා ඇත්තේ තම නායකයා බේරා ගැනී​ෙම් අටියෙනි.   


පළාතටම මහත් හිසරදයක් වී සිටි පාතාල නායකයකුගේ ඉරණම විසඳුණේ එලෙසය.   


වෑන් රථයේ සිටිය දී අල්ලා ගැනුණේ වත්තල, හේකිත්තේ පදිංචි කමල් රංජිත් ප්‍රනාන්දු (50) සහ මුත්තු සෙල්වම් (37) නමැත්තෝය.  


අඳුරු පැහැති වීදුරු සහිත වෑන් රථය පරීක්ෂා කිරීමේදී එම්.එම්. 9 වර්ගයේ විදේශීය නිෂ්පාදිත පිස්තෝලයක් හා උණ්ඩ 6 ක් ද පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගැනිණ.  


පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර සහ සහකාර ​පොලිස් අධිකාරි ජී.පී. කොඩිතුවක්කු යන මහත්වරු ද එම ස්ථානයට පැමිණ තිබුණේ මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහාය.   


ඩී. මංජු නමැති ප්‍රබලතම පාතාල නායකයා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අැමැතිවරයකුගේ සමීපතම ගෝලයෙකි.   


ඔහු මේ ඇමැතිවරයා ළඟට එන්නට කලින් එක්සත් ජාතික පක්ෂයේම ඇමැතිවරයෙකු ළඟ කලක් සේවය කර ඇති බව බුද්ධි අංශ මගින් තහවුරු කර ගෙන ඇත.   


පාතාල නායකයකු බවට සැලකෙන ඩී. මංජු නමැත්තා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා කප්පම් ගැනී​ෙම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගැනීමට සොයන බව දැන ගත් ඇමැතිවරයා ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වී ඇත.   


පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.අාර්. ලතිෆ් මහතාට ඇමැතිවරයා කතා කර මංජු ගැන කියා ඔහු ඇල්ලීමෙන් වැළකී සිටින ලෙසට බලපෑම් කර ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත.   


එහෙත් මේ ඇමතිවරයාගේ කීම ගණන් නොගත් ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඩී. මංජු ඇල්ලීමේ මෙහෙයුම දිගටම කරගෙන යන ලෙසට සිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.   


ඩී. මංජු පමණක් තව තවත් පාතාල නායකයන් හා ඔවුන්ගේ ​​ගෝල බාලයන් ද අත් අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය මෙහෙයුම් කරන්නේ ඔවුන් මුළු සමාජයටම පිළිලයක් වී ඇති නිසාය.   


ඒ නිසා දේශපාලකයින්ගේ සුවච කීකරු ගෝලබාලයන් වී සිටියා යැයි කියා පාතාලයන් ඇල්ලීම නතර කිරීමට විශේෂ කාර්ය බළකාය කිසිසේත්ම සූදානම් නැත.   


​ෙද්ශපාලනඥයකුගෙන් බලපෑම එල්ල වී තිබියදීත් ඩී. මංජු කියන පාතාල ප්‍රබලයා කොටු කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය ගියේ දේශපාලන බලපෑම් තුට්ටුවකටත් මායිම් නොකරමිනි.   


පෑලියගොඩ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ශ්‍යාමිල් සඳරුවන් මහතා වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ කැලණිය, දළුගම පරණ නුවර පාර ඔස්සේ සිය මෝටර් රථය පදවාගෙන යමින් සිටියදී 2014 වසරේ මැයි මාසයේ 12 වැනිදාය.   


නාගරික මන්ත්‍රීවරයාගේ මිතුරෙකු වන සංඛ නමැති තරුණයෙක් ද මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබීය.   


ශ්‍යාමිල් සඳරුවන් නාගරික මන්ත්‍රීවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගත්තේ ඩී. මංජු නමැති මේ පාතාල නායකයාය.   


වෙඩි තැබීමට යොදා​ ගත් බවට සැලකෙන පිස්තෝලය ද පොලිසිය සොයා ගත්තේ ඩී .මංජු නමැත්තාගෙන් හෙළි කරගත් තොරතුරු මතය.   


ගිනි අවියක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ද ඩී. මංජු නැමත්තාට එරෙහිව මහර උසාවියේ 2013 වසරේ සිට නඩුවක්ද විභාගවෙමින් පවතී.   


හොර පාස්පෝට් එකක් සාදාගෙන ඩුබායි රටට ගොස් කාලයක් එහි ගත කොට මෙරටට පැමිණ සිටියදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ එම හොර පාස්පෝට් එකද සමගය.   


බස්නාහිර උතුරු දිසා භාර එවකට නි​ෙයා්ජ්‍ය පොලිස්පතිවරයාව සිටි එල්.ජී. කුලරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පවත්වා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ එවකට ස්ථානාධීපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් සමරසිංහ උපපොලිස් පරීක්සක ඩබ්ලිව්.ඒ. පියසිරි, පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ එවකට ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඩී.එල්. රවීන්ද්‍ර යන මහත්වරුන් විසින් මෙම අපරාධ සම්බන්ධ​ෙයන් එදා ඩී. මංජු අත්අඩංගුවට ගෙන තිබිණි.   


ස්ත්‍රී දූෂණ නඩුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ද පිහියකින් ඇන පුද්ගලයකුට බරපතළ තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් කොළඹ අලුත්කඩේ අධිකරණයේ ද පොල්ලකින් පහරදීමක් සම්බන්ධයෙන් මහර අධිකරණයේ සහ හෙරොයින් ග්‍රෑම් 25 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේද නඩු ඩී. මංජු නමැත්තාට එරෙහිව තවමත් විභාගවෙමින් පවතී.   


දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් වන අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයා ද සමග ඉන්දියාවේ සැඟවී සිටින මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයකු බවට සැලකෙන හර්ෂ යසස් නමැත්තාව 2016 වසරේදී රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ දී ඝාතනය කිරීමට පැමිණ තිබුණේ ද ඩී. මංජු නමැත්තාය.   


මෝදර වැල්ලේ පාතාල නායකයා වූ සුරංග එක්ක සම්බන්ධ වී පසුගිය 11 වැනිදා මෝදර වැල්ලේ කාන්තාවකට වෙඩි තබා බරපතළ තුවාල කිරීම සම්බන්ධයෙන් පොලිසිය ඩී. මංජු නමැත්තාව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියේය.   


පොලිස් විශේෂ කාර්ය බළකාය පවසන්නේ පොලිස් පොතේ ඩී. මංජුට ලියවුණු අපරාධ මාලාවට වඩා නොලියැවුණු අපරාධ සංඛ්‍යාව බොහෝ බවය.   


ඩී. මංජුට හා ඔහුගේ ​ෙගා්ලයන්ට ඇති බිය නිසා බොහෝ දෙනෙක් ඔවුන්ට එරෙහිව පොලිසිවල පැමිණිලි කිරීමට ගොස් නොමැත.   


පාතාල නායක මංජුගේ ගෝල බාලයෝ රැසක්ම පසුගිය කාලයේ පොලිසිවලට කොටු වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙනි.   


පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට දැන ගැනීමට ලැබී ඇති ආකාරයට ඩී. මංජු ඔහුගේ ගෝල බාලයන් යොදවා ධනවත් ව්‍යාපාරිකයන් බියවද්දා රුපියල් ලක්ෂ ගණන් කප්පම් ලබාගැනීම ද කරගෙන ගොස් ඇත.   
ඩී. මංජුගේ පාතාල කල්ලියට හිතවත් වෙනත් පාතාල කල්ලිවලට අවි ආයුධ කුලියට සැපයීමද මොහු කාලයක් තිස්සේ සිට සිදු කර ගෙන ගොස් ඇති බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබී ඇත.   


බුද්ධි අංශ නිලධාරීන් කිහිපදෙනෙකු කී ආකාරයට ඩී. මංජු රිමාන්ඩ් භාරයේ සිටින කාල වකවානුවල පවා එහි සිට ජංගම දුරකථන සඟවා තබාගෙන සිය ගෝල බාලයන්ට ඇමතුම් ලබාදෙමින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම මෙහෙයවා තිබේ.   


ඩී. මංජුට එරෙහි ප්‍රතිවාදි පාතාල කල්ලි දෙක තුනක්ම ඔහු හා ඔහුගේ ගෝල බාලයන් ඝාතනය කිරීමට කල්යල් බලමින් සිට ඇති බවද පැවසේ.   


පාතාල නායකයෙක් ලෙස සැලකෙන ඩී. මංජු කාර් රථයකින් ගමන් කරමින් සිටියදී 2015 වසරේ දෙසැම්බර් මාසයේ 31 වැනිදා පෑලියගොඩ බුළුගහ හංදියේ දී ටිපර් රථයක ගැටී ඇත. මේ මාරක අනතුරින් ඔහු ගමන් ගත් කාර් රථයට ද බරපතළ හානි සිදු වී තිබුණි.   


පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ එරන්ද (78120) සහ කුමාර   


(71767) යන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පොලිස් යතුරු පැදියකින් ඒ අනතුර සම්බන්ධ​ෙයන් පරීක්ෂණ පැවැත්වීමට ගිය අවස්ථාවේ පා ගමනින් ආ පුද්ගලයකු වෙඩි පිට වෙඩි තබා ඇත්තේ ඩී. මංජු ඉලක්ක කර ගනිමිනි.   


මේ වෙඩි ප්‍රහාරයෙන් ඩී. මංජු නමැත්තා පමණක් නොව පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා තුවාල ලැබූහ.   


මේ වෙඩි ප්‍රහාරයෙන් ඩී. මංජු නමැත්තා පමණක් නොව පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ද තුවාල ලැබූහ. මේ සිද්ධියට මුහුණ පාන විට ඩී. මංජු සිටියේ නාගරික මන්ත්‍රී ශ්‍යාමල් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුව අධිකරණයේ ඇප ලබාය.   


ඩී. මංජු නමැත්තාට වෙඩි කා මියයාමට ටික කාලයකට ඉහත දී ඔහුට ප්‍රතිවාදී පාතාල කල්ලි නායකයෙක් ඝාතනය කිරීමට අරඅදින බවට මංජුට දැන ගැනීමට ලැබී ඇත.   
ඔහු මේ ගැන කිව්වේ ඇමතිවරයාටය.   


ඇමැතිවරයා තමා යටතේ ඉන්නා ඩී. මංජු වෙනුවෙන් පෙනී සිට ඇතැයි කියන්නේ දෙවරක් නොසිතාය.   


“මගේ මිනිහාට කරදරයක් කරන්න හදන්න එපා. එහෙම කළොත් වැඩේ දුර දිග යන්න පුළුවනි. මගේ මිනිහගෙන් තමුන්ට කරදරයක් නොවෙන බව මම වගා බලා ගන්නම්”   


අැමැතිවරයා දුරකතන ඇමතුමක් ලබා ගෙන ඒ පාතාල නායකයාට කියා ඇති බව බුද්ධි අංශවලට දැන ගැනීමට ලැබී ඇත.   


ඩී. මංජු නමැති පාතාල නායකයා ඔහුගේ බිරිඳ මීට මාස හතරකට පහකට පෙර නිවසින් පන්නා දමා ඇත්තේ අමානුෂික ලෙස පහර දී​ෙමන් පසුවය.   


සැමියා වෙඩි කා මියගොස් ඇති බව දැන ගත් ඇය ඔලියමුල්ලේ පිහිටි නිවසට පැමිණියේ අවසන් කටයුතු කිරීමට සිරුර ඉල්ලා සිටීමටය.  


එහිදී ඇය මුහුණ පෑවේ නොසිතූ විරූ ඇබැද්දියකටය.   


ඩී. මංජුගේ මව සමග සහෝදරියක් ඇයට හොඳ හැටි පහර දුන්නේ බිම පෙරළා ගෙනය. 

 
පහර දී​ෙමන් තුවාල ලැබූ ඇය ඇතුළු කරනු ලැබුවේ රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලටය.   


ඩී. මංජුගේ බිරිඳ මේ ගැන වත්තල පොලිසියට ගොස් පැමිණිල්ලක් කළාය.   


වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරික් පෙරේරා මහතා​ෙග් ප්‍රධානත්වයෙන් මේ පහරදීම සම්බන්ධ​ෙයන් විමර්ශන ආරම්භ කර ඇත.   


ඩී. මංජුගේ අවසන් කටයුතු හා දානමය පින්කම් කටයුතු අවසන් වී​ෙමන් පසු ඔහුගේ මව සහ ස​ෙහා්දරිය පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතය. පොලිසිය මානුෂීයව සලකා බලා මෙම තීරණය ගෙන ඇත.   


සිරුර මංජුගේ බිරිඳට භාරදීමට නොහැකි බව කියා ඔවුන් මෙම පහරදීම සිදු කර තිබේ.   


තම පුතා නිත්‍යනුකූලව මෙම කාන්තාව සමග විවාහ වී නොමැති බවත් ඇය ළඟ ඇත්තේ ව්‍යාජ ලෙස සකස් කර ගත් විවාහ සහතිකයක් බවත් මංජුගේ මව පොලිසියට පවසා ඇති බව පැවසේ. 

 
නිත්‍යනුකූලව මංජු සමග විවාහ වූ බවත් එම විවාහයෙන් ඔහුට දාව තමාට වසර හයක් වයසැති පිරිමි දරුවකු සිටින බවත් එම දරුවා ඔහු ළඟ සිටින බවත් මංජුගේ බිරිඳ බව කියන කාන්තාව පොලිසියට ප්‍රකාශ කර තිබෙන බවද පැවසේ.   


වත්තල, ඔලියමුල්ලේ ගඟ පාරේ දෙමහල් නිවසක පදිංචිව සිටි මේ පාතාල නායකයා ගේ නිවසට යන මාර්ගය දෙපස සී.සී.ටී.වී. කැමරා සවි කර තිබී ඇති අතර ඔහු දැඩි රැකවල් යටතේ ජීවත්ව සිටි අයෙකි.   


ඒ වෙන කිසිවක් නිසා නොව කොයි මොහොතකදී හෝ ප්‍රතිවාදී පාතාල කල්ලියක ගොදුරක් වේ යැයි බයෙන් පසුවීම නිසාය.   


බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ විශේෂ උපදෙස් මත කැලණිය සහකාර පොලිස් අධිකාරි ජේ.එම්.පී. ජයලත් මහතාගේ මෙහෙයවීම යටතේ වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරික් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශ​ෙය් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මොහොමඩ් පිරඩවුස් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන   යති.

 

 

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය