(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ඒකාබද්ධ විපක්ෂයේ ඔම්බුඩ්ස්මන් (දුක්ගන්නාරාළ) කාර්යාලයක් විවෘත කිරීම විපක්ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්‍ෂනායක කාර්යාලයේ දී අද (3) සිදුකෙරිණි.
දේශපාලන පළිගැනීම්, වෘත්තීය සමිති ගැටළු ඇතුළු මහජනතාව අත්විඳින විවිධ ගැටළුවලට වහා විසඳුම් සෙවීමේ අරමුණින් දුකගන්නාරාල කාර්යාලය විවෘත කරන ලදී.
මෙහිදී වෘත්තීය සමිති සාමාජිකයින් කිහිපදෙනෙකු සහ දේශපාලන පළිගැනීම්වලට ලක්ව සිය රැකියාව අහිමිවූ කිහිපදෙනෙකු තම දුක්ගැනිවිල්ල විපක්ෂනායක වෙත ලිඛිතව බාර දෙනු ලැබිණි.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන සුසිල් ප්‍රේමජයන්ත සහ ගාමිණි ලොකුගේ යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
ඔබව ඇමතියහැකි දුරකථන අංකයක් එවන්න
මිනිස්සුන්ට එපා වෙලා එලවන්න ලෑස්ති වෙනකොට තමයි හැමෝටම තරු පෙනිලා දුක්ගන්න රාලලව පත් කරන්න යන්නේ. නමුත් වැඩේට පරක්කු වැඩියි.