IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හූනියම් දෙවියන් මම ජීවමානව දැක්කා

මිනිසුන්ගේ සාරධර්ම පිරිහීමත් සමඟ අද බොහෝ දෙනා විවිධ සැහැසිකම්වලට නැඹුරු වී සිටිති. දිනෙන් දින ඉහළ යන අපරාධ වැනි දූෂණ ක්‍රියා නිසා සමාජය පරිහානියට ලක්ව ඇත. සමාජයේ පරිහානියත් සමඟ බොහෝ දෙනෙක් සිය මානසික සුවය පතා නොපෙ​ෙනන දෙවියන්ගේ බලවේග කරා නැඹුරු වෙති. ඇත්තටම නොපෙනෙන දෙවියන්ට කළ හැකි දෙයක් තිබේද? එහෙත් ඒවා ඉටු නොවනවාම නොවේ. මේ නිසා දේව සංකල්පයට බොහෝ දෙනා නැඹුරුව සිටිති.   


“හිටියොත් හොඳට හැදී, දෙවියොත් නමට වඳී” මේ පැරණි කියමනකි. ඇත්තටම හොඳට ප්‍රතිපත්තිගරුකව සිටින මිනිසුන් නැතුවාම නොවේ. එසේ සිටිතත් ඉතාමත් ස්වල්ප පිරිසකි.   


මිනිසුන් තුළ සාරධර්ම පිරිහීමට පටන් ගැනුණේ අද ඊයේ නොවේ. සමාජයේ දියුණුවත් සමඟ, විවිධ ක්ෂේත්‍රවල තාක්ෂණික දියුණුව නිසා ඒ පසුපස හඹාගිය ජනතාව ඉබේටම වාගේ පරිහානියට පත්විය.  

 

අද ඇත්තේ මුදල් පසුපස හඹායන සමාජයකි. මේ නිසා සාරධර්ම පසෙකට ලා මිනිස්සු මුදල් ඉපයීමට නොයෙක් නොයෙක් අකටයුතුකම්වලට නැඹුරු වෙති. මේ පරිහානිය මෑතක සිට ඉස්මතු වී තිබේ. සමාජය පරිහානියට පත්වීමත් සමඟ සාරධර්මවලින් ඈත් වූ මිනිස්සු සිය සහජීවනය හා මානසික සැනසිල්ල සොයා නොපෙනෙන දෙවියන්ගේ පිහිට පතා විවිධ පුද පූජා හෝ දෙවියන්ගෙන් ඉල්ලීම් පතාගෙන හෝ යාතිකාවල නිතර වෙති.   


ඇත්තටම දෙවියෝ සිටිත්ද? එහෙනම් ඒ කොහේද? මනුෂ්‍යාට වඩා දෙවියන් බලවත්ද? මේ ගැටලුවලට යම් තරමින් හෝ පිළිතුරක් පතා දෙවියන් වැඩසිටි බව කියන දෙමටගොඩ ලුනාවේ දේවාලය වෙත පිය නැඟුවේ මේ පිළිබඳ කරුණු අවබෝධ කර ගැනීමටය.   
දෙමටගොඩ ලුනාව දේවාලය ප්‍රසිද්ධ වී ඇත්තේ හූනියම් දෙවියන් හෙවත් ගම්භාර දෙවියන් වැඩ සිටින බවට ඇති විශ්වාසය නිසයි. මේ පිළිබඳව ලුනාව දේවාලය එසේත් නොමැති නම් දෙමටගොඩ ශ්‍රී විසුද්ධාරාම විහාරාධිපති වීදියගොඩ පියනන්ද හිමියන් සිය දේවාලයත් හූනියම් දෙවියන් පිළිබඳ කරුණු දැක්වීමටත් ඉදිරිපත් වූයේ මෙසේය.   


ලංකාවේ හූනියම් දෙවියන්ගේ මූලස්ථානය එහෙමත් නැති නම් උන්වහන්ගේ මූලික ස්ථානය වුණේ කබලෑව කියන ප්‍රදේශය. ඒ දවස්වල අපේ මිනිස්සු සුනියම් දෙවියන්ගෙන් වැඩ කටයුතු කර ගන්න උනන්දුවක් තිබුණේ නැහැ. සූනියම් දෙවියන්ගෙ බලය දිෂ්ඨි කරලා අරගෙන කතරගම දෙවියනුත් ළංකරගෙන මනුෂ්‍යයන්ට යහපතක් ලබා දෙන්න කියලා මුලින්ම කටයුතු කළේ ගල්කිස්සේ විසුද්ධානන්ද කියන නායක හාමුදුරුවෝ. උන්වහන්සේ හරි ප්‍රබලයි. හරි සැර පරුෂයි. මේ වගේ වැඩවලට ඉතාමත් දක්ෂයි. කතරගම දෙවියන් තමයි ආරක්ෂක දේවතාවෙක් හැටියට ළංකර ගෙන තිබෙන්නේ. ඒ දවස්වල බොහෝ ප්‍රබුද්ධ පිරිසක් නායක හාමුදුරුවෝ මුණගැහිලා සූනියම් දෙවියන්ගෙන් වැඩ අරගෙන තිබෙනවා. අන්න ඒ නිසා ප්‍රසිද්ධියක් ඉසිලුවා සූනියම් දෙවියෝ මනුෂ්‍යයන්ගේ පිහිටට ඉන්න මහා බල සම්පන්න දේවතාවුන් වහන්සේ නමක් කියලා.   

 


ඒ දවස්වල හිටිය බටහිර රටක ආගමික නායකයෙක් විසුද්ධානන්ද නාහිමියන් මුණගැසිලා යම්කිසි කාරණයක් කරදෙන්න කියලා සූනියම් දෙවියන්ගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. කාරණාව මොකක්ද කියන එක අපි දන්නේ නැහැ. නමුත් ඒ කාරණය ඉටුවෙලා තිබෙනවා. ඒ පිටරට ආගමික නායකවරුන් නායක හාමුදුරුවන් හමුවෙලා විශේෂ භෝජන සංග්‍රහයක් සංවිධානය කරලා තිබෙනවා. අපි කිව්වට භෝජන සංග්‍රහයක් කියලා සමහර විට විශේෂිත දානමය කටයුත්තක් වෙන්න ඇති. ඒ දවස්වල පුවත්පත්වල පවා ගිහින් තිබෙනවා එතුමාට උන්වහන්සේ භෝජන සංග්‍රහයක් පිළිගැන්වූවා කියලා. ඒක ඔවුන් දෙදෙනාගේ ගනුදෙනුවක්. අපි දන්නෑ මොකක්ද කාරණය කියලා එහෙම වැඩ නායක හාමුදුරුවෝ කරලා දීලා තිබෙනවා. පසුගිය දවස්වල ජර්මනියේ පිරිසක් ආවා මේ ලුනාව දේවාලය කියන්නේ මොකක්ද කියන කාරණය දැනගන්න. ඉතින් කුමන හෝ ප්‍රසිද්ධියක් තිබෙන නිසානේ එහෙම සොයා ගෙන එන්න ඇත්තේ.   


සූනියම් දෙවියෙක් ඇත්තටම ඉන්නවාද?   
සූනියම් දෙවතාවුන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා. කවුරුත් මේක පිළිගන්නේ නැහැ. නමුත් මම ජීවමානව දැකලත් තිබෙනවා. සුදු ජටාවක් බැඳගෙන නිකම් වළාකුළක් වගේ පාවෙනවා.   


සූනියම් දෙවියෝ පුර පක්ෂයට දෙවියකු ලෙසත් අවපක්ෂයට යක්ෂයකු ලෙසත් තමයි කටයුතු කරන්නේ. උන්වහන්සේගේ අවතාර 2ක් තිබෙනවා. සුදු අස්සයෙක් පිට සුදු ජටාවක් බැඳගෙන කෙවිටක් අතේ අරන් ගමන් කරන්නේ අන්න ඒ දේවතානුරූපවයි. යක්ෂ රූපයෙන් පෙනී සිටින්නේ දළ 2ක් විහිදුවා ගෙන ලේ ගලන පොළඟෙකු කටින් දරාගෙන නිල්පාට අශ්වයකුගේ පිටේ වැඩ සිටින්නේ යක්ෂ වේශය ගත්විටයි.   


බොහෝ දෙනකු පුර පක්ෂයේදි සූනියම් දේවතාවුන් වහන්සේගෙන් නොයෙක් දේවල් සඳහා භාර හාර වෙන්න පැමිණෙනවා. බොහෝ දෙනෙකුට ඒවා හරි ගිහින් තිබෙනවා. ඔවුන් ඇවිත් අපිත් සමඟ ඒ විස්තර ප්‍රකාශ කරන කොට ඒ එහෙම දේවල් නැතුවත් නෙමෙයි විශ්වාසත් නැතිනම් එන්නේ නැහැනේ.   


සූනියම් දෙවියන් මෙතනට වැඩම කළේ කොහොමද?   
අපේ විසුද්ධාරාම නායක හාමුදුරුවෝ කබලෑව කියන ප්‍රදේශයේ සූනියම් දෙවියන්ගේ ප්‍රධාන භූමිය එ්ක. එතනදී ජීවම් කරලා බන්ධනය කරගෙන තිබෙනවා. පස්සේ මේ ස්ථානයේ උන්වහන්සේ පිළිමයක් හදලා අවශ්‍ය යාතිකා පුද සත්කාර ලබාදීලා තමයි සූනියම් දෙවියන්ගෙන් වැඩ ගන්න පටන් ගෙන තිබෙන්නේ. අදටත් ඒ පිළිමය තිබෙනවා. හැබැහැයි එය කාටවත් පෙන්නන්නේ නැහැ. අපි උන්වහන්සේ වෙනුවෙන් පුද පූජා තවමත් ඒ ආකාරයෙන්ම පවත්වනවා. සෑම වසරකම පෙරහරක් පැවැත්වෙනවා. නමුත් ඒ පෙරහැ​රේදීවත් ඒ පිළිමය වඩම්මන්නේ නැහැ. ඒකට විශේෂවූ පිළියමක් තමයි වඩම්මන්නේ. ඒ පිළිමය සූනියම් දෙවියන්ගේ දේවත්වය හා යක්ෂාවේශය පිළිබිඹු වන අවස්ථා 2ම නිරූපණය වන පිළිමයක්.   


සෑම බදාදා හා සෙනසුරාදා දින 2ම උන්වහන්සේ වෙනුවෙන​් විශේෂිත වූ පුද පූජා පැවැත්වෙනවා. ඒක නොකඩවාම කෙරෙන චාරිත්‍රයක්. අදටත් එහෙමයි.   

 


සූනියම් දෙවියෝ මේ ස්ථානයේ ජීවමානව වැඩ ඉන්නවාද?   
සූනියම් දෙවියෝ ඇත්තටම ජීවමානව මේ ස්ථානයේ වැඩ සිටිනවා. ඒක මම හරි පැහැදිලිවම කියනවා. මම දැකලා තිබෙනවා. මම ඒ අත්දැකීම් ලබලා තිබෙනවා. රාත්‍රී කාලයේ රෑ 12 වන විට හොඳට පිරිසුදු වෙලා මේ භූමියත් පිරිසිදු වුණාම පුදුමාකාර සමන් පිච්ච මල් සුවඳක් හමනවා. මේ පන්සලේවත් පිච්ච මල් ගහක් නැහැ. අපි කොච්චර පිච්ච මල් වගාකරන්න හැදුවත් හරියන්නේත් නැහැ. හැබැහැයි පුදුමාකාර පිච්චමල් සුවඳක් හමා යනවා. ඒ වගේම වලාකුළක් වගේ සූනියම් දෙවියන් අස්සයගේ පිටේ කෙවිටක් අරන් ගමන් කරන අයුරු දිස්වෙනවා. මේක මම අත්දුටු සිදුවීමක්. හැබැයි හොඳට ප්‍රතිපත්ති රැකලා පිරිසිදු වෙන්න අවශ්‍යයි. අද සමාජයේ බොහෝ දෙනෙකු පරිහානියට පත්වෙලා තිබෙනවා. හොඳ යහපත් ජීවිතයක් ගත කරනවා නම් දෙවියන් තමන් ළඟට වඩිනවා පිහිටවෙන්න.   


අද දේව සංකල්පයට බොහෝ් දෙනෙක් නැඹුරු වෙලා තිබෙනවා. ඒ ප්‍රතිපත්තිගරුක නැතිකම නිසායි. තුණුරුවන් රැකලා පන්සිල් ආරක්ෂා කරලා හිත පිරිසිදුව ජීවත් වෙනවා නම් දේව සංකල්පයට නැඹුරු වෙන්න අවශ්‍ය නැහැ. අද සමාජයේ බො​ෙහා් දෙනෙකුගේ සිත් දූෂණය වෙලා. ​ෙවෙරය, ක්‍රෝධය, ඉස්මතු වෙලා. අහන්න දකින්න දේවල්වලින් පෙනෙනවා නේද සමාජය කොතරම් පරිහානියට පත​්වෙලාද කියන එක. අන්න එහෙම උණාම පිහිටක් පතා මිනිස්සු දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්න එනවා. අපිට හොඳට අත්දැකීම් තිබෙනවා දැන් මේ දේවාලයට එන ජනතාව දැක්කාම. ගොඩක් එන්නේ තවත් අයකුට වින කරන්න. අපි නම් ඒවා අනුමත කරන්නේ නැහැ නමුත් බහුතරයක් එන්නේ තමන්ට සෙතක් ප්‍රාර්ථනා කරන්න. ජීවිතය දියුණු කරගන්න, තමන්ගේ රැකියා, ආදායම් තත්ත්වය දියුණු කරගන්න. ඔවුන් දෙවියන්ගෙන් ආශිර්වාදය ලබාගෙන පුද පූජා පවත්වලා ඔවුන්ගේ දුක් ගැනවිල්ල දෙවියන් ඉදිරියේ කියා සිටිනවා. බොහො දෙනෙකුට ඒවා හරිගිහින් තිබෙනවා. ඔවුන් අප සමඟ කියනවා තමාගේ කරුණු කාරණා ඉෂ්ට වුණ නිසා භාර හාර ඔප්පු කරන්න පැමිණුනා කියලා. ඉතින් දෙවියන්ගේ හාස්කමක් නැතිනම් ඔවුන් නැවත එන්නේ නැහැනේ. අධ්‍යාත්මික සුවය ඔවුනට ලැබෙනවා. ඒක මට අත්දැකීමෙන් කියන්න පුළුවන්.   


දැන් මෙතන දේවාල සියල්ලක්ම වාගේ තිබෙනවා. නමුත් සූනියම් දෙවියන් තමයි ප්‍රධාන. ඒ හැම දේවාලයකම කපු මහත්වරු ඉතා භක්තියෙන් තමයි පුද පූජා පවත්වන්නේ.   


ඇත්තටම දෙවියන්ගෙන් පිහිටක් ලැබෙනවාද?   
එහෙම ලැබෙන නිසයි නේ මේ තරම් ජනතාවක් දේවාලයට පැමිණෙන්නේ. බො​හෝ දෙනෙකුට දවසක් දෙකක් යනකොට සිය කාරණය ඉෂ්ට වෙනවා. තවත් අයකුට දින කිහිපයක් යනවා. ඒකට හේතුවක් තියනවා. මම පැහැදිලි කරන්නම්.   


සූනියම් දෙවියෝ එක අවස්තාවක දේවතාවක් වගේම තවත් අවස්ථාවක යක්ෂයෙක් ලෙසයි පෙනී සිටින්නේ. දේව හා යක්ෂ සංකලනය වූ එකම දේවතාවා තමයි සූනියම් දෙවියෝ. ඉතින් ඒ යක්ෂ අවතාරය ගාව ඉන්නවා ප්‍රේත, යක්ෂ, කුම්භාණ්ඩ කියන බොහෝ පිරිසක්. ඒ ගොල්ලා සමහර උදවියගේ ඥාති හිත මිත්‍රාදීන්. ඒ යක්ෂ අවතාරය ගාව අාවතේව කරන පිරිස. ඉතින් ඒ ඥාතියකුගේ කෙනෙකු යම් කිසි දුක් ගැනවිල්ලක් කියපුවාම ඉස්සෙල්ලාම ඉදිරිපත් වෙන්නේ අර බැල මෙහෙවර කරන ඥාතී පෙරේතයා හෝ කුම්භාණ්ඩයා. ඉතින් එහෙම උණාම ඔවුන්ගේ කාරණය ඉක්මණින්ම ඉටු කරලා දෙනවා. ඒකයි සමහර අයගේ කරුණු කාරණා ඉක්මණින් සිදුවෙන්නේ.   


මම කලින් කිව්වා වගේ සූනියම් දෙවියන් පුර පක්ෂයට දෙවියන් කෙනෙකු ලෙසත් අවපක්ෂයට යක්ෂයකු ලෙසයි කටයුතු කරන්නේ. දැන් මේ දේවාලයේ දේවතාවුන් වහන්සේ හැටියට තමයි සූනියම් දෙවියන් ක්‍රියා කරන්නේ. දැන් පළිගහන එ්වා, මිනිසුන්ට වින කරන දේවල් අපි මෙතන කරන්නෙ​නැහැ. ව්‍යාපාරික කටයුතු, විදෙස් ගමන් ප්‍රමාද වීම්, මිනිසුන්ගේ බඩු බාහිර ආදිය නැතිවීම් වැනි දේවල් වගේ දේවල්වලට ගොඩක් පිහිටක් තිබෙනවා සූනියම් දෙවියන්ගෙන්. එක පාරටම පිහිටක් ලැබෙන අයත් ඉන්නවා. හුඟක් අයට එහෙම කඩිනමින් පිහිට ලැබෙන්නේ නැහැ. මම කලින් කිව්වේ බොහෝ දෙනෙකුගේ මියගිය ඥාතීන් ඉන්නවා සූනියම් දේවතාවන් යටතේ. දැන් ලෝකේ විවිධාකාර දෙවිවරුන් වැඩ ඉන්නවානේ. ඒ දෙවිවරුන් අතර සූනියම් දෙවියන්ට තමයි විශාල සහචර පිරිසක් ඉන්නේ. විශාල වශයෙන් වැඩ කටයුතු කරන්න පුළුවන් සේවක පිරිසක් ඒ කියන්නේ යක්ෂ, පෙරේත, භූත, පිසාච, කුම්භාණ්ඩ කියන විශාල පිරිසක් සූනියම් දෙවියන් යටතේ කටයුතු කරනවා. මොකද සූනියම් දෙවියන්ට යක්ෂ වේශයකුත් ගන්න පුළුවන්. අනිත් කිසිම දෙවියකුට නැති වරමක් උන්වහන්සේට තිබෙනවා. ඒ කියන්නේ දෙවියෙක් වගේම යක්ෂ වරමකුත් තිබෙනවා. අන්න ඒ මියගිය ඥාතීන් බොහෝ පිරිසක් සූනියම් දෙවියන් ළඟ ඉන්නවා. අන්න ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් ආකර්ෂණය වැඩි නිසා ඒ කටයුතු කඩිනමින් කරගන්න පිළිවන්. දැන් අපි දකිනවා මෙතනදී ආරූඪ වෙලා කියන තොරතුරුවලින්.   


විසුද්ධානන්ද නායක හාමුදුරුවෝ ඕවා ගැන හරියට සොයලා බලලා තමයි ශාස්ත්‍රය කරලා තිබෙන්නේ. ඒකයි සූනියම් දෙවියන් පිළිබඳ විශාල ප්‍රසිද්ධියක් මේ ලුනාවේ දේවාලයෙන් ලැබිලා තිබෙන්නේ. සූනියම් දෙවියන් මේ පළාතට විතරක් නොවෙයි ලංකාවේ සෑම පළාතකම ජනතාවට සේවයක් කරනවා. බෙල්ලන්විල විහාරස්ථානයේ පෙරහරටත් පෙර සිටයි සූනියම් දෙවියන්ගේ පෙරහර මේ විහාරස්ථානවල පවත්වලා තිබෙන්නේ.   


ඔය පළිගහන සිද්ධීන් ඉතාම අඩුවෙන් තමයි නායක හාමුදුරුවෝ සිද්ධකර තිබෙන්නේ. බැරිම අවස්ථාවක් අාවොත් ඒ දේවල් නොකර ඉඳලත් නැහැ. ඒ වගේ සුළු පිරිසකට ඔවුන්ගේ දේවල් නැති වුණාම ඒවා සොරා ගන්න අයට යම් යම් පළිගැනීම් කරලා තිබෙනවා. ඒ ඔවුන්ගේ අසරණකම දිහා බලලා.   


හොඳ උදාහණයක් මම කියන්නම්. රත්මලාන පැත්තේ අසරණ ආච්චි කෙනෙක් නායක හාමුදුරුවන්ව හම්බවෙලා කියලා තිබෙනවා හරක් කිහිප දෙනෙක් නැති වුණා කියලා. නායක හාමුදුරුවෝ ඔවුන්ගේ අසරණකම නිසාම දේවාලයට එන්න කියලා පොල් ගෙඩියක් ගහලා, දෙවියන්ට කන්නලව් කරලා තිබෙනවා. ඊට පස්සේ දවස් හත අටක් බලන්න කියලා තිබෙනවා. 6 වැනි දවසේ වගේ අර හරක් ගෙනිච්ච පුද්ගලයා ඒ ගවයන් මරලා උන්ගේ ඔළු දෙක අරගෙන පිස්සුවෙන් වගේ ගෙට අැවිල්ලා වැඳලා සමාව අරගෙන තිබෙනවා. ඔය වගේ සිද්ධීන් රාශියක් තිබෙනවා. අපි අහලා තිබෙන.   


සූනියම් දෙවියන්ගේ තවත් තොරතුරු රැසක් වගේම සූනියම් දෙවියන්ට නියමාකාරයෙන් පුද පූජා පවත්වන ආකාරයත් පිළිබඳ ලබන සතියේ කථා කරමු. 

සටහන හා ඡායාරූප
නිශාන්ත කුමාර බණ්ඩාර   



අදහස් (0)

හූනියම් දෙවියන් මම ජීවමානව දැක්කා

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10923 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6210 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5251 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site