IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


නර්තන ලෝකයේ නොනැසෙන අලංකාරය චන්ද්‍රලේඛා සහ රංජනා

 

‘හින්දුන්ගේ ප්‍රධාන දෙවියා වූ මහා බ්‍රහ්මයා විසින් භාරත සෘෂිහුට නාට්‍ය  ශාස්ත්‍රය දේශනා කළ බව භාරතීය සාහිත්‍යයෙහි සඳහන් වෙයි. එකල ‘නාට්‍යවේදය’ නමින් හැඳින්වුණු මේ ශිල්පය භාරත මුනි විසින් අප්සරාවන් (දිව්‍ය ස්ත්‍රීන්) ගාන්ධර්වයන් (දේව ගායකයන්) සමූහයක් සහිතව ශිව දෙවියා ඉදිරියෙහි රඟ දක්වන ලදී. එයින් පැහැදුණු ශිව දෙවියා ද තමා දත් නාට්‍ය කලා භාරත මුනිට උගන්වන ලදී. ශිව දෙවියාගේ භාර්යාව පාර්වතී (කාලි) දේවිය ශිව දෙවියාගේ සහචර දෙවියකු වු රුද්‍ර දේවයාගේ භාර්යාව. ඌෂා දේවියටද එම ශිල්පය ශාස්ත්‍රානුකූලව පුහුණු කරනු ලැබුවාය. ඌෂා එය ගොපිකාවන් (කිරි දොවන කන්‍යාවන්) සමූහයකට උගැන් වූවාය. මෙසේ දෙවියන් වෙතින් මිනිසුන්ට පුරුදු පුහුණුවුණු නාට්‍ය  ශාස්ත්‍රය මිනිසුන් අතරද පරම්පරාවක් පාසා එහි නීතිරිති නොබිඳී පැවැතැවිත් අද එය මානව ශිෂ්ටාචාරයේ සහ මිනිසා සතු කලා ශිල්පයක් හි විනීත අංගයක් බවට පැමිණ තිබේ. 


අප මේ පාඨය උපුටා ගත්තේ, මෙයට වසර 72කට ඉහත ආනන්ද තිස්ස ද අල්විස්  විසින් සංස්කරණය කරන ලද ‘ලංකා’ ශාස්ත්‍රීය සඟරාවට ඔහුම ලියන ලද ‘නාට්‍ය ශිල්පය’ නම් ලිපියෙනි. ශ්‍රී ලාංකීක නර්තනයේ ඉතිහාසය විමර්ශනය කරන විට 20 වැනි සියවස තුළ ශ්‍රී ලාංකික සම්ප්‍රදායික නර්තන කලාව බරපතළ පරිවර්තනයකට ලක්වී නව නර්තන කලාවක් බවට පත් වූ බව මහාචාර්ය තිස්ස කාරියවසම් පෙන්වා දී ඇත. 


Dance යනු නටනවා, රංගනය, නෘත්‍ය දක්වනවා, රඟනවා, නර්තනය, නෘත්‍යෝත්සවය යන අර්ථ දක්වන බව මහාචාර්ය සුචරිත  ගම්ලත් දක්වා  ඇත. ධංදෙරා Oxford Dictionry (ශබ්දකෝෂයේ) dance v move rhythmically to music; move
in a quick and lively way series of steps and movement perfomed to music ලෙස අර්ථ දක්වා ඇත. 


චන්ද්‍රලේඛා පෙරේරා, මිරියම් පීරිස් සහ ජොයිස් බ්ලේක්ලි යන කාන්තාවන් ප්‍රසිද්ධියේ දේශීය හෝ විදේශීය නර්තනවල යෙදුණු ද  එකල කාන්තාව සහ නැටුම අතර ප්‍රශ්නකාරී  තත්ත්වයක් සමාජයේ තිබූ බව මහාචාර්ය මුදියන්සේ දිසානායක හා මහාචාර්ය කාරියවසම් ලියූ ශ්‍රී ලාංකේය  නව නර්තන කලාවේ පුරෝගාමියෝ’ ග්‍රන්ථයේ  සඳහන් වෙයි. එකල  නර්තන ඉදිරිපත්  කළ අනික් කාන්තාවන් අතර රංජනා තංගරාජා, ලක්ෂ්මි ඩයස්, සුජාතා ද සිල්වා (ජයවර්ධන) සීතා ජයවර්ධන (පරාක්‍රම) එරීන් ද සෙල්ෆා කැපී පෙනුනාහ.


කලා ලොව ‘චන්ද්‍රලේඛා’ නමින් හැඳින්වුණු කාන්තාවක් 1911 වසරේ අගෝස්තු මස 07 දින බි්‍රන් හිල්ඩා ඔගස්ටා කරුණාතිලක නමින් වැල්ලවත්තේදී උපත ලැබුවාය. ඇගේ දෙමාපියන් වූයේ වෛද්‍ය ඩී.ඊ. කරුණාතිලක හා එම මහත්මියයි. මේ යුවළගේ එකම දරුවා වූයේ බි්‍රන් හිල්ඩා ඔගස්ටාය. කොළඹ මෙතෝදිස්ත බාලිකා විද්‍යාලයේ ඉගෙනීම ලැබූ ඇය පාසල් සමයේ දස්කම් පෑවේ බටහිර පියානෝ වාදනයටය. 


1927 වසරේදී ටෙක්නිකල් කොලීජියට (කාර්මික විද්‍යාලය) ඇතුළත් වූ ඇය චිත්‍ර ශිල්පය ප්‍රගුණ කළාය. ඇගේ චිත්‍ර ගුරුවරයා වූයේ ප්‍රවීණ චිත්‍රශිල්පී ජේ.ඩී.ඒ. පෙරේරා මහතාය. ගුරුවරයා හා ශිෂ්‍යාව  අතර ඇති වූ ප්‍රේමය කෙළවර වූයේ 1931 වසරේ දෙසැම්බර් 20 වැනිදා වූ විවාහයෙනි. එවකට ඇය 20 හැවිරිදි  වූවාය. මේ විවාහය නිසා ඇය ‘චන්ද්‍රලේඛා පෙරේරා’ නමින් කලා දිවියට පිවිසීමට පෙර මග ලකුණු තැබුවාය. පසුව පෙරේරා නම ගිලිහී ‘චන්ද්‍රලේඛා’ නමින් ප්‍රකට වූවාය. 


විවාහයෙන් පසු ඇය නැටුම් කලාවට නිරතුරු කැප වූවාය. සංගීතය, චිත්‍ර කලාව ප්‍රගුණ කිරීමෙන් ලත් ප්‍රාමාණික දැනුම ඇයට නර්තන කලාව ඉගෙනීමේදී ඉවහල් වන්නට ඇති. ආරම්භයේ ඇය නැටුම් ඉගෙන ගනු ලැබුවේ රංගම ගුණමාලා, ගුරුන්නාන්සේ හා අල්ගම කිරිගණිත ගුරුන්නාන්සේලාගේ  පාද මූලයේය. පසුව භාරත නැටුම් ඉගෙනීමට භාරයේ ට්‍රැවන්කෝර් කලා නිකේතනයේ ‘ශ්‍රී ගෝපිනාත්’ යටතේ කථකලි නර්තනය ප්‍රගුණ කළ බව ‘චන්ද්‍රලේඛා’ ගැන සටහනක් නමින් ‘සිංහල විශ්ව කෝෂයේ’ දස වැනි කාණ්ඩයට සටහනක් ලියූ සරත්චන්ද්‍ර ජයකොඩි සූරීන් සඳහන් කර තිබුණි. එහි සඳහන් වන අන්දමට එවකට භාරතයේ උසස්ම කලා සඟරාවේ ( ්රඑ ්බා ජමකඑමරු) ඇගේ ඡායාරූපයක් හා නැටුම් විලාසය ඇතුළත් විශේෂ කලාපයක් නිකුත් කරමින් උපහාර දැක්වූයේ ලංකාවට නොනැසෙන කීර්තියක් අත්කර දෙමිනි. ‘චන්ද්‍රලේඛා යනු ලංකාවේ නොනැසෙන අලංකාරය’ යයි භාරතීය නර්තන විශාරද ශ්‍රී ගෝපිනාත් එම ලිපියෙන් අවධාරණය කර තිබුණේය. 

 


මහාචාර්ය කාරියවසම් සඳහන් කරන පරිදි චන්ද්‍රලේඛා භාරතයේ සිට පැමිණීමෙන් කළ ප්‍රථම ප්‍රසංගය වූයේ ‘තම්බපණ්ණි’ මුද්‍රා නාට්‍ය ඉදිරිපත් කිරීමය. 1937 වසරේ සිය ප්‍රථම පෙරදිග නර්තනය  ඉදිරිපත් කළේ භාරතයේ සිට ලංකාවට පැමිණ උඩරට නර්තනය හදාරමින්  සිටි නටරාජ් වශිී සමග කොළඹ රීගල් නෘත්‍ය ශාලාවේදීය. මේ දෙදෙනා 1938 වසරේ කොළඹ එම්පයර් නෘත්‍ය  ශාලාවේදී ද රඟ දැක්වූහ. ලංකාවේ නර්තනය දියුණු කළේ චන්ද්‍රලේඛා, චිත්‍රසේන, ශාන්ති කුමාර්, සූරිය ශාන්ත (සූරිය ශංකර් මොල්ලිගොඩ) හා වසන්ත කුමාර බව පැවසේ. ‘ඔරියන්ටල් නැටුම් නම් ඉන්දීය නැටුම් ශෛලීවල ආභාසය ලබා නව නර්තන  අනුව සකස් කර ගත් නැටුම්ය. දේශීය නැටුමක් වුවත් දේශීය හුරුවෙන් ඉවත්කොට ‘ඔරියටල්’ කළ හැකි බව ‘ ශ්‍රී ලාංකික නර්තනයේ විකාශනය’ (1908-1978) කෘතියේ සඳහන් වෙයි. සමස්ත භාරතීය නර්තන උළෙලේදී ‘චන්ද්‍රලේඛා නෘත්‍ය නාටකය’ නටන්නට තාගෝර්ගේ මිනිබිරිය වන නන්දිකා ත්‍රිපලවති සමග චිත්‍රසේනට රඟපෑමට හැකි වූයේ ඒ නිසා යයි ඒ කෘතියෙන් කියවේ. 


පත්තිනි, නාරිලතා වන්නම, ශාරි නැටුම හා විජය රාජපුවත චන්ද්‍රලේඛාගේ නිර්මාණාත්මක නැටුම් අතර මුල් තැනක් ගන්නා බව පැවසේ. ඇගේ සෑම නිර්මාණයකම  සෙවණැල්ල මෙන් සිටියේ ඇගේ සැමියා වූ කලා ගුරු ජේ.ඩී.ඒ. පෙරේරාය. මේ හැම ප්‍රසංගයකම පසුතල  නිර්මාණ හා රංග ප්‍රයෝග ඔහුගේය. චන්ද්‍රලේඛාගේ නර්තන කණ්ඩායම  එකතු වූ පිරිස කලා ලෝකයට අලුත් නම්වලින් පෙනී සිටියහ. රංජනා (තංගරාජා) මංගලිකා හේමා, කදම්බරි, සෝමා සාගරිකා, ප්‍රියංවදා, වසන්ත කුමාර, කුමාර ගුප්ත, නිමල්  මේ අතර කැපී පෙනුණාහ.


චන්ද්‍රලේඛා කලක් දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලයේ  බටහිර සංගීත උපදේශිකාව, නැටුම් ගුරුවරිය ලෙස කටයුතු කළාය. පසු කලක  ලංකාවේ අසහාය නිළිය හා ගායිකාව වූ ඬේසි ඩැනියල්ස් (රුක්මණී දේවිය)  චන්ද්‍රලේඛාවන්ගේ සිසුවියකි. 
 කලා ලොවේ මෙතරම් දස්කම් පෑ චන්ද්‍රලේඛා අවසාන නර්තන සංදර්ශනය  පවත්වා ඇත්තේ 1941 වසරේ මාර්තු 27 වැනිදා ආණ්ඩුකාර සර් ඇන්ඩෲ කෝල්ඩිකොට් හා ආර්යාවගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීගල් නෘත්‍ය ශාලාවේදීය. යුද්ධාධාර සැපයීමට පවත්වන ලද ප්‍රසංගය ගැන එදා ඉංග්‍රීසි  පුවත්පතක පළවූ අගනා විස්තරයක් මහාචාර්ය  කාරියවසම්  සඳහන් කර ඇත්තේ  මෙසේය. 
‘යුද්ධාධාර සැපයීම සඳහා කළ සන්දර්ශනයේ ආයිත්කම් 13කි. පූජා කියා ආරම්භ විය එය උඩරට නැටුමේ බුලත් පදයෙන් ගත්තකි. අඳුරේ  පසුබිමක තිබෙන දාගැබකට කරන නමස්කාරයක් ලෙස එය ගත් අතර ප්‍රේමා හා චන්ද්‍රලේඛා ලාස්‍ය නර්තනයක්ද කළහ. චිත්‍රසේන නටරාජා නර්තනය කළේය. වසන්ත කුමාර දඩයක්කරුගේ නැටුමයි. ගැමි නැටුම් අංගද විය. චන්ද්‍රලේඛා තනිව කළ වසන්ත ක්‍රීඩාව ද  සිත්  ගත්තකි. මෙය  චන්ද්‍රඛාගේ අවසාන මහජන නර්තනයයි. 


ඉන්දියානු නාට්‍ය කලා මණ්ඩලයේ ශිල්ප ඉගෙන ට්‍රැවන්කෝර්හි මහාරාජා ඉදිරියේ රැඟුම් දැක්වූ චන්ද්‍රලේඛා කොළඹ විශ්වවිද්‍යාලයේ නාට්‍ය කලා අංශය භාරව සිටි අතර එහිදී ඇය උඩරට නැටුම් ඉගැන්නුවාය. 1941  ජූලි 20 වැනිදා චන්ද්‍රලේඛා  පදිංචිව සිටි කෝට්ටේ පාරේ ආබත්නම් මාවතේ  නෙදර්ටන් නිවසේදී මිය ගියාය. 31 වැනි වියේ පසුවූ ඇයගේ වියෝවීම  ශ්‍රී ලංකාවේ  නර්තන කලාවට ඉමහත් පාඩුවක් වූ බව කලා රසික රසිකාවියෝ හා කලා විචාරකයන් කියා සිටියහ. චන්ද්‍රලේඛාගේ සහෝදරයන් වන ජී.එච්. (හැරී), එච්.ආර්.බී. (හෙක්ටර්) කරුණාතිලක, සැමියා ජේ.ඩී.ඒ. පෙරේරා ජූලි 23 වැනිදා අවසන් කටයුතු කරන බව වාර්තාවේ. ඇය පදිංචිව සිටි ආබත්නම් පාර අද ‘චන්ද්‍රලේඛා පාර’ ලෙස නම් කර ඇත. 

 


ආලේඛ්‍ය චිත්‍ර (චදරඒසඑ) ඇඳීමෙහි  ප්‍රවීණතා දැක්වූ ජේ.ඩී.ඒ. පෙරේරා මහතා තම බිරිඳගේ ආලේඛ්‍ය  චිත්‍රයක් ඇඳ තිබුණත් එය ඔහුට නිම කිරීමට නොහැකිවිය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ කථිකාචාර්ය ජගත් රවීන්ද්‍ර මහතා ඒ නිම නොවූ ආලේඛ්‍ය  චිත්‍රයේ ඡායාරූපයක් අපට ලබා දුන්නේ මහාචාර්ය ඇල්බට් ධර්මසිරිගේ මැදිහත්වීමෙනි. මෙහි පළ වන්නේ නිම නොවූ චිත්‍රයයි. 


චන්ද්‍රලේඛාට පසු නර්තන ලෝකය එකලු කළ අනික් නර්තන ශිල්පිනිය රංජනා  තංගරාජාය. උඩරට නැටුම් සහිතව ප්‍රථම මුද්‍රා නාට්‍ය ඉදිරිපත් කිරීමේ ගෞරව හිමි වෙන්නේ ඇයටය. ‘ලංකා උපත’ නම් මේ මුද්‍රා නාට්‍යයේ උන්මාද චිත්‍රාගේ භූමිකාව රඟපෑවේ රංජනාය. ඇයතම ගුරුවරුන් වූ අල්ගම කිරිගණිත හා අර්නෝලිස් ඉඹුල්ගොඩ ගුරුන්නාන්සේලාද සහභාගි කරගත්තාය. මහාචාර්ය කාරියවසම් කියා ඇති පරිදි රංජනාගේ උඩරට නැටුම එහි පසුබිමින් වයලීනය, ගැට බෙරය හා බටනලාව උපයෝගී කර ගෙන ඇත. 
1952 නොවැම්බර් මාසයේ රංජනා  උඩරට ‘කැන්ඩියන්’ නාටකයක් ලෙස ‘බර්ත් ඔෆ් ලංකා’ රංග ගත කළාය. ඇය ඇගේ සැමියා වන සරවනමුත්තු තංගරාජා සමග එක්ව ලංකා ඉතිහාසය  ඇසුරෙන් නිර්මාණය කළ මේ නාටකය සඳහා දමිළ හා සිංහල නළුවන් සමග එකට එකතුව ජාතික සමගිය කලාව මගින් ඇති කිරීමට උත්සාහ ගත්හ. 


1922 අප්‍රේල් 03 වැනිදා රංජනා තිලෝක් අම්මා වත්තල හුණුපිටියේ උපත ලැබුවාය. ඇයට තංගරාජා මහතා හමුවන්නේ අහම්බෙනි. යාපනේ උපත ලබා සාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනීම ලබා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ඊග ් සහ ඊගීගක්‍ උපාධි ලැබූ ඔහු එවකට කොටහේනේ කොලේජර් විදියේ තිබුණු සාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයකු විය. හිටපු  අග්‍රාමාත්‍ය ඩඞ්ලි  සේනානායක හා අමාත්‍ය සී.පී. ද සිල්වා යන මහතුන් තංගරාජා මහතාගෙන් ඉගෙන ගත් ශිෂ්‍යයෝ වූහ. බොහෝ ඇසූ  පිරූ තැන් ඇති තංගරාජා මහතා ශිෂ්‍ය කාලයේ සිටම හඳුනාගත් වල්පොළ රාහුල හිමියන්, කළල්ඇල්ලේ ආනන්ද සාගර හිමියන්ගේ මාර්ගයෙන් බණ්ඩාරනායක මහතා හමුවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළ ඒ යුගයේ තංගරාජා මහතාට එම පක්ෂයේ භාණ්ඩාගාරික  පදවියක්ද ලැබෙයි. තනිකඩයකු වූ 45 හැවිරිදි තංගරාජා මහණවීමට බලාපොරොත්තුවෙන් සිටි අතර රාහුල හිමියන් සමග වත්තල හුණුපිටියේ නිවසක පදිංචියට ඔහු ගියේය. එම නිවසේ හිමිකාරියගේ 13 හැවිරිදි රංජනා නැටුමට තිබූ දක්ෂතා දැක ඇයට  උපකාර කිරීමට තංගරාජාට සිතුණි රංජනා දකුණු ඉන්දියාවේ ‘කලා ක්ෂේත්‍ර’ වෙත යවා නර්තනය ඉගැන්වීමට කටයුතු කළ ඔහු ඉන්පසු  රුක්මණී දේවි, අරුණ ඬේල් යටතේ වසර 03ක අධ්‍යනයක්ද ලබාදීමට කටයුතු කළේය. රංජනා නැටුම් හදාරා සමුගන්නා අවස්ථාවේ  ෂ අසිය ියැ ජදමකා ිමබජැැා පැ ්එ න්ක්නයඑයැර් ඇගේ ගුරුතුමිය ආශිර්වාදය කරමින් කීවාය. ඉන්පසු  තංජෝර්හි නැටුම්  විශේෂඥවරියකු වූ මීනක්ෂි  ිමබා්ර්ප චසකකස  හා ඪ්කමමර ප්බසජන්බ චසකකස යටතේ රංජනා විශේෂ පුහුණුවක් ලබා ගත්තේ තංගරාජාගේ අනුග්‍රහයෙනි. 


රංජනා, තංගරාජා මහතාට කළගුණ සැලකුවේ සිය කැමැත්තෙන් ඔහුගේ බිරිය වෙමිනි. ඔවුන්ගේ වයස් පරතරය අවුරුදු 27කි. විවාහයෙන් පසු රංජනා උඩරට නැටුම් ඉගෙනීමට ආශා කළ නිසා තංගරාජා තම සමීපතම මිතුරකු වූ කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා මහතාගේ මාර්ගයෙන් ඔහුගේ බිරිඳ චන්ද්‍රලේඛාගේ ඇසුරට පත් කළේය. චන්ද්‍රලේඛා විසින් අල්ගම කිරිගණිත ගුරුන්වෙත රංජනා යොමුකළ  කාලයේම එනම් 1950 වසරේ කැරොල් රීඞ් නම් ඉංග්‍රීසි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලංකාවට පැමිණයේ තමා ලංකාවේ රූගත කරන දමඑ ජ්ිඑ දf එයැ ෂික්බා චිත්‍රපටයේ රූගත කිරීමටය. මේ චිත්‍රපටයේ නාමාවලියට පසුබිමින්  නිරූපණය වන උඩරට නැටුමක් සඳහා ශිල්පිනියකගේ අවශ්‍යතාව ඔහුට මතුවිය. කැරොල් රීඞ් මේ බව කොළඹ නගරාධිපති එස්. සෙල්ලමුත්තුට කීවේය.   
ඕකට ගැළපෙන දක්ෂ නර්තන ශිල්පිනියක් ඉන්නවා. මගේ යාළුවකුගේ බිරිඳ. රංජනා තංගරාජා කියලා. 


මේ අනුව රංජනා ඉදිරිපත් කළ උඩරට නැටුමක් අවුට් කාස්ට් ඔෆ් ද අයිලන්ඞ්’ සඳහා රූ ගත වූ අතර ඇය ඒ සඳහා තම යෙහෙළියන්ද අල්ගම කිරිගණිත හා ඉඹුල්ගොඩ අර්නෝලිස්  යන ගුරුන්නාන්සේලාද  තෝරා ගත්තාය. ඇගේ විස්මිත  රංගනය ලොව පුරා සුපතළ වූයේ මේ ඉංග්‍රීසි චිත්‍රපටයත් සමගය. මෙය දුටු ජර්මනියේ රූපවාහිනී කැමරා අධ්‍යක්ෂ ෑසඑැක ඛ්බට ලංකාවට පැමිණ රංජනාගේ උඩරට නැටුම් රූපගත කළේය. එංගලන්තයේ දී ඉංග්‍රීසි  චිත්‍රපටයේ ඇගේ  නර්තනය දැක මවිත වූ ඇයට ප්‍රශංසා කොට ඇගේ පත්තරයේ පළ වූ ඡායාරූපයක් එයාමේල් කවරයේ අලවා ක්‍ෑශඛධභ කියා ලංකාවට  තැපැල් කර එවා ඇත. තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලංකාදීප කර්තෘ ධනපාල  මහතා වෙත යොමු කළේ 1951 දෙසැම්බර් 30 වැනිදා ‘ඉරිදා ලංකාදීප’ පත්‍රයේ මුල් පිටුවේ ඉංග්‍රීසි  චිත්‍රපටයක රඟපෑ ලංකා නිළිය යන විස්තරය හා ඡායාරූප දැකීම නිසාය. මෙහි පළ වන්නේ එංගලන්තයේ සිට එවන ලද එයාමේල් ලිපියේ කවරයයි. 


රංජනා ගැන තොරතුරු සෙවීමේදී කලකට ඉහත ලංකාවේ විශිෂ්ට කලාකරුවකු වූ සෝමබන්ධු විද්‍යාපති සූරීන්ගේ බිරිඳ මාලනී විද්‍යාපති මහත්මිය  (ඇය රවිබන්ධු හා මනුබන්ධුගේ මව) මට කී කතාවක් සිහිපත් වෙයි. 


මගේ පියා අල්ගම කිරිගණිත ගුරුන්නාන්සේ. රංජනා තාත්තගෙන් නැටුම් ඉගෙන ගන්න එනකොට මට අවුරුදු 10ක් විතර ඇති. ඇය ඉතාම ලස්සන කාන්තාවක්. එතකොට එස්. තංගරාජා මහත්තයා  මහරගම ගුරුඅභ්‍යාස විද්‍යාලයේ චිදුහල්පති.  ගුරු නිවාසයේ තමයි රංජනා තාත්තා එක්ක නැටුම් පුහුණු වුණේ. තාත්තගෙන් උඩරට නැටුම් ඉගෙන ගෙන රංජනා ‘විජය කුවේණි’ කියලා  මුද්‍රා නාට්‍යයක් කළා. එහි විජය ලෙස රඟපෑවේ තාත්තා. මමත් මේ නාට්‍යයේ රඟපෑවා. 


මහාචාර්ය මුදියන්සේ දිසානායක රංජනා නර්තන විශාරද වරියගෙන් ඉගෙන  ගත් අන්තිම ගෝලයාය. 


කොටහේනේ කොලේජ් විදියේ රංජනා මැතිනියගේ නර්තනෝදය ඇකඩමියේ නර්තනය ඉගෙන ගත් අන්තිම ගෝලයා මම. 1973 දෙසැම්බර් 08 වැනිදා මට අමතක නොවන දවසක්. රංජනා ගුරුමාතාව පැවැත්වූ නෘත්‍ය රජක ප්‍රසංගයේ රන් සළඹ’ මුද්‍රා නාට්‍යයේ රංජනා, අර්නෝලිස් යන ගුරුවරුන්  සමග අංකුර නැටුම් ශිල්පියකු ලෙස මම රඟපෑවා. රංජනා ගුරුතුමිය මට මගේම මාතාව වගේ  ආදරය කළා. 


1984 වසරේ රංජනා ඉන්දියාවේ හින්දු කෝවිල් වන්දනා කිරීමට ගියාය. රාමේෂ්වරම් හි පූජාවක් පවත්වා මගේ හිතට අද අමුතු හීනයක් දැනෙනවා කියමින් අසල තිබූ ගල් පඩියක ඉඳගත් ඇය ගල් කණුවකට පිටදී මද නින්දකට වැටුණාය. 1984 මාර්තු 12 වැනිදා ඇය  සුවසේ නින්දේම මිය ගොස් සිටි බව රංජනාගේ  වැඩිමහල් පුත් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ටී. අර්ජුන (තංගරාජා අර්ජුන) අපට කීවේය. රංජනා තංගරාජා යුවළගේ සමීප  හිතවතුන් වූයේ වල්පොල රාහුල, හැවන්පොල රතනසාර, කොටගම වාචීස්සර, කළල්ඇල්ලේ ආනන්ද සාගර (කේයස්), බඹරැන්දේ සිරි සීවලී, කොටහේනේ  පඤ්ඤාකිත්ති යන පඬිහිමිවරුන්ය. තංගරාජා මහතාගේ ඥාතිපරපුරෙන්  ලැබුණු වල්ලිපුරම් රන්පත් ඉරුවේ අවසාන පෞද්ගලික භාරකරු ඔහුය.  තංගරාජා  යුවළට පුතුන් හතර දෙනෙක් හා දියණියක් ද වෙයි.


වැඩිමහල් පුතා ටී. අර්ජුන කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ලන්ඩනයේ London school of film Techique  ආයතනයෙන් සිනමා උපාධිය ලැබූවෙකි. වසන්තේ දවසක්  (1981) වසරේ මේ චිත්‍රපටයට ජනාධිපති සම්මාන 08 හිමි වී ඇත. එම චිත්‍රපටය ඇතුළු චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කළේය. දෙවැනි පුතා හරිරාම්, බෲනායි රජයේ සුල්තාන් පවුලේ මූල්‍ය උපදේශකවරයාය. තුන්වැන්නා වූ විෂ්ණුප්‍රිය ස්පාඤ්ඤ රජයේ බාක් ප්‍රාන්තය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. සිව්වැන්නා කමල කුමරන් ඇමරිකාවේ බැංකු සමූහයක නියෝජ්‍ය සභාපතිවරයෙකි. බාල ම දුව මාණික්ක වල්ලි පුවත්පත් කලාවේදිනියකි. 


තංගරාජා රංජනා සිංහල දමිළ මිත්‍රත්වයේ පාලම ගොඩ නැගූ අඹු සැමි යුවළක් ලෙස මහාචාර්ය කාරියවසම් හඳුන්වා ඇත. 
චන්ද්‍රලේඛා ජේ.ඩී.ඒ. පෙරේරා මෙන්ම රංජනා තරංරාජා යුවළ ද කලා ලොවට නොමැකෙන මුද්‍රාවක් තැබූ අඹුසැමි යුවළකි. 



අදහස් (0)

නර්තන ලෝකයේ නොනැසෙන අලංකාරය චන්ද්‍රලේඛා සහ රංජනා

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5254 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site