IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දිය ඇලි රටා පිරි කෙසෙල්ගමුව ඔය දිගේ

කැලණි ගඟේ උපත සොයා 
ගඟ දිගේ ගමනක්

 

කැලණි නදියේ උපත ​ෙසායා යන සෞන්දර්යාත්මක ගවේෂණ චාරිකාවේ පසුගිය සතියේ අප පොල්පිටියේ සිට හඟරාපිටිය පාර ඔස්සේ සප්ත කන්‍යාවියන් අසලින් මස්කෙළිය ඔය දිගේ ලක්ෂපාන බලාගාර සහ කැනියොන් බලාගාර හරහා මාඋස්සාවට ගියෙමු. අද අපි නැවතත් පොල්පිටියේ සිට ගමන් අරඹන්නෙමු. ඒ කෙසෙල්ගමු ඔය දිගේ ලංකාවේ පැරණිම විදුලි බලාගාරය තිබූ විදුලියේ පියාගේ සිහිවටන අතරින් කාසල්රි ජලාශය වෙතය.   


පොල්පිටියේ සමනල බලාගාරයට ප්‍රථම හමුවන මංසන්ධියෙන් ලක්ෂපාන පාරට හැරී මද දුරක් ගිය විට පල්ලෙවත්ත උපතැපැල් කාර්යාලය අසලින් වමට දිවෙන දෙගම්පිටිය - කැලණිගම මාර්ගයට හරවා යායුතුය. එම මාර්ගයේ කි.මී. 4 ක් පමණ ගිය පසු දෙගම්පිටිය පන්සල අසලින් කෙසෙල්ගමු ඔය මතින් දිවෙන පාලමින් එගොඩ විය යුතුය. මෙතෙක් මාර්ගය පිහිටියේ කෙසෙල්ගමු ඔයට සමාන්තරවය. මෙම ප්‍රදේශය ද කඳුවැටි, අඳුරු වනපියස් අතරින් දිවෙන තරමක් අබලන් මාර්ගයකි.   


අහිංසක ගැමි ජීවන රටාවකින් හෙබි මිනිසුන් වාසය කරන මෙම ප්‍රදේශය හා කෙසෙල්ගමු ඔය දැඩිව බැඳී පවතියි. ජල ස්නානය, රෙදි ​ෙස්දීම ආදී කටයුතු සඳහා ජනතාව මෙම දියවර පරිභෝජනයට ගන්නා වග අපි දැනගත්තෙමු.   


පාලමින් එගොඩ වූ පසු හොරකඩ මාර්ගයේ ගොස් හමුවන මංසන්ධියෙන් දකුණට හරවා ඇල්ල උඩ තෙනියාගල පාරේ තවදුරටත් ගමන් කළ යුතුය. මෙම මාර්ගයෙන් අප මීළඟට යන්නේ කෙසෙල්ගමු ඔය මගින් නිර්මාණය කරන සුන්දරම ලලනාවිය නැරඹීමටය. එනම් අැබර්ඩීන් ඇල්ල වෙතය. මෙම මාර්ගය හැරුණු විට ඇබර්ඩීන් ඇල්ලට ළඟා විය හැකි මාර්ග දෙකක් ප්‍රධාන වශයෙන් පවතියි. කිතුල්ගල සිට හැටන් වෙත ගමන් කරන විට කලුගල මංසන්ධිය පසුකර මද දුරක් යන විට ඇබර්ඩීන් වෙත ළඟාවිය හැකි ප්‍රධානම මාර්ගය හමුවේ. එ් හරහා ගොස්​ ඇබර්ඩීන් ඇල්ලේ නැරඹුම් මැදිරිය පිහිටි ස්ථානයට සහ ඇල්ල ඉහළට යා හැකි පහසුම අඩි මාර්ගයට ළඟා විය හැකිය.   


අනෙක් මාර්ගය නම් ගිනිගත්හේන නගරයේ ඇති අඹතලේ මාර්ගයයි. එම මාර්ගය අවසන් වන ස්ථානයේ පිහිටි බුදු මැදුර අසලින් වාහන නවතා කිලෝමීටරයක පමණ පා ගමනකින් පසු ඔබට ඇල්ලේ පාමුල පිහිටි ඉසව්වට ළඟා විය හැක. මෙම ඇල්ල අසල කුඩා වන ​ෙරාදක් ඇති අතර පොළඟා නම් සර්පයා තරමක් බහුලව වාසය කරන බව ගම්වැසියෝ අපට පැවසූහ.   


මීටර් 98 ක් (අඩි 322 ක්) පමණ උසැති ඇබර්ඩීන් ඇල්ල (Aberdeen fall) කෙසෙල්ගමු ඔය නිර්මාණය කරන උසම දිය ඇල්ල වේ. ඇබර්ඩීන් වතුයායට අයත් මෙම ප්‍රදේශය ගිනිගත්හේන නගරයට අයත් ​ෙව්. අතීතයේ ඉතා සුන්දරව පිරිපුන්ව පැවති මෙම ඇල්ල ලක්ෂපාන ව්‍යාපෘතිය යටතේ නොර්ටන් බ්‍රිජ් වේල්ල හේතුවෙන් ජල ප්‍රමාණය අඩු වී ඇත. ගංවතුර සමයේ දී සහ අධික වර්ෂා සමවලදී ඇබර්ඩීන් තරම් සුන්දරියක් මෙම ප්‍රදේශයේ නැති තරම්ය. මන්ද ඇබර්ඩීන් ඇල්ලේ ඉහළ තවත් අවශේෂ කුඩා ඇලි දෙකක් පමණ දැකගත හැකි අතර වර්ෂා කාලයේ එම ජලය සියල්ල එක් සේලයක් ලෙස එක්ව ඉතා පළලින් යුතුව අතිශය ප්‍රචණ්ඩව කඩා වැටෙයි.   


ඇබර්ඩීන් ඇල්ලේ පාමුල පිහිටි විශාල තඩාගය දැවැන්ත වැලි නිධියක් වන අතර මීට වසර කිහිපයකට පෙර වනතුරු බොහෝ දෙනෙක් පිහිනීමට සහ ස්නානයට ගොස් මියගොස් ඇත. මන්ද ජලය වැඩි කාලවලදී එම වැල්ල සහ අසල පිහිටි ගැඹුරු ඉසව්ව එරෙනසුලුවීම හේතුවෙනි. ඇබර්ඩීන් ඇල්ල ඉහලට පිහිටි ඉඩ​ා ඇළ යුගලයට ඉතා පහසුවෙන් යා හැකි ලෙස අඩි මාර්ගය සහ ඇල්ලට ප්‍රවිශ්ට වීමේ මාර්ගය සහ ඒ අවට ප්‍රාදේශීය සභාව මගින් සංවර්ධනය කර ඇත. එම නිසාම ඇබර්ඩීන් ඇල්ල දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතා ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණයක් බවට පත්ව ඇත.   


මෙම ප්‍රදේශයේ සිට ගඟ දිගේ ඉහළට ගමන් කිරීම අතිශය දුෂ්කර හා අවදානම්සහගතය. මන්ද විශාල ගල් කුට්ටි සහ ගල් පර්වත වලින් මුළු දිය දහරම පිරී ඇති හෙයිනි. එම නිසාම අපි නැවතත් ගිනිගත්හේනට පැමිණ දියගල මංසන්ධිය දක්වා ගමන් කළෙමු. දියගල මංසන්ධිය යනු සිරිපා වාරයේ බොහෝ ජනාකීර්ණ ස්ථානයකි. මන්ද බොහෝ පිරිසක් සමනල වන්දනාමාන කිරීමට යන්නේ දියගල හන්දියෙන් මස්කෙළිය පාරට හරවා වන බැවිණි. මෙම මාර්ගයේ යම්තාක් ගමන් කළ පසු ඔබට වෙනත් මාර්ගයකින් හැරී ඇබර්ඩීන් ඇල්ල වෙත යා යුතුය. දියගල මංසන්ධියේ සිට කිලෝමීටර් කිහිපයක් ගමන් කළ පසු අප ළඟාවූයේ නෝර්ටන් පාලම අසලටය.   


දියගල සිට මස්කෙළියට යන මාර්ගය සොබා සෞන්දර්යයෙන් අනූන වේ. මාර්ගය බොහෝ අබලන් වුවද ඒ හේතුවෙන්ම සෙමින් වාහනය ධාවනය කරන විට මාර්ගය දෙපසින්ම දැකිය හැක්කේ අතිශය සුන්දර වන පියස් සහ කඳු වැටි වේ. මෙම මාර්ගය බොහෝ පටු වන අතර වංගු ගැනීමෙදී ප්‍ර​ෙව්සම් වීම වැදගත් වේ. තවද අප නෝර්ටන් පාලම අසලට පැමිණෙන විට පරිසරය තද අව්​වේ තිබුණ අතර පාලමට පහළින් තරමක් කෘශ ළෙස කෙසෙල්ගමු ඔය ගලා යන්නේ දකුණු පසිනි. නමුත් පාලම පිහිටි වේල්ලේ වම් පස නෝර්ටන් පාලම ජලාශය ජලයෙන් පිරී තිබුණේ කොළ පැහැයෙනි.   


වර්ෂ 1924 දී පමණ නිර්මාණය කිරීමට පටන් ගත්තද වර්ෂ 1950 දී විවෘත කරන ලද නෝර්ටන් වේල්ල ලංකා විදුලිබල මණ්ඩලයේ පැරණිතම බලාගාරය නිර්මාණයට පාදක වූවකි. ගුරුත්වය පාදක කරගත් වේල්ලක් ලෙස නිර්ණය වූ මෙය කොන්ක්‍රීට් වලින් ​ෙගාඩනගන ලද්දකි. එමගින් වේල්ලේ පිටවාන් එකිනෙකට ස්වාධීන ලෙස ස්ථාවරව සිටීමට හැකියාව ලැබෙයි.   


මුහුදු මට්ටමේ සිට මීටර 1000 කට ආසන්න උසින් පිහිටි වේල්ලේ දිග මීටර 103 ක් වේ. වේල්ලෙන් බැඳි දියවර හඳුන්වන්නේ නෝර්ටන් ජලාශය ලෙසය. ජලාශයේ මුළු ධාරිතාව වර්ග මීටර් 390,000ක් පමණ වන අතර වර්ග කිලෝමීටර් 19 ක පමණ වපසරියක ජලය  ජලාශය වෙත ලබා ගැනීමේ හැකියාව ඇත. මීටර 650 ක දිගින් සහ මීටර 280 ක පමණ පළලින් යුතු ජලාශයෙන් මෙගාවොට් 50 ක පමණ විදුලිය උත්පාදනයට හැකියාව ලැබෙයි.   


මෙම ජලාශයට දියවර මුදාහැරෙන්නේ විමල සුරේන්ද්‍ර විදුලි බලාගාරයෙනි. නෝර්ටන් ජලාශයේ දියවර  වෙනමම උමං නළ මාර්ග හරහා පැරණි ලක්ෂපාන බලාගාරයට ගෙන යන අතර අතිරේක දියවර කෙසෙල්ගමු ඔය හරහා තවදුරටත් මුදා හැරේ.   


ලාංකේය විදුලිබල ක්ෂේත්‍රය තුළ පෙරළියක් කළ පුද්ගලයා ලෙස හඳුන්වන්නේද ජල විදුලියේ පියා ලෙස හඳුන්වන්නේද ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතායි. 1874 වසරේ සැප්තැම්බර් මස 17 වන  දින උපත ලැබූ එතුමන් කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිප්සතර හදාරා පසුව එංගලන්තයේ වැඩිදුර අධ්‍යාපනය ලබා මෙරටට පැමිණියේ පුහුණු ඉංජිනේරුවෙකු ලෙසිනි. කෙ​ෙස් වෙතත් ඔහුගේ සහජ දක්ෂතාව සහ නිර්මාණාත්මක දෘෂ්ටිය හමුවේ ඉතා කෙටි කාලයක් තුළ දිගින් දිගටම ක්ෂේත්‍රයේ ඉදිරියටම යාමට අවස්ථාව ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු වර්ෂ 1931 දී පමණ ජල විදුලි බලාගාර සංකල්පය ලංකාව තුළ ගොඩනැගීමට ක්‍රියා කරන ලදී. එහි නිමැවුම වන්නේ ලක්ෂපාන බලාගාරයයි. පැරණි ලක්ෂපාන බලාගාරය දැනට පවතින පැරණිතම බලාගාරය ලෙස හැඳින්වුවද නෝර්ටන් අසල තිබෙන පැරණිතම බලාගාරය ​ෙම් වන විට වසා දමා ඇත. වර්ෂ 1950 දී ලක්ෂපාන ජල විදුලි බලාගාරය විවෘත කෙරුණු අතර වර්ෂ 1953 දී ඔහුගේ අභාවයෙන් පසු නෝර්ටන් හි තිබෙන බලාගාරය ඩී.ජේ. විමලසුරේන්ද්‍ර බලාගාරය ලෙස නම් කෙ​රුණි.   


අතීතය දශක පහකට අධික කාලයක් පුරාවට විවිධ හැලහැප්පීම්, අධික ගංවතුර, නියඟය මේ කොපමණ ස්වභාවික විපත් පැමිණියද නෝර්ටන් ජලාශය ඒ සියල්ල දරාගෙන අදටත් ශක්තිමත්ව පවතියි. ජලාශයේ නිශ්චල බවත් ඊට පසෙකින් පිහිටි හරිත කඳුයාය දෙසත් බලා සිටීමට ප්‍රිය උපදවන තරම්ය. දැඩි ලෙස නාගරීකරණය නොවූ සුන්දර වටපිටාවක පිහිටි නෝර්ටන් ජලාශයට ඉහළ එනම් නෝර්ටන් ජලාශය පෝෂණය කරන කෙසෙල්ගමු ​ඔයේ මුල් දියවර එක්රැස්කරන ඉසව්ව බලා අපි පිටත් වුණෙමු. ​ 

 
මෙතැන් සිට මාර්ගය දෙකට බෙදෙන අතර ඉන් දකුණට හරවා ගිය කල බින්දුවේ කණුව හරහා මාඋස්සාව ඔස්සේ මස්කෙළියටත් නල්ලතන්නියටත් යා හැක. එය සාමාන්‍යයෙන් සිරීපාදේ යන මාර්ගයයි. වමට හැරවූ විට විදුලිපුර ගම්මානය ඔස්සේ කාසල්රි ජලාශය පිහිටි හැටන් - දික් ඔය ප්‍රදේශයට ළඟා විය හැක. මෙම මාර්ගය බොහෝ දෙනෙක් භාවිතා නොකරන ඉතාම හුදෙකලා වූත් අතිශය සුන්දරතම වනගත මාර්ගයකි. මෙය කෙසෙල්ගමු ඔයට සමාන්තරව කඳු නිම්නය අතරින් විහිදී ඇති හෙයිනි.   

 


මෙම මාර්ගයේ අප ඉදිරියටම යාමට සූදානම් වූයේ නෝර්ටන් ජලාශයට සමු දෙමිනි. මෙම මාර්ගය කැරොලිනා, නෝර්ටන්, වනරාජ මාර්ගය ලෙස හඳුන්වයි. මෙම මාර්ගයට හරවා මද දුරක් ගිය විට මාර්ගය දෙකට බෙදෙන ස්ථානයකදී අප වම් පස මාර්ගයට හරවා ගමන් ක​ෙළ් සිතියමට අනුව එම මාර්ගය කෙසෙල්ගමු ඔයට ඉහළින් පාලමක් මතින් යන හෙයිනි. අප ගියේ එම පාලම පිළිබඳව සොයා බැලීමටයි.   


කඳු අතරින් පිරි මාර්ගය පාලම ළඟට ළඟා වූයේ අපව පුදුම කරවමිනි. මන්ද සමස්ත ගමන තුළම අප දුටු යකඩ වලින් ආවරණය කරන ලද පාලම මෙය වන හෙයිනි. එනම් මෙම​ පාලමේ දෙපස සහ ඉහළ යකඩ වලින් ආවරණය කර ඇත්තේ කැලණි ගඟට උඩින් සේදවත්තේ දිවෙන කළු පාලම දුම්රිය මාර්ගය පරිද්දෙනි   


මෙම මාර්ගය විමලසුරේන්ද්‍ර බලාගාරය අසලට දිවයන අතර ප්‍රදේශය තේ වතුවලින් වටවී තිබුණි. මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට හෝ කිසිවෙක් එම ඉසව්වේ නොසිටි අතර බැලූ බැල්මට මෙය ඉතා පැරණි පාලමක් විය. කෙසේ හෝ පාලමේ ඡායාරූප කිහිපයක් ගත් අපි නැවතත් ප්‍රධාන මාර්ගයට පැමිණ විදුලිපුර මාර්ගයේ ඉදිරියටම ගමන් කළෙමු.   
මෙම මාර්ගයේ දකුණු පස ඝන වනාන්තරයක් වන අතර එහි කඳුවැටි කිහිපයක්ම පිහිටා ඇත. මාර්ගයේ ඉදිරියට ගමන් කළ අප මීළඟට නැවතුණේ විදුලිපුර ගම්මානය අසලිනි. විදුලිපුර යනු වචනයේ අර්ථයෙන්ම ප්‍රථමයෙන්ම විදුලියෙන් අලෝකවත් වූ පුරයයි. විමලසුරේන්ද්‍ර බලාගාරයට තරමක් නුදුරින් පිහිටි මෙම ගම්මානය සුන්දර ජන ජීවිතයක් ගත කරන්නකි. මාර්ගය අසලම විදුලිපුර පාසල අප දැකගත් අතර ප්‍රදේශයද එකම තේ වගා​ෙවන් පෝෂණය විය.   


විටින් විට ඈතින් කඳු වැටි රාශියක් දැකගත හැකි අතර මෙම දකුණු පස කැලයෙන් අනෙක් පස පිහිටියේ මස්කෙළිය ඔයට සමාන්තරව සමනල කන්දට​ දිවයන මස්කෙළිය මාර්ගයයි. මෙම ප්‍රදේශවල භවභෝග වගාව සේම සත්ව පාලනයද සිදු කරන අතර දමිළ වැසියන් බහුලව වාසය කරනු අපි දුටුවෙමු. විදුලිපුරෙන් සමුගත් අපි කඳුහෙල් අතරින් හරිත වන පියස මැදින් දිවෙන සුන්දර මාර්ගය දිගේ ඉදිරියටම ඇදුනෙමු. ඒ යන අතරමග අපට සුවිශේෂී කෝවිලක් නෙත ගැටුණි. එහි මද වෙලාවක් ගත කළ අපි අසල හුන් දමිළ වතු කම්කරුවන් සමග පිළිසදරකට වැටුනෙමු. ඔවුන් පවසන අන්දමට ඔවුන් බොහෝ විට පරිභෝජනයට ගන්නේ වනයෙන් පැමිණෙන දිය දහරාවයි. තවද ජල ස්නානය සහ රෙදි සේදීම වැනි කටයුතු සඳහා බහුල වශයෙන් කෙසෙල්ගමු ඔය ඔවුන් යොදා ගැනෙයි. තවද ඇතැමෙක් පවසන පරිදි ගඟේ ඇතැම් ගැඹුරු දියවැල් පිරි විශාල තඩාග වල ආනාරක්‍ෂිත ලෙස ස්නානයට පැමිණි කිහිපදෙනෙකු මියගොස් ඇත.   


තවද මොවුන් පවසන පරිදි වසරේ සමහර කාලවලදී කෙසෙල්ගමු ඔය දැඩි ලෙස සීඳීමකට ලක්වෙන අතර වර්ෂා සහිත කාලවලදී ගඟේ රෙදි සේදීම පවා දැඩි අනතුරුදායකය. තවද ගංවතුර කාලවලදී සුළු සුළු නායයෑම් දක්නට ඇති අතර එම කාලයේ ගඟ අසලට ළංවීම පවා මරණයට අතවැනීමක් වැනිය. මන්ද ඔවුන් පවසන පරිදි එම කාලයේදී ගඟ දුඹුරු වර්ණයෙන් යුතුව ගල් පෙරළාගෙන, ගස් අතු කඩාගෙන ඉතා ප්‍රචණ්ඩ ලෙස ගලායයි.   


කෙසේ හෝ අපට සිහිවූයේ මීට දෙවසරකට පමණ පෙර සමස්ත ප්‍රදේශයම සුදු රෙද්දක් එළුවාක් මෙන් ඉතා විශාල හා පුළුල් ලෙස ගලාගෙන වැටෙන ඇබර්ඩීන් ඇල්ලයි. කෙසේ හෝ එම අතීතාවර්ජනයත් සමග නැවතත් අප ඉදිරිය බලා ඇදුණෙමු. මීළඟට අපට ළඟාවිය යුතුව තිබුණේ කාසල්රි ජලාශය ආසන්න ප්‍රදේශයටයි. කාසල්රි ජලාශයට නදුරින් ලංකා විදුලිබල මණ්ඩලයේ පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ඇත. තවද මෙම ප්‍රදේශය තුළ වඳුරන්, මොණරුන්, ඉත්තෑවන්, ඕලු මුවන්, මීමින්නා, දිවියා සහ ගෝනුන් වාසය කරන බවත් අපට දැනගැනීමට ලැබුණි. මන්ද මෙම මාර්ගයට අනෙක් පස ඇත්තේ ඉතා පුළුල් ලෙස විහිදුණු වන  පියසත් ඒ සියල්ල සමනල රක්ෂිතයට අසල්වැසි වන නිසාත්ය.   
අපගේ ගමනාන්තයේ තවත් දෙකොටසක් ඇති අතර ලබන සතියේ අප කැලණි ගඟේ ආරම්භක ස්ථානයක් වන මාඋස්සාකැලේ ජලාශයත් ඊට ජලය ලැබෙන ප්‍රධාන මූලාශ්‍ර ගවේෂණයත් කතිකා ​ෙකරේ. මන්ද කැලණි ගඟ යනු අර්ධ වශයෙන් සමනල රක්ෂිතයෙන් පෝෂණය වන්නක් සේම අනෙක් අර්ධය හෝර්ටන් තැන්නෙත් පෝෂණය වන්නක් නිසාය.   

 


(ලබන සතියේ කැලණි ගඟට උපත දෙන සමනල රක්ෂිතයේ මූලාශ්‍ර සොයා)   


සංචාරක සටහන හා ඡායාරූප
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු   



අදහස් (0)

දිය ඇලි රටා පිරි කෙසෙල්ගමුව ඔය දිගේ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6210 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5251 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site