IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගායිකාවන්ට වඩා මම වැඩියෙන්ම ආදරය ක​ළේ නිළියන්ට

සංගීත ක​්ෂේත්‍රයේ බොහෝ විට අප කතාබහ කරන්නේ ගායක ගායිකාවන් පිළිබඳවය. නමුත් ඔවුන්ට ගීත ගැයීමට උදව්වෙන සංගීත වාද්‍ය ශිල්පීන් ගැන කතාකරන්නේ ඉතාමත් අඩුවෙනි. බොහෝවිට සංගීත ශිල්පීන් පාඨකයන්, රසිකයන් හඳුනන්නේ නැති තරම්ය. එ්ත් මේ සංගීත වාද්‍ය ශිල්පියා නම් බොහෝ දෙනා හඳුනති. ඒ තරමට ඔහු ජනප්‍රිය ශිල්පියෙකු ලෙස හැඳින්විය හැකිය. රියැලිටි සංගීත වැඩසටහන්වලදීත්, ගෘහස්ථ ගී ප්‍රසංගවලදීත් සංගීත අධ්‍යක්ෂණ​ෙය්දී ඔහු නැතුවම බැරි ශිල්පියෙකු වී හමාරය.  


සංගීත පවුලකින් පැවැත එන මේ ප්‍රවීණ තබ්ලා වාද්‍ය ශිල්පියා, සංගීත අධ්‍යක්ෂවරයා ලලිත කලාශූරී, විශාරද ම​ෙනා්ජ් පීරිස්ය. ඔහුට එදා සිට අද දක්වා කාන්තාවන්ගේ ආදරය අඩුවක් නැතිව ලැබේ. ඒ නිසාවෙන්ම ඔහු තවමත් විවාහ නොවී තනිකඩයකු ලෙස ඒ ආදරය විඳිමින් සිටී. ක්ෂේත්‍රයේ සමහරු ඔහු හඳුන්වන්නේ ‘තනිකඩ අනංගයා’ ලෙසිනි. මේ නිසාවෙන්ම “ප්‍රේමය, ආදරය, විවාහය” යන පරිච්ඡේදයේ තවත් එක් පිටුවක් ලිවීමට ඔහුට මම ආරාධනා කළෙමි. මේ එම පරිච්ඡේදය පිරවීමට ඔහු විවෘතව ලබාදුන් පිළිතුරුය.  

 

ඔබගේ දිවියේ පළමු ආදර අත්දැකීම මතක ද?  

දුරට ගිය අාදර අත්දැකීමක් මට නෑ. පාසල් වියේදී ආදරය තිබු​ෙණ් මගේ හිතේ විතරයි. මට ආදරය ප්‍රකාශ කරගන්න බැරිවුණා. මම පාසල් යන කාලයේ, ඒ කියන්නේ 8, 9 ශ්‍රේණිවලදී තමයි මුලින්ම ආදර සිතිවිල්ලක් ඇතිවුණේ. මම හිතින් ආදරය කළ ඒ තරුණිය නිතරම මගේ දිහා බලනවා. මමත් බලනවා. ඒ අතරේ තවත් කෙල්ලෝ මා දිහා බලනවා. නමුත් ආදරය ප්‍රකාශ කරන්න මා ගියේ නෑ.

ගැහැනු පාසල් දෙකකම අය මම පාසල ඉවරවෙලා එනවිට බලනවා. නමුත් මට “මම ඔයාට ආදරෙයි” කියලා කියන්න ශක්තියක් තිබුණේ නෑ. හිතේ ආදරය තිබෙනවා. එහෙම ආදරය ප්‍රකාශ කරගන්න බැරිවූ දෙයක් තමයි පාසල් කාලයේදී තිබුණේ.  


ඔබ මුලින්ම ආදරෙයි කියලා කිව්වේ කොයි කාලයේ ද?  

“ආදරෙයි” කියලා මට කියාගන්න ඕනෑ. එයත් එක්ක කතා කරනවා. මට වැටහෙන්නේ නෑ ඇයට ඒ ආදරය කියන්නේ කොහොමද කියලා. මට බයකුත් තිබෙනවා. නමුත් මට වැටහෙනවා එයා කැමතියි කියලා. නමුත් ඒක ආදරෙයි කියලා කියාගන්න බැරිවුණා. පස්සේ කාලයේදී මම ආදරෙයි කියලා කියූ අවස්ථා තිබුණා. තරුණ කාලයේ මහා බොළඳ විදිහට හැම කෙනාටම “ආදරෙයි” කියන්න ගත්තා.  
ඒ කාලයේ හැම කෙල්ලෙකුටම මම “ලව්” කරන්න ගත්තා. ආදරය බැරෑරුම් විදිහට සිතුවේ නෑ. මෙහි වටිනාකම, බැරෑරුම්කම, සුන්දරකම ගැන සිතුවේවත් නෑ. හිතට එන හැමවිටම දකින අයට ආදරය ප්‍රකාශ කළා. පස්සේ වැටහෙන විටදී එහෙම ආදරය කළ කීපදෙනෙක් මට හිටියා.

  
එතකොට ඔබට ප්‍රථම ප්‍රේමයක් තිබුණේ නැද්ද?  

එහෙම ප්‍රථම ප්‍රේමයක් කියලා එකදිගට ගෙනිච්ච ආදරයක් මට තිබුණේ නෑ. ඒක තමයි ඇත්ත. කෙල්ලන්ව සිපගත්ත බව ඇත්ත. නමුත් ඒවා ස්ථිර ආදර සම්බන්ධයක් දක්වා ගෙනගියේ නෑ. කෙල්ලන්ට මම බූට් දීලා තිබෙනවා. මාත් බූට් කාලා තිබෙනවා.  


ඔය ප්‍රේම කතා අතරේ අපූරු තිළිණ එහෙම බෙද‌ා හද‌ාගන්න ඇති නේද?  

අපොයි ඔව්. එහෙම අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඒක සුන්දර අත්දැකීමක්. නමුත් ප්‍රශ්නය මගේ ආදර සබඳතා දවසක් දෙකක් විතරයි තිබුණේ. එවැනි ප්‍රථම ප්‍රේම ගොඩාක් තිබුණා. තෑගි දීලා අයින් වෙලා තවත් කෙල්ලෙකුට තෑගි දෙනවා.  


ප්‍රේමයක් බිඳුණම හිත් රිදීම් ඇතිවුණේ නැද්ද? විරහව ඔබ හොඳින් විඳින්න ඇති නේද?  

දැනුම් තේරුම් ඇති වෙනවිට මට දුක ඇති වුණා. ඇයි මම මෙහෙම කළේ නැත්තේ? ඇයි මම ඒ කෙල්ල එක්ක ප්‍රේමය දිගට ගෙනිච්චේ නැත්තේ? එහෙම හිතලා හරියට දුක්වුණා. සමහර කෙල්ලෝ මම අයින් වෙනකොට හරියට දුක්වුණා. පස්සේ තමයි මටත් ඒ විරහව විඳින්න සිදුවුණේ. එද‌ා මම ඒ ප්‍රේමය එතරම් සැලකුවේ නැහැනේ. මොකද මම අනංගයා වගේ කෙල්ලන්ට ලව් කරන්න ගත්තානේ.

 
ඔබ සංගීත ක්ෂේත්‍රයට එක් වුණාට පස්සේ ගායිකාවන් ගැන ආදර හැඟීම් ඇතිවුණේ නැද්ද?  

සංගීත ක්ෂේත්‍රයට එක්වුණාට පස්සේ කෙල්ලෝ වැඩියෙන් ආශ්‍රය කරන්න පටන් ගත්තා. එතකොට ආදරය බොහොමයි. හැබැයි බලකිරීම් තිබුණේ නෑ. පහුවැනිදා සමහර කෙල්ලෝ මගේ ආදරය බලා​ෙපාරොත්තු වුණා. ඒත් මම ඒවා දිගට ගෙනිච්චේ නෑ. ඒ දවස්වල මම “​ෙෆා්චූන්ස්” වාදක මණ්ඩලයට එක්වුණා. ඉතිං ගැහැනු ළමයි වැඩිම එන ප්‍රසංගවලට මම ද‌ායක වුණා.  


කීර්ති පැස්කුවල්ගේ ප්‍රසංගවල වාදකයෙක් විදියට එක්වුණේ හරිම සතුටින්. මොකද කීර්තිගේ ෂෝ බලන්න වැඩිපුරම ආවේ​ කෙල්ලෝ. ඉතිං හැම ෂෝ එකකදීම මටත් කෙල්ලෝ දෙතුන් දෙනෙක් සෙට්වෙනවා. කොච්චර සෙට්වුණා ද කිව්වොත් එක්කෙනෙක් තියාගන්න පුළුවන් වුණේ දවස් 2-3ක් පමණයි. ඒ තරමට මට කෙල්ලන්ගෙන් ඉල්ලුමක් තිබුණා. කලාකරුවන් හින්ද‌ා අපට සීමාවක් නැතුව ආදරය ලැබෙන්න ගන්නවා. එක එක ප්‍රදේශවලට යනවිට එක් එක් තරාතිරමේ ගැහැනු මට ආදරය කරන්න පටන් ගත්තා.

  
අද වගේ අපේ කාලයේ එහෙම ගායිකාවන් ලොකුවට ක්ෂේත්‍රයට ආවේ නෑ. ඒ නිසා වැඩිමල් ගායිකාවෝ තමයි හිටියේ. අපි ඔවුන්ට “ප​්ලේ” කළා. ඒ නිසා ඔවුන් මට මල්ලි කෙනෙක් විදිහට තමයි සැලකුවේ. දැන් නම් ඕනෑ තරම් තරුණ ගායිකාවන් ක්ෂේත්‍රයට එනවානේ. අපි තරුණ කාලයේ එහෙම තිබුණේ නෑ. එහෙම හිටියානම් ගායිකාවන් එක්ක සම්බන්ධතා ඇතිවෙන්න ඕනෑ තරම් ඉඩ තිබෙනවා. මගේ ජීවිතයේ ගොඩාක් ආශ්‍රය කරන්නේ ගායක ගායිකාවන්ට වඩා නළු නිළියන්. විශේෂයෙන් නිළියන් කිව්වොත් හරි.

  

ඒක ඇත්ත. ​මොකක්ද නිළියන් එක්ක ඔබේ තිබෙන මේ ආදර හුටපටය?  

මගේ තිබෙන්නේ වෙනම ආදරයක්. ලංකාවේ සංගීත ශිල්පියෙක් ලෙස වැඩිම තරු ප්‍රමාණයක් සමඟ සුහදව කටයුතු කරන කෙනා මම වෙන්නැති. ඒක මම ආඩම්බරයෙන් කියන්නේ. රංගන ශිල්පියකුට වඩා නිළියන් මට ආදරය කරනවා. ඒ පැත්තෙන් මම ධනාත්මකයි. බොහොම කිට්ටුයි. මම ඒ නිළියන් හැමෝටම ආදරෙයි. ඒ හැම කෙනාමත් මට ආදරෙයි. මම “චැට් ඇන්ඩ් මියුසික්” වැඩසටහන අවුරුදු 12ක් තිස්සේ කරන්නේ. ඒ අවුරුදු 12ටම මේ නිළියන් මම ගෙනැවිත් තිබෙනවා.   


මට ඒ නිළියන්ගේ නම් ගම් කියන්න ගියොත් ඔවුන්ට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහර කාරණා අතිශය පුද්ගලිකයි. ගොඩාක් ඔවුන් මට කිට්ටුයි. ආදරෙයි.  


ඔය අතරේ හිත නැවතුණු විශේෂ නිළියන් ඉන්නවා ද?  

ඉන්නවා. මට නම් කියන්න බැහැ. හදවතේම ඉන්නවා. අපේ හිතේ මැවී තිබෙනවානේ මෙහෙම කෙනෙක් මැරි කරන්න ඕනෑ කියලා, අපි අාදරේ කරන්න ඕනෑ ​ෙම් වගේ කෙනෙකුට කියලා, ඒ වගේ කෙනෙක් ලබාගන්න හැකිනම් කියලා, ඒ වගේ භාර්යාවක් ලැබෙනවා නම් කියලා. ඒත් මට ලබාගන්න බැහැනේ. මම විවාහ වෙන්න කැමති කෙනා විවාහවෙලා තිබෙන්න පුළුවන්. තැන්නම් එයාට පෙම්වතෙක් ඉන්න පුළුවන්. මම ප්‍රමාද වෙන්න පුළුවන්. කොහොමටත් මම ප්‍රමාද වැඩියි. නමුත් සුන්දරව මගේ ජීවිතයේ ඔවුන් එක්ක ආදරය විඳිනවා.  


සංගීතයට පෙම්බඳින සමහර විවාහක කාන්තාවන් පවා ඔබේ අාදරය පතාගෙන ආවා​ නේද?  

ඔව්. විවාහක කාන්තාවන්ට පවා මම ආදරය කරනවා. ඔවුනුත් මට පෙරළා ආදරය කරනවා. ආදරයට වයස සීමාවක් නෑ. විවාහක ද අවිවාහක ද දුප්පත් ද පොහොසත් ද කියා ආදරයට මගේ සීමාවක් නෑ. ඒක මට ලැබෙන්නේ මම කලාකරුවෙක් හින්දයි. ඒ හැමෝම මම කලාකරුවෙක් හින්දයි ආදරේ කරන්​ෙන්. සමහර වෙලාවට ඒ ආදරය රාගයක් බවට පත්වෙන අවස්ථා ද නැතුවා නොවෙයි.  


මෙතරම් කාන්තාවෝ ඔබට ආදරය කරද්දී, ඇයි ඔබ විවාහයක් ගැන නොසිතුවේ?  

ඒ කාලයේදී මම ඒ ගැන සිතුවේ නෑ. ආදරය එතරම් ගණන් ගත්තේ නෑ. පස්සේ කාලයේදී තමයි මට එය වැටහුණේ. එතකොට මම ප්‍රමාද වැඩියි. දැන් මම සිතනවා. දරුවෝ දැක්කාම ආසා හිතෙනවා. දැන් මට ඒ පාළුව, තනිකම ගොඩාක්ම දැනෙනවා. කාලයක් මම හොඳටම අසනීප වුණා. එතනදී මම ජීවිතය හොඳට තේරුම් ගත්තා. විවාහයක් හෙට වුණත් කරගන්න පුළුවන්. නමුත් මම ජීවිතය තනිකඩව යනවා කියලා තීරණය කරලා ඉවරයි. අනෙක එක්කෙනෙක් බැඳගෙන එකට කොටුවෙන්න මට ලෝබ සිතුණා.  


තනිකඩ දිවිය ගැන දුකක් හිතෙන්නේ නැද්ද?  

හරිම අමාරුයි. දුක හිතෙනවා. අඬන අවස්ථා තිබෙනවා. දකින දේවල්වලින් තැවෙන අවස්ථා බොහොම තිබෙනවා. හදවත ඇතුළේ බැලුවොත් කොයිතරම් දුකෙන් ද මම ඉන්නේ කියලා මම විතරයි දන්නේ. ඒක මඟහරින්න මට බලපානවා සංගීත කටයුතුවල යෙදීමෙන්. රාත්‍රී කාලයේදී හැමද‌ාම ගීතයක් අහලා මම නිදියන්නේ. මම සිංදු ටික ද‌ාලා තියෙන්නේ. ඒවා හුඟාක් ආදර ගීත. ඒ ගීතත් එක්ක තමයි මම නිදි දෙව්දුව වැලඳගන්නේ. මගේ ජීවිතය මේ විදිහට තනිකඩව ගෙවිලා යයි කියලයි මම හිතන්නේ. හුඟාක් අමාරුයි. එහෙම කිව්වට මම ආදරයෙන් පැරදිලා නෑ. තනිකඩ නිසා පාළු තමයි. ඒත් ජීවිතය විඳීම අතින් මම ඉහළයි.  


ඔබේ පවුලේ ඔක්කොම වගේ සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ අය. ඉතිං ඒ අය කරදර කරන්නේ නැද්ද ඔබට විවාහ වෙන්න කියා?  

අනිවාර්යයෙන් ඔවුන් කරදර කළා. විශේෂයෙන් අම්මා වගේ ඉන්න ලොකු අක්කා (ප්‍රවීණ ගායන ශිල්පිනී මල්කාන්ති නන්දසිරි) තමයි වැඩියෙන්ම මට කියන්නේ. අනෙක් අක්කලා නම් කියන්නේ “අපෝ, මල්ලිට හැම තැනම කෙල්ලොනේ. ඒ හින්දා කෙ​ෙනක් තෝරගන්න බැරිවෙලා” කියලයි. ලොකු අක්කාගෙ නම් හැමද‌ාම බලාපොරොත්තුවක් තිබුණා මම විවාහවෙලා දරුවොත් එක්ක සතුටින් ඉන්නවා බලන්න. දැන් ඒක කියලම ඇතිවෙලා ඇති. අක්කාත්, අක්කාගේ මහත්තයාත් (සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි) එක්ක වැඩිපුරම පිටරට සංචාරය කළේ මමයි.  

 
විදෙස් සංචාර 42කට වැඩිය මම ගිහිල්ලා තිබෙනවා. ඒ අතරින් රටවල් 10ක පමණ ඉන්න ලාංකික තරුණියන් මට විවාහ ​ෙයා්ජනා ගෙනැවිත් තිබෙනවා. සමහර පවුල්වල එකම දියණිය මට දෙන්න හැදුවා. අක්කාට ඒ බව කියලා යෝජනා එව්වා. නමුත් මම ඒවා පසු කරගෙන ආවා. ඒ අය දැන් කසාද බැඳලා ළමයින් පවා ඉන්නවා. සමහරු හිතන්න පුළුවන් මට සෙක්ස් ලයිෆ් එකක් නැද්ද කියලා. නෑ මට ඉතාම හොඳ සෙක්ස් ලයිෆ් එකක් තිබෙනවා. හොඳට විනෝද වෙනවා. කොටින්ම ජීවිතය හොඳින් විඳිනවා. අදටත් මාව බඳින්න අහගෙන ඕනෑ තරම් අය එනවා. ඒත් මම ඔවුන්ට ආදරය කරනවා විතරයි. බඳින්නේ නෑ. සමහරුන්​ගේ විවාහ ජීවිතවල හැල හැප්පීම් දැක්කාම මගේ මේ තනිකඩකම කොච්චර හොඳ ද කියලා හිතෙනවා.  


ඒ කියන්නේ ඔබ ආදරය කරන්න හොඳ පෙම්වතෙක් කියල ද?  

ඔව්. මම හිතන්නේ ලෝකයේ ඉන්න හොඳම ආදරය කරන්න පුළුවන් පෙම්වතා මම කියලයි. කෙ​ෙනකුට ලබන්න පුළුවන් හොඳම ස්වාමිපුරුෂයෙක් තමයි මම. හොඳම ආදරවන්තයා මමයි. ආදරය ගැන හොඳට දන්න කෙනෙක්. ආදරයට ගරු කරන කෙනාත් මමයි. නමුත් තනිකඩව ඉන්න කැමති කෙනාත් මමයි. මම ආදරය කරන්න ගත්තොත් උපරිමව ආදරය දෙන කෙනෙක්. ඒ ඔක්කොම කැප කරලා තනිකඩව ඉන්න මම තීරණය කරලා ඉවරයි. මගේ දෛවය අනුව එය වෙනස්වෙයි ද දන්නේ නෑ. සමහරවිට මගේ වයසම කාලෙදී මම විවාහ වෙන්න පුළුවන්. කලාකරුවන්ට විවාහවෙන්න වයස් සීමාවක් නෑ. රවි ශංකර් අවුරුදු අසූගණන්වලදී අවුරුදු විසිගණනක යුවතියකගේ පෙම්වතා වුණා. ඒක තමයි සංගීතයේ තරම. එය ඉතාම උතුම් වස්තුවක්. ඒක හැමදෙනාටම කරන්න පුළුවන් දෙයක් නොවෙයි. එහි වටිනාකම දන්න අය ඉන්න නිසා මගේ අන්තිම කාලෙදී එවැන්නක් සිදුවෙන්න පුළුවන්. එද‌ාට මම කියූ මේ තීරණය වෙනස්වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ලෝකයේ ඉන්න හොඳම පෙම්වතා මම කියලයි.

 

ආදරය, ප්‍රේමය හා විවාහය ගැන ඔබ දැන් කොයි විදිහට ද හිතන්නේ?  

ආදරය, ප්‍රේමය කෙළවර විය යුත්තේ පිරිසුදු, අවංක විවාහයකින්. නමුත් අද එය රාගයට සීමාවෙලා. ලෝකයේම අද දකින්න පුළුවන් එවැනි තත්ත්වයක් තමයි. අද තරුණ පරපුර විවාහයත් ෆැෂන් එකක් කරගෙන. අද විවාහ වෙනවා, හෙට අයින්වෙලා තව කෙනෙක් එක්ක යාළුවෙනවා. ඒ වගේ සමාජයක් අද තිබෙන්නේ. ඒ කාලයේ සමාජය මීට වඩා වෙනස්. ආදරය, ප්‍රේමය හා රාගය සියලු දේ කැටිවෙලා තමයි පිරිසුදු විවාහයක් එද‌ා කරගත​්තේ. අද ආදරයට වඩා රාගයට මුල්තැන දීලා ඉවරයි.  


ලිංගිකත්වය ගැන ඔබ මොකද හිතන්නේ?  

ලිංගිකත්වයට කලාකරුවන් නැඹුරුවෙනවා වැඩියි. කලාව කරන කෙනාගේ ඒ පැත්ත ගොඩාක් වැඩියි කියලයි මා හිතන්නේ. ආදරයට ලිංගිකත්වය අවශ්‍යයි. ඒ දෙක සමබරව තබාගත යුතුයි. තමන් ආදරය කරන කෙනා අද 60%ක් විතර ඒ පැත්තට නැඹුරුවෙලා කියලයි මට හිතෙන්නේ. ඇත්ත කතාව ඒක තමයි. වයසට යද්දී එය වෙනස් වෙනවා. තරුණ ජීවිතවල 50%ක් ඒ පැත්තට නැඹුරු හින්දා තමයි ප්‍රශ්න ඇතිවෙලා තිබෙන්නේ. ඔවුන් ආදරයට වඩා ලිංගිකත්වය සොයාගෙන යනවා. මේ නිසා තමයි දවසෙන් දෙකෙන් අද විවාහ කඩාකප්පල් වෙන්නේ. දික්කසාද වැඩිවන්නේ.  


ඔහුට හැමද‌ාම සිකුරු ලබලා ඇති බව මේ කතාබහේදී අපට වැටහුණි. සංගීතය නිසාම ඔහුට කෙල්ලන්ගෙන්, ගැහැනුන්ගෙන් මිදීමට නොහැකි වී ති​ෙබ්. ඇත්තෙන්ම ඔහු තනිකඩ අනංගයෙක්ම තමා යැයි සිතමින් මම මේ පරිච්ඡේදය ලියා අවසන් කරන්නෙමි.  

 

 

 

සටහන් කළේ 
සමන්ත යහම්පත්  

 



අදහස් (0)

ගායිකාවන්ට වඩා මම වැඩියෙන්ම ආදරය ක​ළේ නිළියන්ට

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10920 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6210 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5929 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5250 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3238 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site