IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හුස්ම විකුණන ඔක්සිජන් බාර්

ලෝකෙන් ටිකක්

 

 

බාර් එකක් ගැනයි මේ කතාව. එහෙත්, මෙය ඔබ හිතන විදියේ බාර් එකක් නොවෙයි. මේ බාර් එක ඇත්තේ නවදිල්ලි අගනුවර, මෙවැනි බාර් කිහිපයක් මේ වනවිට දිල්ලියේ විවෘත වී තිබේ. මේවා ඔක්සිජන් බාර් ය.   


නවදිල්ලි අගනුවර තවමත් විස දුමාරයකින් වැසී පවතී. පසුගිය දීපවාලී දිනයට පසු දිල්ලි වායු දූෂණය අහිතකර මට්ටමටත් වඩා අහිතකර වූයේය. දිල්ලි ප්‍රාන්ත රජය පාසල් සහ කාර්යාලවලට නිවාඩු දුන්නේය. පාසල් දරු දැරියන් වෙනුවෙන් නොමිලේ මුහුණු ආවරණ ලබා දුන්නේය. රථ වාහන සීමා කළේය. මොනවා කළත් අගනුවර වසා ගත් විස දුම් සහ දූවිලි වලාවේ අඩුවක් දකින්නට නොමැති බව පැවැසෙයි.   


දිල්ලි වැසියන්ට පිරිසුදු වාතය ආශ්වාස කිරීමට අවස්ථාව ලබාදීම, ‘ඔක්සිජන් බාර්’ පිහිටුවීමේ අරමුණය. බෝතල් කළ ඔක්සිජන් බාර් එකේ දී ලබා ගැනීමට හැකි අතර, බාර් එකට වී, නාසයට පළඳින නළයක් හෝ මුහුණු ආවරණයකින් හෝ පිරිසුදු නැවුම් වාතය ලබා ගැනීම කළ හැකි වෙයි.   


දිල්ලි බාර්වල මෙසේ ඔක්සිජන් ලබා දෙන්නේ නිකම් නොවෙයි. එය ද ව්‍යාපාරයකි. බිස්නස් එකකි. මිනිත්තු 15 ක් පිරිසුදු වාතය වෙනුවෙන් ඉන්දීය රුපියල් 300 ක් ගෙවීමට සිදුවෙයි. ශ්‍රී ලංකා රුපියල්වලින් 750 ක් පමණය.   


හුස්ම ගන්න බාර් එකකට යෑම අවසානයේ අපට හුස්මත් මිලදී ගන්න වී ඇත. වායු දූෂණය දිල්ලියේ ඉහවහා ගොස් ඇත. දිනෙන් දින ගස් කපමින් කොන්ක්‍රීට් වනාන්තර අහස උසට නැගෙද්දී, වායු දූෂණය ලොව සෑම ප්‍රධාන නගරයකටම අහිතකර බලපෑම් එල්ල කර ඇත. අනාගතයේ දිනෙක ලෝකවාසී අප සැමට හුස්ම ගැනීමට ඔක්සිජන් බාර් වෙත යෑමට සිදුවනු නොඅනුමානය.   

 


ලුසිත ජයමාන්න   
බී.බී.සී. ඇසුරිනි   



අදහස් (2)

හුස්ම විකුණන ඔක්සිජන් බාර්

seneviratne Sunday, 08 December 2019 08:36 AM

හිතෙන කොටත් බයයි. ලංකාවේ ගස් කපන අයට දැඩි දඬුවම් දෙන්න. දැන්ම වන වගාව පටන් ගත්තනම් හොඳයි. මහනුවර වැව රවුම පාරත් ප්‍රශ්නයක්.

:       0       30

eresh S kumara Friday, 13 December 2019 06:47 AM

මී ගස් හිටවන්න කියන්නේ ඔන්න ඕක නිසා ]. ලංකාවේ ඉස්සර රජවරු පවා මී ගස් කපන්න දුන්නේ නැත්තේ රාත්‍රියේ පවා ඔක්සිජන් පිටකරන ලෝකයේ ඇති එකම ගස නිසාවෙන්මයි.ලංකාවේ ගස් කපන්නන්ට දැඩි දඩුවම් දෙන්නම ඕනි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 409 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site