IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මහ රැජිනගේ ඡායාරූපය සාක්කියක් කළ දැරිය

පෙර භවයේ ප්‍රබල සාක්කි


එංගලන්තයේ දෙවැනි එළිසබෙත් රැජින ප්‍රබල සාක්කියක් බවට පත් කළ පුනර්භව සාධකයක් පර්යේෂණ අතරට එක්වූයේ ශ්‍රී ලංකාවේ දැරියක් මගිනි. ශ්‍රී ලංකාවේ ප්‍රථම පුනර්භව පර්යේෂණය වූයේ ද එම දැරියගේ කතා පුවතයි. ඇයගේ උපත සිදුවූයේ පනහේ දශකයේදී මහනුවර දිස්ත්‍රික්කයෙනි. එවකට මහත් ආන්දෝලනයක් සිදු කළ එම දැරිය මගින් අනාවරණය වූයේ පෙරභවයේදී තලවකැලේ ජීවත්ව සිටි තිලකරත්න නම් දරුවකු පිළිබඳවය.  


එම පර්යේෂණය මෙහෙයවූයේ අපවත් වී වද‌ාළ පූජ්‍ය පියදස්සි හිමියන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය කේ.එන්. ජයතිලක සහ ආචාර්ය එච්.එස්.එස්. නිශ්ශංක මහතා විසිනි. ‘නැවත උපන් දැරිය’ යනුවෙන් ආචාර්ය නිශ්ශංක විසින් සිංහල බසින් සහ (THE GIRL WHO WAS REBORN) යනුවෙන් ඉංග්‍රීසි බසින් ද එම දැරියගේ කතා පුවත ග්‍රන්ථයක් මගින් ප්‍රකාශයට පත් කළේය. අනතුරුව ඇමෙරිකාවේ වර්ජීනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින් ද එම දැරියගේ පර්යේෂණය (TWENTY CASES SUGGESTIVE OF REINCARNATION) නම් ඔහුගේ පර්යේෂණ ග්‍රන්ථයකට ද ඇතුළත් කළේය.  


එක්දහස් නවසිය හතළිස් එකේ ජනවාරි 20 වැනිදා අරනායක මහ රෝහලේදී උපත ලද තිලකරත්න නම් දරුවාගේ දෙමාපියන් වූයේ පොඩි අප්පුහාමි මහතා සහ ඇලිස් නෝනාය. පවුලේ කනිටු දරුවා වූ තිලකරත්න අධ්‍යාපනය ලැබුවේ හැටන් හි ශ්‍රීපාද විදුහලෙනි. අනෙකුත් සොයුරු සොයුරියන් සමඟ ඔහු පාසල් ගියේ දුම්රියෙනි. ඔහු හත්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියදී ශ්‍රී ලංකාවට සුවිශේෂී අවස්ථාවක් උදා වී තිබිණි. එනම් එංගලන්තයේ දෙවැනි එළිසබෙත් මහ රැජින ශ්‍රී ලංකාවට පැමිණීමය. එය සිදුවූයේ 1953 අප්‍රේල් මාසයේදීය.  


විශේෂ දුම්රියක් මගින් මහ රැජින ගමන් කිරීම දැක බලා ගැනීමට පවුලේ ඥාතීන් සමඟ තලවකැලේ ප්‍රදේශයේදී තිලකරත්න දරුවාට ද අවස්ථාව උදාවිය. මහ රැජින දැක ගැනීමෙන් පසු මාස හයක් පමණ ගතවිය. පාසල් සිසුවකු වූ තිලකරත්නට ඒ වනවිට කිසිදු රෝගී තත්ත්වයක් නොතිබිණි. එහෙත් ඔහු වයසට වඩා සිරුර වැඩුණු දරුවකු විය. 1954 නොවැම්බර් මාසයේ දිනෙක තිලකරත්න හදිසියේ රෝගාතුර විය. පැය කීපයක් ඇතුළත අසාධ්‍ය තත්ත්වයට පත් වූ තිලකරත්න දරුවා අරනායක රෝහලට ඇතුළත් කළේය. එහෙත් පැය කීපයක් ඇතුළත ඔහු ජීවිතය අතහැර මෙලොවින් සමුගත්තේ දෙමාපියන් සහ පවුලේ ඥතීන් දැඩි කම්පනයට පත්කරවමිනි. හදවත් රෝගයක් උත්සන්න වීම නිසා ඔහුගේ මරණය සිදුවී ඇති බැව් වෛද්‍ය වාර්තා මගින් අනාවරණය වීය. ඔහුට වැළඳී තිබූ රෝග තත්ත්වය CARDIAC FAILURE DUE TO ACUTE NEPHRITES යනුවෙන් වෛද්‍යවරුන් විසින් හඳුන්වාදී තිබිණි. ඔහුගේ මරණය සිදුවූයේ 1954 නොවැම්බර් 9 වැනිද‌ාය.  


අරනායක සුසාන භූමියේදී භූමදානය සිදු කළ තිලකරත්න දරුවාගේ ජීවිතය එතැකින් අවසන් විය. ඒ වනවිට ඔහු 13 වැනි වියේ පසුවිය. කාලය ගෙවී ගියේය. 1956 ජනවාරි මාසයේදී රම්බොඩ රෝහලේදී උපත ලද ඥානතිලකා නම් දැරියක් බහ තෝරන වියට පත්ව සිටියාය. උපතින්ම පැසුණු බුද්ධියක් ඇය තුළින් දෙමාපියන්ට දක්නට ලැබිණ. දිනක් මව ඇමතූ දැරිය ඇයට සොයුරු සොයුරියන් රැසක් සිටි බවත් ඔවුන් සමඟ රැජින බලන්නට ගිය බවත් අනාවරණය කළාය.  


“අපි එහෙදි කෝච්චියෙන් යනකොට රැජින බැලුවා” යනු එම ප්‍රකාශය විය. ඒ වනවිට මහ රැජිනගේ ඡායාරූපයක් හෝ නොදැක සිටි දැරිය එවැන්නක් ප්‍රකාශ කිරීම ගැන දෙමාපියෝ මවිතයට පත්ව සිටියහ. මේ අතර තවත් දිනක් ඇය ‘තලවාකැලේ අම්මා’ යයි ද කීවාය. තම දියණිය කිසියම් පෙර භවයක තොරතුරු හෙළි කරන්නේ දැයි දෙමාපියන්ට සැක සිතුණි. අනතුරුව ඇගේ වදන් පිළිබඳව ඔවුහු අවධානය යොමු කළහ. නැවතත් දිනක ඇය පෙර මතක සටහන් හෙළි කරමින් ‘අපි එහෙදි ශ්‍රී පාදයට ගියා. එතකොට මම ඉස්කෝලෙ ගියේ හැටන් ශ්‍රී පාද විද්‍යාලයට’ යයි ද පැවැසූ දැරිය පෙර භවයේදී ජීවත්වූයේ දුම්රිය ස්ථානයකට නුදුරු නිවෙසක බැව් ද කීවාය. එම නිවෙසේ සිටියදී සුනඛයකු සපා කෑ තුවාලයකට බෙහෙත් දැමීමේ සිදුවීමක් පිළිබඳ ඇගේ මතකයේ තිබිණි. ඔවුන් එහිදී ගිය පූජනීය ස්ථානයක් පිළිබඳ නිතර අනාවරණය කළ දැරිය එහි තිබූ බුද්ධ ප්‍රතිමාවක් ගැන ද හෙළි කළාය. ඔවුන් ලියුම් තැපැල් කිරීමට ගිය කාර්යාලය තිබුණේ කන්දක් උඩ බැව් ද දැරියට මතක තිබිණි.  


මේ අයුරින් පෙර භවය හෙළි කළ දැරියගේ තොරතුරු පිළිබඳව සොයා බැලීමට දෙමාපියන්ට අවස්ථාවක් නොලැබිණ. මේ තත්ත්වය යටතේ ඇගේ තොරතුරු විමර්ශනය කිරීමට පියදස්සි හිමියන් ප්‍රමුඛ පර්යේෂක කණ්ඩායමක් තීරණය කරනු ලැබීය. ඒ අනුව දැරියගේ ප්‍රකාශ සටහන් කර ගැනීමටත් පටිගත කිරීමටත් ආචාර්ය නිශ්ශංක ඇතුළු කණ්ඩායම පියවර ගෙන තිබිණි. එහිදී ඇය සමඟ කරන ලද සාකච්ඡා ද පර්යේෂණ වාර්තාවලට ඇතුළත් විය.   


දැරිය කරන ලද ප්‍රකාශ අතර සටහන් වී ඇති අතිශය වැදගත් කරුණු කීපයක් මෙසේය.  


“තලවකැලේ සිටියා  
සිරිපාදෙ ගියා  
ඉස්කෝලෙ ගියා  
කෝච්චියෙන් ඉස්කෝලෙ ගියා  
අක්කලා හිටියා  
අම්මා තාත්තා ගෙදර ඉන්නවා  
ගේ තිබුණා ස්ටෝරුවක් ළඟ  
තලවාකැලේදි රැජින බැලුවා  
රැජින කෝච්චියෙන් ආවා  
එහෙදි බෙහෙත් බිව්වා 

තලවකැලේ අම්මා අඬ අඬා ළග හිටියා”  


මේ අයුරින් පෙර භවය පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කිරීමට එද‌ා එම දැරියට හැකියාව තිබූ බැව් සටහන් කිරීමෙන් පසු පර්යේෂණ ආරම්භ කැරිණ. දැරියගේ මෙම තොරතුරුවලට සම්බන්ධ පවුලක් සෙවීමට පර්යේෂකයෝ දැඩි විමර්ශනයක යෙදුණහ. ඒ අනුව ඔවුන්ට සනාථ කළ හැකි වූයේ තලවාකැලේ සිට හදිසියේ මරණයට පත් වූ තිලකරත්න දරුවාගේ ජීවිත තොරතුරු එම දැරියගේ ප්‍රකාශවලට සබඳතාවක් ඇති බවය.  


දැරියගේ ප්‍රකාශ අනුව පෙර භව නිවෙසට යෑමට ද එද‌ා ඇයට අවස්ථාව ලැබිණි. එහිදී පෙර භවයේ මව ඇතුළු ඥාතීන් කීපදෙනෙක්ව ද ඇය විසින් හඳුනා ගැනීම ද විශේෂත්වයක් විය. පෙර භවයේ ඇයට ඉගැන්වූ පාසලත් එහිදී ඉගැන්වීම් සිදු කළ ගුරුවරුන් ද ඇය විසින් හඳුනා ගැනීම ද පුදුම උපදවනසුළු විය.  


මෙම පුනර්භව සාධකයේ ප්‍රබලතම සාක්කිය බවට පත්වූයේ මහ රැජින දුටු බැව් දැරිය කළ ප්‍රකාශය විය. ඒ වනවිට පෙර භවය හෙළි කළ දැරිය මහ රැජිනගේ ඡායාරූපයක් හෝ දැක නොතිබිණි. ඇගේ ප්‍රකාශයෙන් පසු රැජිනගේ ඡායාරූපයක් ඇය විසින් හඳුනා ගැනීම ද විශේෂ සිදුවීමක් ලෙස පර්යේෂණ වාර්තාවලට ඇතුළත් කර තිබේ. තිලකරත්න විසින් මහ රැජිණ දැකීම එම ප්‍රකාශය මගින් සනාථ විය.  


මහාචාර්ය ස්ටීවන්සන් විසින් ද මෙම දැරිය පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී ද රැජින දැකීම ගැන ඇය කළ ප්‍රකාශය දැඩි සැලකිල්ලට ගෙන තිබිණ. එම පර්යේෂණ වාර්තාවේ දැරියගේ ප්‍රකාශය සඳහන් කර ඇත්තේ මෙසේය. SUMMARY OF STATEMENT AND RECOGNITIONS MADE BY GNANATILEKA  


SHE HAD SEEN THE QUEEN PASS IN A TRAIN යනුවෙනි. එය සනාථ වූ අයුරු ද එහි සඳහන් කර තිබේ.   


QUEEN ELIZABETH VISITED CEYLON IN 1954. HER TRAIN PASSED THROUGH THALAWAKELE. WHERE IT WAS EASILY VISIBLE TO THE TOWNSFOLK. ON APRIL 1954 THE QUEEN'S TRAIN PASSED THROUGH THALAWAKELE WHERE IT WOULD HAVE BEEN EASILY VISIBLE TO CHILDREN. HER VISIT WAS AN IMPORTANT EVENT OF THE YEAR. PARENTS STATED THE HAD NOT SPOKEN OF THE QUEEN'S VISIT TO GNANATILEKA, WHOSE REMARK ABOUT IT WAS STIMULATED BY SEEING A PHOTOGRAPH OF THE QUEEN.   


​මෙම දැරිය අනාවරණය කළ පෙර භව සිදුවීම් තිහකටත් වැඩි සංඛ්‍යාවක් සනාථ වූ බැව් මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්යේෂණ වාර්තාවට ද ඇතුළත් කර තිබේ. එහිදී සිදු වී ඇති හඳුනා ගැනීම් අතර පෙර භවයේ වැඳුම් පිදුම් කළ පූජනීය ස්ථානය පෙන්වාදීම ද විශේෂත්වයක් විය. ශාස්ත්‍රීය පර්යේෂණයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදු කළ පුනර්භව පර්යේෂණය ලෙස මෙම දැරියගේ කතා පුවත පිළිගැනීමට ලක්විය.   

 


තිස්ස ජයවර්ධන



අදහස් (0)

මහ රැජිනගේ ඡායාරූපය සාක්කියක් කළ දැරිය

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10908 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6205 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5918 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5231 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site