IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නිවාඩුව මළගමක් කළ මුහුදු ඉකිරියා

 

 

බ්‍රිතාන්‍ය ජාතික යුවළක් විවේකී සංචාරයක් සඳහා වෙරළබඩ ගමනාන්තයක් සොයමින් සිටි අතර ඔවුන් තෝරාගත් නවාතැන වූයේ ටැන්සානියාවේ සැන්සිබාර් වෙරළේ නිවාඩු නිකේතනයකි.   


නොගැඹුරු ජලයේ කායැක් බෝට්ටු පදවමින් සිටියදී එය පෙරළීම නිසා ඔවුනට නොගැඹුරු දියේ දී මුහුදු පතුලේ සිටගන්නට විය. නැවත කෙළින් කරගත් බෝට්ටුවට බිරිඳ පහසුවෙන් ගොඩ වූ නමුත් සැමියාට එය අපහසු විය. වතුර ඉතා නොගැඹුරු වූ බැවින් සැමියාට බෝට්ටුවට ගොඩ වීම පවා අපහසු විය. දෙදෙනා මඳ දුරක් ගමන් කළ පසු සැමියා ඉතා අපහසුතාවකින් පෙළෙන බවක් පෙන්නුම් කළේය. කෙසේ හෝ දෙදෙනා නැවත නවාතැනට පැමිණීමට පෙර වෙරළේ මඳක් ගිමන් හරින්නට ද අමතක නොකළහ.   
නවාතැනට පැමිණි පසුවත් සැමියාගේ අපහසුතාව දිගින් දිගටම පවතින බව පෙනුණු අතර දිය නා ගත් ඔහු වායුසමීකරණය අසලට වී සිටියේ අධික රස්නයක් දැනෙන බව කියමිනි. සැමියා දිගින් දිගටම පැමිණිලි කරන්නට වූයේ ඔහුට විවේකයක් අවශ්‍ය බවත්, අත්වේදනා දෙන බවත් කියමිනි. සැමියා ඇඳේ වැතිරී සිටි අතරවාරයේදී ඔහුගේ යටි පතුලේ ඇනී තිබුණු මුහුදු ඉකිරි කටු කිහිපයක් බිරිඳගේ සූක්ෂම ඇසට හසු විය. එහෙත් වෛද්‍යවරයෙක් කැඳවනු පිණිස බිරිඳ කළ යෝජනාව නොසලකා හැරි ඔහුට වේදනානාශක පෙත්තක් දී බිරිඳ පිටතට ගියේ පොතක් කියවීම පිණිසයි.   


බිරිඳ නැවත නවාතැනට පැමිණෙන විට සැමියා යහනේම අවසන් ගමන් ගොස් තිබිණ. ඇය උදවු ඉල්ලා සිටි නමුත් වෛද්‍ය ප්‍රතිකාර පැමිණියේ විනාඩි 40ක් ද ඉක්මවීමෙන් පසුවයි. එහෙත් වෛද්‍යවරුනට කරන්නට කිසිවක් ඉතිරි වී නොතිබිණ. ඔහුගේ මරණයට හේතුව ලෙස කියැවුණේ මුහුදු ඉකිරි විස ශරීරගත වීමයි. 

 

 
අන්තර්ජාලය ඇසුරිනි.   
නිසංසලා දිසානායක   



අදහස් (0)

නිවාඩුව මළගමක් කළ මුහුදු ඉකිරියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 68 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 935 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site