IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දියණියක ලද සතුටට ඉදිකරන ලද ගාල්ල කොටුවේ කුරුස පල්ලිය

ගාල්ල ලන්දේසි රෙපරමාදු දේවස්ථානය

 

අද දින අපි ඔබ වෙත ගෙන එන්නේ ගාලු කොටුවේ ඇති තවත් විස්මය උපදවන ස්ථානයක් පිළිබඳවයි. ඒ වනාහි ලන්දේසි රෙපරමාදු දේවස්ථානය හෙවත් “කුරුස පල්ලියයි”.


ගාල්ල කොටුවේ නව දොරටුවෙන් ඇතුළු වූ පසු හමුවන හතරමං හන්දියෙන් වම්පසට වැටී ඇති මාර්ගයේ (පල්ලිය වීදිය) ඔස්සේ මීටර් 150ක් පමණ ගිය විට දකුණු පසින් මෙම ලන්දේසි රෙපරමුදු දේවස්ථානය දැකගත හැකි වේ. එහි ඉතිහාසය සොයායන විට පෙනීයන්නේ එයට වසර 267ක් තරම් වූ දීර්ඝ ඉතිහාසයක් පවතින බවයි. ලන්දේසි පාලන සමයේදී ගාල්ලේ කොමාන්දියුන්වරයා ලෙස කටයුතු කළ කැස්පාර් ඩී. යෝන්ග් මහතා විවාහ වුවද බොහෝ කලක් ගතවනතුරු දරු සුරතල් බැලීමට දෛවය විසින් ඔවුන්ට ඉඩලබාදී නොමැත. මෙයින් මහත් සිත්තැවුලට පත් ඔහුට බොහෝ කලකට පසු පියෙකුවීමේ වාසනාව උදාවිය. මෙයින් මහත් උද්දාමයට පත් ඔහු දෙවියන් වහන්සේට ස්තූති කරනු පිණිස තමන්ගේ වියදමින් මෙම රෙපරමාදු දේවස්ථානය කරවා ඇත.


1752දී ඉදිකරන ලද මෙම සුවිසල් දේවස්ථානයේ සැලසුම් ශිල්පියා වූයේ එවකට සිටි ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ හා නැව් තනන්නන්ගේ පරීක්ෂකවරයා ලෙස කටයුතු කල ඒබ්‍රහම් අන්තෝනිස් මහතාය. මෙහි පාදම කුරුසයක හැඩයක් ගත් නිසා “කුරුස පල්ලිය” යන නාමයද එකල මේ සඳහා භාවිතවී තිබේ.


ලෝකයම විස්මයට පත්කරන්නාවූ ගාලු කොටුවේ විස්මය තවත් වැඩිකරන ස්ථානයක් ලෙස මෙම ලන්දේසි රෙපරමාදු දේවස්ථානය හැඳින්විය හැකිය. එසේ හැඳින්වීමට සුදුසු අපූර්වතම අංග රාශියක් මෙම දේවස්ථානයේ හා එය අයත් භූමියේ කැටිව පවතී. දැවැන්ත දැවමය දොරටුවෙන් දේවස්ථානයට පිවිසෙන ඔබ පය තබන්නේ ඉංග්‍රීසි අකුරු හා විවිධ රූප කොටා ඇති ගල්පුවරු ඇල්ලූ ගෙබිමකටය. එම අකුරු ඉංග්‍රීසි වුවද එම අකුරු එකට ගලපා එහි අන්තර්ගත විස්තර තේරුම් ගැනීමට උත්සහ කළද ඔබට එය නොහැකි වනු ඇත. එයට හේතුව ඒවා ලියා ඇත්තේ එකල ලන්දේසි භාෂාවෙන් වීමය.


දේවස්ථානයේ ගෙබිම පුරා අල්ලා ඇති විවධ ප්‍රමාණයන්ගෙන් යුත් මෙම ගල්පුවරු වනාහි එකල මියගිය ලන්දේසි හා බ්‍රිතාන්‍ය ජාතික ප්‍රභූන්ගේ සොහොන්වල ඵලකයන්ය. දේවස්ථානයේ ඇතුළත බිම අල්ලා ඇති ඇතැම් ඵලක යට සොහොන් පවා තිබූ බවට සාධක ලැබී තිබේ. එනම් දේවස්ථානය ඇතුළතද මිය ගිය ඇතැමුන්ගේ මෘත දේහ තැන්පත් කර තිබේ. මෙවන් සොහොන් පුවරු 50කට ආසන්න ප්‍රමාණයක් දේවස්ථානයේ ඇතුළත ගෙබිම සැරසීම සඳහා යොදාගෙන ඇත.


සෑම ඉරු දිනකම පවත්වන දේව මෙහෙයේදී කතෝලික බැතිමතුන් මෙම සොහොන් පුවරු මත සිටගෙන හෝ ඒ මත පනවා ඇති අසුන් මත හිඳගෙන දෙවියන් සිහිකරනු ලබයි. මෙහි අල්ලා තිබෙන පැරැණිම සොහොන් පුවරුව 1662 වර්ෂයට අයත්වන අතර එය දේවස්ථානය ඉදිවීමටත් පෙර මියගිය අයෙකුගේ සොහොන් පුවරුවකි. එය දේවස්ථානය ඉදිවීමෙන් පසු මෙහි තැන්පත් කරන්නට ඇත.

 

කළු මැදිරිය දැවයෙන් කරන ලද ධර්මාසනය

 

රහස් සොහොන් ගැබට පිවිසෙන දොරටු ද්විත්වය

 

 


දේවස්ථානයේ ඇතුළු වූ පසු ඉදිරියෙන් පෙනෙන බිත්තියේ දක්නට ලැබෙන්නේද කිරිගරුඬවලින් කරන ලද සොහොන් පුවරු රාශියකි. දේවස්ථානයේ ඇතුළත වම් පසින් විශේෂයෙන් සකස් කරන ලද පීඨිකාවක පැරැණි ඕගනයක් වේ. කොළඹ සිට මෙහි ගෙනවිත් ඇති එම ඕගනය මෙම දේවස්ථානයට ගෙනවිත් වසර 250කට ආසන්න බවට සාධක ඇත. දැනට එය අක්‍රීය තත්ත්වයෙන් පවතී. අතීතයේදී එය ප්‍රධාන දොරටුවට ඉහළින් වූ විශේෂ පීඨිකාවේ තබා වාදනය කරමින් ගීතිකා ගැයීම සිදුකර ඇත.
එම ඕගනය අසලම එයට දකුණු පසින් තවත් සුවිශේෂී නිර්මාණයක් වේ. ඒ වනාහි කළු මැදිරිය දැවයෙන් කරන ලද ෂඩස්‍රාකාර ධර්මාසන කුටියයි. එදා ප්‍රධාන දේව මෙහෙයන් පවත්වා ඇත්තේ මෙම ධර්මාසනයේ සිටය. මෙම දේවස්ථානයේදී පළමුවෙන්ම බවුතිස්ම කරන ලද තැනත්තා වන්නේ මෙය ගොඩනැගූ ඩී යෝන්ග් මහතාගේ දියණියයි.
එය 1755 අගෝස්තු මස 14වන දිනක සිදුකර ඇති අතර එම අවස්ථාව සිහිකරනු පිණිස විශේෂ පුවරුවක් වම් පස බිත්තියේ සවිකර තිබේ. එහි විශේෂත්වය වන්නේ බවුතිස්ම කරවූ දියණිය එම අවස්ථාවේ ඇඳ සිටි උඩුකය ඇඳුමද එම පුවරුවට ඇතුළත් කර තිබීමය.


දේවස්ථානයේ පිටත දකුණු පසින් පොළොව යට දොරගුළු දමන ලද දොරටු දෙකකින් සමන්විත රහස් කුටියක් වේ. මෙයද අතීතයේ මියගිය පුද්ගලයන්ගේ සොහොන් තැනීමට භාවිත කර ඇති බවට සාධක ලැබී තිබේ. දේවස්ථානය වටා වූ දේවස්ථානයට අයත් භූමියේ හාත්පස දක්නට ලැබෙන්නේ සොහොන් පුවරු සිය ගණනකි. ඒ අනුව පෙනීයන්නේ දේවස්ථානය වටාද, දේවස්ථානය ඇතුළත බිම මෙන්ම බිත්තිද වෙන් කර ඇත්තේ මළවුන් සිහිපත් කිරීමට බවය.


ගාල්ල කොටුවේ ලන්දේසි රෙපරමාදු දේවස්ථානයේ ඇති කුතුහලය දනවන, විස්මය දනවන අංග පිළිබඳව තවදුරටත් ලිවිය හැකිවුවද ඉඩ කඩ සීමා සහිත බැවින් මෙසේ අවසන් කිරීමට සිදුවේ. නමුත් මේ ලිපිය දැක ගාලු කොටුවට පැමිණෙන ඔබ කුමන ආගමකට අයත් වුවද මේ අපූර්වතම දේවස්ථානයට පැමිණිම අනිවාර්ය වනු ඇති බව පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත.

 

දේවස්ථානයේ ඇතුළත ගෙබිම සොහොන් පුවරු අල්ලා ඇති ආකාරය

 

දේවස්ථානයේ ඇතුළත ඉදිරිපස බිත්තියේ සොහොන් පුවරු අල්ලා ඇති ආකාරය

 

 

 


කේ. උදේනි අරුණසිරි
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
රත්නපුර



අදහස් (11)

දියණියක ලද සතුටට ඉදිකරන ලද ගාල්ල කොටුවේ කුරුස පල්ලිය

janahitha Sunday, 24 November 2019 03:24 AM

පැරණි බෞද්ධ පුදබිමක් බව කියන මේ ගාලු කොටුවෙන් එල්ල කරනලද කාලතුවක්කු ප්‍රහාරයන්ගෙන් මියගිය දහස ගණන් සිංහලුන් වෙනුවෙන් ගාලු පුරවරයේ ජනයා සිරිමහ බෝධියටත් වඩා මේ කොටුවට වැදුම් පිදුම් කරනවා. 2500 වසරක ඉතිහාසය මේ තුලින් යටපත් කරනවා.

:       434       807

Kumar (Gulf) Tuesday, 26 November 2019 07:38 PM

බුදුන් ලංකාවට එන්නට පෙර සිටම ගාලු වරායට මැදපෙරදිග නැව් පැමිණ තිබෙනවා, ජනහිත ඔබ නොදන්නා අලුත් ඉතිහාසයක් හදන්න යන්න එපා, බයිබලයේ පැරණි ගිවිසුමේ ගාලු වාරයේ පැරණි නම සඳහන් වෙලා තියෙනවා.

:       209       60

gnanasaraThursday, 28 November 2019 10:38 AM

මෙතනට බුදුන් ගැන කතා කරන්න ගන්න මිත්‍යාදෘෂ්ටික ඔබ කවුද ?

:       0       0

lankarama Thursday, 28 November 2019 10:44 AM

ඔබ කියන ඉතිහාසය වසර 2000. බුදුන් දෙසු දහම වසර 2500. එතකොට මහාවංශයෙන් එපිට දෙයක් ලියා තිබෙන බව ඔබ කියනවා.

:       0       0

janabala Thursday, 28 November 2019 10:46 AM

හ්ම්ම්... මුහුද දෙබෑ කර මිනිසුන් මුහුද එතෙර කළ බවත් කියනවලු. එක එක්කෙනාගේ මති මතාන්තර ඇදහිලි එකිනෙකට වෙනස් හැටි..............

:       0       0

sharm warn Monday, 25 November 2019 07:04 AM

මමත් මේ දේවස්ථානය නැරබීමට ගොස් තිබෙනවා . මෙය මිනිසුන් නිකරුනේ වැදුම් පිදුම් කරන ස්ථානයක් නොවේ . නමුත් මෙහි වල දමා ඇති ඕලන්ද ජාතිකයන්ගේ පවුල් වල අය විසින් මුදල් එවා මෙම දේවස්ථානය නඩත්තු කරන නිසා මිනිසුන්ට නැරඹිය හැකි ලෙසට පවතිනවා . ගාල්ලේ දැනට ඕලන්ද සම්භවයක් ඇති විශාල ජනගහනයක් නැති නිසා මෙහි දිව්‍ය පූජා සිදු කරනවාද කියා නොදන්නා නමුත් මෙය සංචාරක ආකර්ෂණයක් ලෙස පැවතෙනවා .

:       0       54

Roshan Wednesday, 27 November 2019 01:01 PM

ජනහිත, ඔබගේ ප්‍රතිචාරය ගැන බොහොම කනගාටු වෙනවා, ගාල්ල නගරයේ ජිවත් වන්නේ බෞද්ද වැසියන්... බුදු දහමට කිසිදු හානියක් මෙම කොටු පවුරෙන් සිදුවී නොමැත. මම ගාල්ලේ බෞද්ධයෙක් වශයෙන් මෙම පුරා වස්තුන් ගැන ආඩම්බර වෙනවා... අපේ ජිවිත මෙම පරිසරයත් සමග හැදුනු වැඩුණු නිසා අනෙක් ආගම වලට ගරු කිරීමට කුඩා කල සිටම අපව යොමු උනා.

:       0       0

janahitha Thursday, 28 November 2019 10:24 AM

වරායක් තිබුන කොටුවක් තිබුනේ නැහැ ඉදිකළේ ලන්දේසි ආක්‍රමණ වලට පසුව ඉතිහාසය ඔබේ පාසලේ වත් නැහැනේ ඔබගේ ඉතිහාසය වසර 200 පමණි 2500 නොවේ.

:       0       0

janabala Thursday, 28 November 2019 10:29 AM

බයිබලයේ පැරණි ගිවිසුමේ .... එය ඔබගේ විශ්වාසය අන් අයගේ විශ්වාසය ලෙස බලයෙන් පටවන්න එපා සත්‍ය නම් නැව් නම් එන්න ඇති නමුත් කොටුව ආවේ පසුකාලයක පරංගි සමග නොයෙක් ආගම් සමග , අපේ වරාය තිබුනේ නම් ඔලුවිල් වලලු පැරණි රජ දවසේ

:       0       0

janahitha Thursday, 28 November 2019 10:36 AM

මා මෙතන ආගම් ගැන ලියා නැහැ. ආක්‍රමණිකයන්ගේ යුද බල කොටුවක් ගැන පමණක් ලියා ඇත. ආගම් යනු එක එක ජනයාගේ විශ්වාසයන් පමණි. එය සත්‍ය අබිභවා යනවා. ඔබ කියන මම නොදන්නා ඉතිහාසය එය තුල ගැබ්වී ඇත. ඔබටත් මටත් සියලුම ජාතීන්ට කිනම් අාගමක් ඇදහුවත් මුහුණ පාන්න සිදුවන්නේ එකම රෝගයන්ට දුක් කම්කටොලු වලට සැප දුක පොදු වෙනවා. හැමෝටම තෙරුවන් සරණයි !

:       0       0

gallage Thursday, 28 November 2019 10:40 AM

ගාල්ලේ අපි ඔක්කොම ඕලන්ද සම්භවයක් ඇති අය ඉතින් ඔහේ කවුද ? මක්කයි මේ කියන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10903 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6202 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5914 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5217 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 205 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site