IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉරානයේදි නැටුවොත් මරණය

 

ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයේ අනුගාමිකයන් දහස් ගණනක් සිටින ඉරාන ජාතික තරුණියන් තිදෙනෙකු අත්අඩංගුවට පත්වීම සමඟ ඉරානයෙන් වාර්තා වෙන්නේ අපූරු කතාවකි. නර්තනයේ යෙදෙන හා එම නර්තන වීඩියෝගත කර සමාජ මාධ්‍යවලට එකතු කරන තරුණියන් විශාල සංඛ්‍යාවක් පසුගිය වසරේදී අත්අඩංගුවට ගත් නමුත් ඔවුන් ජනප්‍රිය අය නොවීම නිසා ඒ කතා කිසිවක් මාධ්‍ය වෙත වාර්තා නොවූ බව කියැවේ.   


සහ්රා අෂ්ෆාරියන්, සාරා ෂරියත්මදාරි හා නිලුෆර් මොටියේ යන තරුණියෝ තිදෙනා ෂෆ්ල් ඩාන්ස් හෙවත් රිද්මයකට අනුව ඉදිරියටත් පසුපසටත් පා මාරු කරමින් කරන නර්තනය සඳහා ඉරානයේ ප්‍රසිද්ධ තිදෙනෙකි. ඔවුන්ගේ සමාජ ජාලවල පාසල් සිසුන් ඇතුළු අනුගාමිකයන් දහස් ගණනක් සිටීම හේතුවෙන් පසුගිය දිනක මේ තිදෙනා අත් අඩංගුවට ගෙන කුප්‍රකට ක්වාචාර්ක් සිරගෙයි රඳවා ඇත. මෙවැනි නර්තන ශිල්පිනියන් රැසක් එසේ අත් අඩංගුවට ගෙන ඝාතනය කර ඇතැයි වාර්තා වේ.   
ගසාලේ නම් 19 වියැති තවත් තරුණියක පසුගිය වසරේ අත්අඩංගුවට පත් වීමට ආසන්නව සිටියදී තුර්කියට පලා යාමෙන් දිවි ගලවා ගත්තාය. ඇය සුම්බා හා බැලේ නර්තන ශිල්පිනියකි.   


උතුරු ඉරානයේ ටැබ්රිස් නම් නගරයක ජීවත් වූ ඈ යොවුන් වියේ සිටම නර්තනයට ආශා කළාය. යන්තම් වයස අවුරුදු 17ක් වූ පසු ඇය තමාගේ නර්තන වීඩියෝගත කර ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයට එකතු කරන්නට පුරුදු වූවා ය. එහෙත් ඇය ඒ සියල්ල කළේ නිවෙසට හා මාපියනට හොරෙනි. මාපියන් දැඩි මතධාරී අය වූ බැවින් ඔවුන්ට හොරා විනෝදාංශයේ නිරත වූ නමුත් බොහෝ දෙනෙක් කරන මේ කටයුත්තෙහි කිසි භයානක බවක් ඇතැයි ඈ නොසිතුවාය.   


ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුව පොදු එකක් නොවන අතර ඈ හට සිටින්නේ ද අනුගාමිකයන් 2000ක් පමණි. නර්තන ශිල්පිනියන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව ඇයට ද දැනගන්නට ලැබුණද ඇය සිතා තිබෙන්නේ ඔවුන් බියවද්දා නර්තනයේ යෙදීම නැවැත්වීමට එසේ කරන බවය.   


ඇගේ ලෝකය කණපිට හැරුණේ ඇය ටැබ්රිස් හි උද්‍යානයක නර්තනයේ යෙදෙමින් සිටින විට එය වීඩියෝ කර එය ඉන්ස්ටග්‍රෑම් හි බෙදාහැරීම සමඟ ය. ඇගේ මිතුරියක් තවත් කාන්තාවක හා එකතු වී කළ මේ වැඩය ගැන ගසාලේ නොදැන සිටි අතර එම වීඩියෝව මුදාහැරීමෙන් විනාඩි කිහිපයකට පසුව ඇගේ ගිණුම හැකරුන්ගේ ආක්‍රමණයට ලක් විය.   
ඉන් දින කිහිපයකට පසුව ඇගේ පාසලට පොලිසියෙන් ඇමතුමක් ලැබිණි. ගසාලේ හා ඇගේ මාපියන් හමුවී යම් දෙයක් ගැන කතා කරන්නට තිබෙන බව ඔවුහු දැනුම් දුන්හ. ගසාලේගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ගැන ඇගේ මාපියෝ දැනගත්තේ ඒ අවස්ථාවේ ය. ඔවුහු ඇයට නර්තනය අත්හරින්නැයි බල කළද, ඇය සිය අදහස වෙනස් කරනොගන්නා බව දුටු බැවින් අවසානයේ හිත හදාගෙන පොලිස් අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා ඇයට තුර්කියට පැන යාමට උදවු කළෝය. 

 

 

 


මාස කිහිපයක් තිස්සේ තුර්කියේ ජීවත්වෙන ඇය මාපියන් සමඟ කිසිදු සම්බන්ධතාවක් නොපවත්වයි. පවුලේ අයගේ සහයෝගයක් නැතිව, දුක සේ ජීවත් වන නමුදු නැවත ඉරානයට නොයන්නට ඇය හිත හදාගෙන හමාර ය. පසුගිය වසරේ සිට මෙවැනි අත්අඩංගුවට ගැනීම් වැඩි වී තිබෙන්නේ රටේ පවතින ආර්ථික අර්බුදය මිනිසුන්ට අමතක කරලීම පිණිස රජයේ වැඩපිළිවෙළකට අනුවදැයි ඇය ප්‍රශ්න කරන්නීය.   


ඉරාන නීතියට අනුව නර්තනයට තහනමක් නැති නමුදු, පොදු ස්ථානවල අවිනීතව හැසිරිම යන නීතිය යටතේ නර්තනයේ යෙදෙන්නන් අත් අඩංගුවට ගැනේ.   
ඉරානයේදී වේදිකාවක් මත නර්තනයේ යෙදීමේ අවසරය තිබෙන්නේ පිරිමින්ට පමණයි. ඉරාන නීතියට අනුව සමාජ මාධ්‍ය තුළින් අවිනීත ක්‍රියා ප්‍රචාරය කිරීම හා ඒවාට දිරි දීම වරදකි.   

 


අන්තර්ජාලය ඇසුරිනි.   
නිසංසලා දිසානායක   



අදහස් (3)

ඉරානයේදි නැටුවොත් මරණය

රජින්ද Friday, 15 November 2019 08:37 PM

ඉරානය විකෘති මානසිකත්වයක් සහිත පාලනයක් ඇති ලෝකයේ රටවල් කිහිපය අතුරින් ප්‍රධානම රටක්.

:       2       127

de silva Sunday, 17 November 2019 08:53 AM

ලංකාවෙත් මුස්ලිම් ජාතිකයන්ට පමණක් අදාල නීති නිසා මුස්ලිම් ජාතික කාන්තාවන්ට විශාල අසාධාරණයක් සිදු වෙනවා. කරුණාකර ලංකාවේ ජිවත්වන සියලුම පුරවැසියන් එකම නීතියක් යටතට ගෙන එන්න කටයුතු කරන්න.

:       317       340

sharm warn Monday, 18 November 2019 03:30 AM

මුස්ලිම් කාන්තාවන්ට වෙන අසාධාරණ ගැන කතා කරන්නේ සිංහල අපි විතරයි මොකද එයාලගේ පිරිමි අය එයාලගේ කටවල් වලට මුද්‍රා තියලා තියෙන්නේ. නමුත් පවතින දේශපාලන ක්‍රමය ඇතුලේ ලංකාවේ ඉන්න මුස්ලිම් කාන්තාවන්ට සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා . අපේ ලොකු පක්ෂ යැපෙන්නේ දෙමළ සහ මුස්ලිම් අයගේ ඡන්ද මත කියල දන්නා නිසා මුස්ලිම් අය තමන්ගේ බලය පෙන්වාගෙන එන්න පටන් අරන් තියෙන්නේ . එකනේ මුදල් විශුද්ධිකර්ණයේ ප්‍රසිද්ධියේම යෙදිච්ච අයට ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන්න ඉඩ ලැබුනේ .. බලාගෙන ඉන්නකෝ අපිට තව මොනවා වෙයිද කියලා ..

:       125       87

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1038 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site