IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ඉංග්‍රීසි ඕඩය හරහා පිහිනූ පිළිකා රෝගී දිරිය ළඳ

ලෝකෙන්  
   ටිකක්

 

පියයුරු පිළිකාව හා සටන් කර ජීවිතය බේරාගත් පිහිනුම් ශූරියක වන සාරා තෝමස්, අඛණ්ඩව පැය 54ක් පුරා සිවු වරක් ඉංග්‍රීසි ඕඩය තරණය කර පිහිනමින් ලෝක වාර්තා බිඳ දැමීමට සමත් වූවාය. 


37 වැනි වියේ පසුවෙන ඈ ඇමරිකානු ජාතික කාන්තාවකි. මෙම ලෝක වාර්තාව තබන්නට ඈ පෙළඹුණේ පිළිකා රෝගවලින් පෙළෙන්නන්ට මානසික ශක්තියක් ලබාදීම පිණිසයි. එම පිහිනුම් සැරිය පිළිකාවෙන් ගැලවුණු අය සහ පිළිකාව වැළඳුණු අය පිණිස කැප කරන බව ඈ පැවසුවාය. 


“මේ ගමන සිය ජීවිත උදෙසා යාච්ඤා කළ, ඊළඟට සිදුවෙන්නේ කුමක්දැයි කලකිරීමෙන් යුතුව බලා සිටින, වේදනාව හා බිය ජයගැනීමට සටන් කරන අයවලුන් වෙනුවෙන් වේවා.... දුෂ්කරම අවස්ථාවලදී අප සමඟ සිටි පවුලේ සාමාජිකයන් හා ඥාතීන් වෙනුවෙන් වේවා... ” 


අප්‍රතිහත ධෛර්යය නිසා ඇය පිහිනුම් ලෝකයේ විශිෂ්ටයන්ගේ ඇගයීමටද පාත්‍ර වූවාය. උත්තරධ්‍රැවය හරහා පළමු වරට පිහිනූ ලුවිස් පග් ඇය අගයමින් කතා කළේ, සීතල, ජෙලි මත්ස්‍යයන්, අධික වෙහෙස, ආත්ම විශ්වාසය හා මනස ඒකාග්‍රව තබා ගැනීම යන අභියෝග පහ ඈ ජයගෙන ඇති බව සඳහන් කරමිනි. 


මෙම වාර්තාව තබමින් ඇය ඉංග්‍රීසි ඕඩය හරහා නොනවත්වා පිහිනූ පළමු කාන්තාව බවට පත් වූවාය. වාර්තාව තැබීම ඇරඹුණේ බ්‍රිතාන්‍යයේ ඩෝවර් වරායෙනි. අවසන් වූයේ එක්සත් රාජධානියේ දකුණු වෙරළ තීරයෙනි. පිහිනුම් සැරිය අතරතුර ශක්තිය ලබා ගැනීම සඳහා ඉලෙක්ට්‍රෝලයිට අධික ප්‍රෝටීන පාන වර්ග හා කැෆේන් ලබාගත් බවත්, ජෙලි මසුන් මුහුණට පහරදුන් අත්දැකීම බියකරු බවත් ඈ සඳහන් කළාය. ඈ සැලසුම් කළ පරිදි මුළු දුර සැතපුම් 80ක් වුවත්, ප්‍රබල දියවැල් හේතුවෙන් ඇයට සැතපුම් 130ක් පමණ දුර පිහිනන්නට සිදු විය. 


සීතලට හා කාලගුණයට මනාව සූදානම්ව සිටියද, මුහුණ දෙන්නට සිදුවූ විශාලම අභියෝගය ලවණ ජලය නිසා උගුර, තොල් හා දිව වේලී වේදනා දෙන්නට වීම බවත් ඈ පවසන්නීය. 


මෙය ඇගේ පළමු ලෝක වාර්තාව නොවේ. 2012 වසරේදී ඇය ලෝකයේ නැව් ගමන් මාර්ග ඔස්සේ පිහිනායමින් වාර්තාවක් තැබීමට සමත් වූවාය. 2016දීත් ඇය ඉංග්‍රිසි ඕඩය තරණය කරමින් පිහිනා ඇත. 


තෝමස්ගේ මෙවර ඉතිහාසගත පිහිනුම් අත්දැකීම රූගත කෙරුණු අතර එය සිනමාකරුවෙකු වන ජෝන් වොෂර්ගේ ‘ද අදර් සයිඩ්’ නමැති වාර්තා චිත්‍රපටයෙන් ප්‍රදර්ශනය කිරීමටද නියමිතය. 

 


අන්තර්ජාලය ඇසුරිනි. 
නිසංසලා දිසානායක



අදහස් (0)

ඉංග්‍රීසි ඕඩය හරහා පිහිනූ පිළිකා රෝගී දිරිය ළඳ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1312 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site