IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


​පෙරභව මරණය සිදු කළ රියැදුරු මහමගදී සොයාගනී

පෙර භවයේ ප්‍රබල සාක්කි

 

හය දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා ලෙස උපත ලැබූ පිරිමි දරුවාට මවගේ දැඩි ආදරයක් හිමිවී තිබිණි. එහෙත් ඔහු ඉතා කුඩා අවදියේ සිට මවට තම සැමියා සමඟ ව්‍යාපාර කටයුතු සඳහා වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටීමට සිදුවිය. මේ නිසා ඔහු බලා කියා ගැනීම වැඩි වශයෙන්ම පැවරී තිබුණේ දරුවාගේ මාමටය. කුඩා කල සිටම එම දරුවාට කිසිදු අඩුපාඩුවක් නොමැතිව පාසල් අධ්‍යාපනය ලබා දීමටද මාපියෝ කැපවී සිටියහ. එහෙත් ඔහු අධ්‍යාපනයට එතරම් උනන්දුවක් නොදැක්වීය.  


ඔහු තරුණ වියට පත්වීමෙන් පසු අවශ්‍ය වූයේ ඕස්ට්‍රේලියාවට ගොස් අධ්‍යාපනය ලබමින් රැකියාවක නිරතවීමටය. මාපියෝ වත් පොහොසත්ව සිටීම නිසා ඔහු සැහැල්ලු ජීවිතයක් ගත කළේය. වයස අවුරුදු පහළොවක් පමණ වන විට ඔහුට මිතුරන් අති විශාල පිරිසක් සිටියහ. ඔවුන් වැඩි දෙනෙකුට මෝටර් බයිසිකලයක් මිලදී ගෙන දෙන ලෙස ඔහු මවගෙන් ඉල්ලා සිටියේය.  


තම පුත්‍රයාට තිබූ දැඩි ආදරය නිසා බයිසිකලයක් ගෙනදීමට මම අකැමැති වූවාය. ඔහු කිසියම් අනතුරක් සිදු කරගනු ඇතැයි සිතූ මව එම ඉල්ලීම ඉටු නොකර සිටියාය. එහෙත් මිතුරන්ගේ බයිසිකලයක් ඉල්ලා ඒවා පැදීමට ඔහු පුරුදුව සිටියේය. බයිසිකල් පැදීමට තිබූ ආශාව නිසා එක් මිතුරෙකුගේ නිවසට යන ඔහු තම මිතුරා සමග බයිසිකලයෙන් ගමන් යෑමට පුරුදු වූයේය.  


එදා 1963 ජුලි 29 වැනිදාය. සිය මිතුරාගේ නිවසට ගිය ඔහු බයිසිකලය ඉල්ලාගෙන මිතුරාවද එයට නංවාගෙන පැද ගියේය. නිවසේ සිට කි​ලෝමීටර් දහයක් පමණ වූ මාර්ගයේ ප්‍රබල වංගුවක් තිබිණි. එම වංගුවට පැමිණීමත් සමග ඉදිරියෙන් එන ට්‍රක් රථයක් ඔවුන්ට දක්නට ලැබිණි. සිදුවන්නට යන අනතුර දුටු පසුපස අසුනේ සිටි මිතුරා ජීවිතය පරදුවට තබා සයිකලයෙන් පිටතට පැන්නේය. එහෙත් ඔහුගේ අතක් කැඩුණි. ඔහුගේ ජීවිතය බේරුණේය.  


වේගයෙන් පැමිණි ට්‍රක් රථය බයිසිකලයේ ගැටුනි. පැදගිය තරුණයාට දරුණු තුවාල සිදුවිය. ඔහු වහා රෝහල් ගත කැරිණි. බයිසිකලයටද දැඩි හානි සිදුවිය. රෝහල් ගත කළ නමුත් තරුණයා ජීවත් වූයේ ස්වල්ප වේලාවකි. අධික ලෙස රුධිරය ගැලීමත් සිරුරට සිදුවී තිබූ තුවාල නිසාත් ඔහුගේ මරණය සිදුවිය. ඒ වන විට ඔහු 17 වැනි වියේ පසුවිය.  
තම පුත්‍රයාට සිදුවූ අවාසනාවන්ත ඉරණම නිසා මාපියෝ සහ පවුලේ සොයුරු සොයුරියෝ දැඩි ලෙස කම්පාවට පත්වූහ. විශේෂයෙන්ම ඔහුගේ මිතුරු කණ්ඩායමට එය අතිශය ශෝකජනක සිදුවීමක්ව තිබිණි. ඔහුගේ අවමංගල්‍ය උත්සවයට පැමිණි මිතුරෝ රැසක් අවසන් ගෞරව දැක්වූහ. නිවසේ ඥාතීන් ඔහුට සිටි මිතුරන් සංඛ්‍යාව දැනගනු ලැබුවේ ඔවුන්ගේ එම පැමිණීම නිසාය.  


කඳු සහිත පෙදෙසක් වූ ඔහුගේ නිවස පිහිටා තිබුණේ කඳු මුදුනේ ඉහළ පෙදෙසේය. කඳු පාමුල තවත් නිවාස කීපයක් පිහිටා තිබිණි. එම නිවෙස් වැසියෝද මෙම තරුණයාගේ අකල් මරණය පිළිබඳව දැඩි ලෙස ශෝකයට පත්ව සිටියහ.  
කාලය ගෙවී ගියේය. එම නිවෙස්වලින් එක් නිවසක සිටි සුළු වෙළෙඳ ව්‍යාපාරයක් හිමිව සිටි යුවළකට පිරිමි දරුවෙකු ලැබිණි. එම දරුවාට ඔවුහු රබී යනුවෙන් නම් තැබූහ. බහ තෝරන වියට පත් වූ එම දරුවා යන්තම් වචන උච්චාරණය කිරීම ආරම්භ කළේය. වයස අවුරුදු දෙකහමාරක් පමණ විය.  


පෙරභවය පිළිබඳව තිබූ මතක සටහන් හෙළි කරමින් එම දරුවා පෙරභව තොරතුරු අනාවරණය කරන්නට විය. ඔහු සිටි නිවස ඉදිරිපිට විශාල ගේට්ටුවක් තිබූ බවත් එම නිවස ඔහු සිටින නිවසට වඩා විශාල බවත් හෙළි කළේය. අනතුරුව පෙරභව පියාගේ සහ මවගේ නම්ද හෙළි කරමින් එම මාපියන් සිටි නිවසට යාමට අවශ්‍ය බවත් ඔහු පැවසීය. ඉන් නොනැවතුණු දරුවා ඔහුට එම නිවස පෙන්වීමට හැකි බවද කීය.  

 

වේගයෙන් පැමිණි ට්‍රක් රථය බයිසිකලයේ ගැටුණි. පැදගිය තරුණයාට දරුණු තුවාල සිදුවිය. ඔහු වහා රෝහල් ගත කැරිණි. බයිසිකලයටද දැඩි හානි සිදුවිය. රෝහල් ගත කළ නමුත් තරුණයා ජීවත් වූයේ ස්වල්ප වේලාවකි. අධික ලෙස රුධිරය ගැලීමත් සිරුරට සිදුවී තිබූ තුවාල නිසාත් ඔහුගේ මරණය සිදුවිය. ඒ වන විට ඔහු 17 වැනි වියේ පසුවිය.  

 


මාස කීපයක් ගතවන විට දරුවාගේ එම ඉල්ලීම දිනෙන් දින වැඩි වන්නට විය. ඔහුට පෙර නිවසට යෑමට අවශ්‍ය බව කියමින් ඔහු හඬන්නට විය. තම පුත්‍රයාගේ ප්‍රකාශය අනුව ඔහුගේ පෙර නිවස සහ දෙමාපියන් සොයා ගත හැකිද යන්න නිරීක්‍ෂණ කිරීමට මාපියෝ තීරණය කළහ.  
ඒ අනුව වැඩිමහල් පුත්‍රයාද සමඟ ඔවුන් දරුවා රැගෙන එම නිවෙස් පිහිටි බැව් කියන පරිසරයට ගියහ. විශාල ගේට්ටුවක් සහිතව තිබූ නිවසක් සොයාගිය දරුවා නොබියව නිවසට ඇතුළු විය.  


නිවසට පැමිණි අය කවුරුන්දැයි නිවැසියෝ දැන නොසිටියහ. නිවස තුළට පැමිණි දරුවා වෙත පැමිණි එහි සිටි කාන්තාවක් ‘‘ඔබ කව්ද?’’ යැයි ප්‍රශ්න කළාය. ක්ෂණිකව පිළිතුරු දුන් දරුවා නමක් ප්‍රකාශ කළේය. අනතුරුව නිවසේ සිටි මාපියන් සහ සොයුරන් කීප දෙනෙක්වද ඔහු හඳුනාගෙන නම කියා ඇමතුවේය.  
ආගන්තුකයෙකු ලෙස නිවසට පැමිණි දරුවා සමඟ නිවස තුළට සහ නිවසට පිටතටත් එහි සිටි ඥාතීහු දරුවා කැටුව ගියහ. එහිදී නිවසේ තිබූ මියගිය තරුණයා පරිහරණය කළ භාණ්ඩ එම දරුවා විසින් නිවැරදිව හඳුනා ගනු ලැබිණි.  


පෙර භවයේදී සිදුවූ මෝටර් බයිසිකල් අනතුර පිළිබඳවත් නිවැරදිව හෙළි කළ ඔහු එදා එම සයිකලයේ ගමන් ගත් මිතුරාගේ නමත් අනාවරණය කළේ පෙරභව මාපියන් පුදුමයට පත් කරවමිනි. අනතුර සිදුවූ ප්‍රදේශයේ තමන් අනතුරෙන් පසුව ඔහු රෝහල් ගත කළ බවත් පෙරභව මතකයෙන් එම දරුවා එදා අනාවරණය කළේ වයස අවුරුදු තුනේ පමණ සිටියදීය.  


මෙම දරුවාගේ පුනර්භව සාධකය පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන් ඇතුළු පර් යේෂකයෝ පූර්ණ විමර්ශනයක් සිදු කළහ. එහිදී දරුවා කළ ප්‍රකාශත් මිය ගිය තරුණයාගේ ජීවිත තොරතුරුත් දැඩි පර් යේෂණයක් පැවැත්වීය. එම පර් යේෂණ වාර්තාව අනුව පෙරභවය හෙළිකළ දරුවා අනාවරණය කළ කරුණු පනහකට අධික සංඛ්‍යාවක් ලිඛිතව සටහන් වී තිබේ. එයින් ප්‍රධානතම වැදගත් කරුණු කීපයක් මෙසේය.  


නිවසේ සඳහන්ව තිබූ නම කීම  
නිවස පිහිටි ප්‍රදේශය පැවසීම.  
නිවස ඉදිරිපිට ගේට්ටුව හෙළිකිරීම  
මවගේ නම ප්‍රකාශ කිරීම  
පියාගේ නම පැවසීය.  
සොයුරු සොයුරියන්ගේ නම් කීම  
ඇසුරු කළ මිතුරන් කීපදෙනෙකුගේ නම් ප්‍රකාශ කිරීම.  
බයිසිකලය පැදගෙන ගිය බැව් හෙළි කිරීම  
එහි ගමන්ගත් මිතුරාගේ නම අනාවරණය කිරීම.  
බයිසිකල් අනතුර සිදු වූ ගම් ප්‍රදේශය සහ පරිසරය හෙළි කිරීම  
අනතුර සිදුකළ ට්‍රක් රථය ගැන නිවැරදිව හෙළි කිරීම  
රෝහල් ගත කිරීමෙන් පසු මරණය සිදුවූ අයුරු අනාවරණය කිරීම.  
මෙම කරුණුවලට අමතරව එදා එම දරුවාගේ හඳුනාගැනීම් රැසක්ද.  


(STATEMENT AND RECOGNITION'S MADE BY THE SUBJECT) යනුවෙන් ඇතුළත් කර තිබේ. දෙමාපියන් හඳුනා ගැනීම සහ ඥාතීන් ඇතුළු මිතුරන් කීප දෙනෙක්වද හඳුනා ගැනීම එයට ඇතුළත් වී තිබේ.  


මෙම සනාථවීම් සියල්ලටම වඩා අතිශය පුදුම උපදවන සිදුවීමක් මෙම පුනර්භව සාධකයේ දක්නට ඇත. එනම් පෙරභවය හෙළි කළ දරුවා ඊට වසර හතකට පමණ පසු එදා ඔහුගේ මරණය සිදු කළ ට්‍රක් රථ රියැදුරා හඳුනා ගැනීමය.  
එම දරුවා මහ මග ගමන් කරමින් සිටියදී දුටු ට්‍රක්රථ රියදුරා වෙත ගිය දරුවා එදා ට්‍රක් රථය පැදවූයේ ඔබ නේද යයි විමසීමය. ළමා වියේ සිටි දරුවා ඒ පිළිබඳව ට්‍රක් රථ රියැදුරාගෙන් විමසීම ගැන ඔහුද අතිශය පුදුමයට පත්වීය. එම හමුවීම ගැනද පර්යේෂණ වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙසේය.  


HE HAD MET THE DRIVER OF THE TRUCK WITH WICH HE HAD FATALLY COLLIDED, HE RECOGNIZED THIS MAN BY HIS FACE AND AFTERWARDS LEARNED HIS NAME) යනුවෙනි. මේ අතර පෙර භවය හෙළිකළ දරුවා සහ මරණයට පත් වූ තරුණයාගේ ජීවන චර්යාවන් පිළිබඳව විමර්ශනයක් කරනු ලැබීය. එහිදී පෙරභවය හෙළිකළ දරුවාගේ ප්‍රියතම ක්‍රීඩාව වී ඇත්තේ බයිසිකල් පැදීමය. ඔහු බයිසිකල්වලට අතිශය ප්‍රිය බවක් දක්වා ඇත. 

 
මියගිය තරුණයාද බයිසිකල්වලට දැඩි ආශාවක් දක්වා ඇති අතර මරණයට පත් වූයේද බයිසිකල් අනතුරෙනි. මියගිය තරුණයා දඩයමට මහත් ආශාවක් දක්වා ඇත. පෙරභවය හෙළි කළ දරුවා තරුණ වයසට පත්වීමෙන් පසු ඔහු සතුන් දඩයම් කිරීමට මහත් ආශාවක් දක්වා තිබේ.  


මියගිය තරුණයා ඉතා හැඩ වැඩට කැමැත්තක් දැක්වූ තරුණයෙකු වූ අතර පෙරභවය හෙළි කළ දරුවා ද කුඩා කල සිට මෝස්තර ඇඳුම්වලට ප්‍රිය බවක් දක්වා තිබේ.  
පෙරභවයේ මරණය සිදු වූ අනතුර පිළිබඳ ඉතා පැහැදිලි අවබෝධයක් එම දරුවාට තිබූ බැව්ද පර් යේෂණයේදී අනාවරණය කර ගැනීමට හැකිවිය. ඔහු ප්‍රකාශ කළ ආකාරය ඒ අයුරින්ම මහාචාර්ය ස්වීවන්සන්ගේ පර් යේෂණ වාර්තාවේ සඳහන්ව ඇත්තේ (THEY HIT A TRUCK COMMING IN THE OPPOSITE DIRECTION) යනුවෙනි.  


එය සනාථ කළ විමර්ශනය අනුව ට්‍රක් රථය විරුද්ධ දිසාවේ තිබී ඇති අතර අනතුර සිදුවන විටදී පාර හරස්වීම නිසා බයිසිකලය එහි ගැටීම සිදුවී ඇති බැව්ද තහවුරු වීය. මෙම පුනර්භව පර් යේෂණය සිදු කරන ලද්දේ 1970 වසරේදී ලෙබනනයේදීය.   

 


තිස්ස ජයවර්ධන   



අදහස් (9)

​පෙරභව මරණය සිදු කළ රියැදුරු මහමගදී සොයාගනී

Kumar (Gulf) Thursday, 26 December 2019 06:32 PM

පුනර් උප්පත්තිය යනු මායාකාර බොරුවකි, පෙර සිටි අයෙකුගේ මරණයට සම්බන්ධ අශුද්ධ ආත්තම මේ කාලයේ ජීවත් වන අයෙකුට ඇතුල්වී පෙර සිදුවීම දැනට සිටිනා අයගේ වෙනත් ජීවිතයක් ලෙස කියාසිටීමයි.

:       2844       59

JayanFriday, 27 December 2019 03:34 PM

ගල්ෆ් වල ඉඳන් දේවාලයක්වත් කරනවද ? අපේ දේවාලෙ කපුවගෙ සහායකත් ඔය වගේ බූරු කතා කියන්න ගිහින් ගමේ මිනිස්සුන්ගෙන් ගුටි නොකා බේරුනේ යන්තමින්.

:       8       201

HiranFriday, 27 December 2019 03:46 PM

අහෝ දෙව්දත් නොදිටි මොක්පුර...............

:       4       130

සෙනෙවිරත්න Friday, 27 December 2019 04:25 PM

පුනර්භවය යනු ජානගත බොරුවකි. නැවත ඉපදීම ගැන ඔය වැනි ඉදහිට ඇසෙන කතා විනා වෙනත් කිසිදු විද්‍යාත්මක තර්කයක් නැත.

:       250       9

Rawinatha Friday, 27 December 2019 03:29 PM

එඩ්ගාර් කේසි ගාව මේ වගේ වාර්තා දහස් ගණනක් තිබුනා. සංසාර මන්දිර පොත හොයාගෙන කියවන්න. අප අතරින් මිය යන්නවුන් බිලියන ගානකින් නැවතත් මනුසත් බව ලබන්නේ ඉතාමත් කුඩා පිරිසක්.

:       2       175

GamageWednesday, 01 January 2020 08:42 AM

ඒත් මනුෂ්‍ය ජනගහනය දිගටම වැඩි වෙනවා .... ඔය කියන විදිහට කොහොමද ඒක වෙන්නෙ ??

:       350       10

සිසිරThursday, 02 January 2020 03:13 PM

මිනිස්සු විතරක් නෙවෙයි මිනිස්සු වෙලා ඉපදෙන්නේ. සත්තු, දෙවියෝ ඒ වගේ ඕනෑම කෙනෙක් මිනිහෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. මේ ලෝකය කෘමීන් ම කොච්චර ඉන්නවද? දෙවිවරුත් කෝටි ගානක් ඉන්නවා.

:       2       291

Priyanthi Shamali Friday, 10 January 2020 02:22 PM

පුනර්භවය බොරුවක් කියලත් කියනවා. ඇත්තක් කියලත් කියනවා.පුනර්භවය ඇත්තද බොරුද?

:       0       0

asoka Wednesday, 15 January 2020 03:50 AM

තථාගතයන් වහන්සේගේ ධර්මයේ සත්‍යතාවය සනාථ කිරීමක්. මරණයෙන් පසුව තවත් උපතක් .උපාදාන පච්චයා බවය

:       0       226

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10920 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6210 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5929 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5250 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3238 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site