IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සීනිගම දෙවොල් දෙවිඳුගේ අප්‍රකට තොරතුරු

 

පුරාණ අතීත දිනෙක මහා භාරතයේ සිට මෙරටට පැමිණි රජ පිරිවරක සිටි රජ කුමරෙකු හික්කඩුව සීනිගමට සේන්දු වීමෙන් පසුව දෙවියකු බවට පත් විය. ඒ අද බොහෝ දෙනා අදහන පිහිට පතන සීනිගම දෙවොලේ දෙවිඳු නමිනුයි. මේ හෙළිදරව් කරනුයේ බොහෝ දුෂ්කර සිදුවීම්, දුක් ගැහැට විඳ දෙවොල් දෙවිඳු තත්ත්වයට පත් වූ රජ කුමරාගේ අතීත කතාව නොවේ. රජ කුමරා මහා භාරතයෙන් ලංකාවට පැමිණෙන විට මහා භාරතයේ පැවැති යෝග විද්‍යාව, ​ජ්‍යෝතිෂ විද්‍යාව, නිමිති ශාස්ත්‍රය, හිරු ප්‍රධාන ග්‍රහ තාරකා විද්‍යාව මෙන්ම වෙනත් ශාස්ත්‍රයන් පිළිබඳ උගත් දැනුමෙන් සන්නද්ධව සිටි බවයි.  


පරිපූර්ණ වූ රජ කුමරා ලංකාවේදී දොවොල් දෙවියන් නමින් දේවත්වයට පත් වීමෙන් පසු පෙර උගත් ශාස්ත්‍රයත් ඇසුරෙන් මනුෂ්‍ය ගෝත්‍රයට පිහිට ලබා දෙමින් සිටින බවයි. දෙවිඳුන් පිහිට පතා දෙවිඳුන් වෙත යාමට පෙර දෙවිඳුනගේ ආත්ම භාවය පිළිබඳ දැනුමත් ඉතිහාසය තුළ දෙවිඳු පිළිබඳ මෙතෙක් හෙළිදරව් නොවූ ගැඹුරු තොරතුරු මෙම ලිපියෙන් හෙළිදරව් කරනුයේ දෙවිඳුන් ලබා දෙන පිහිට ශාස්ත්‍රානුකූල පිහිටක්ම වන බව සාක්ෂි සපයමිනුයි.   


දුකට පිහිට ඉල්ලන, පිහිට නොඉල්ලන, සීනිගම දෙවොල් දෙවිඳු වැදගත් පණිවුඩයක් ලබා දෙයි. මේ එම පණිවුඩයයි.   


මේ දෙවිඳුන්ගේ පුද බිමයි. එහි වායූන් පිරී තිබෙයි. ජීවත් වීමට ආශ්වාස කරන වායූන් අතරින් ප්‍රධානයි. දෙවිඳුන් ප්‍රාණ වායුව ආශ්වාස කරන ලෙසටම ප්‍රාණ වායුව ආශ්වාස කරන්න. හදවතට ප්‍රාණ වායුව කවන්නාහ. දෙවිඳුන්ගේ ශක්තිය පිරි ආශ්වාස වායුවන් ශරීරයේ සියලු තැන් කම්පනය කරමින් ගලා යනු ඇති.   


ඔබ ආශ්වාස කරන වායුවට ප්‍රාණ වායුව කවන්න. එම වායුව ඔබේ ශරීරය දරා සිටීමට ආධාර කරයි. ඒ එමගින් ප්‍රධාන වායු පහක් සහ උප ප්‍රධාන වායු පහක් ලබා දීමෙනුයි. ලබා දෙන ප්‍රධාන වායු පහ මෙසේය.   


උදාන වායුව   


හදවතෙහි තැන්පත් වෙයි. නාසයට ගමන් කරයි. නාභියෙහි රැඳෙයි. බෙල්ලේ සැරිසරයි. කතා බහ වඩවයි. උත්සාහය ඇති කරවයි. ඕජස් රඳවයි. ශක්තින් රඳවයි. සම වර්ණ ගන්වයි. සිහිය පවත්වා ගනියි. 

 
ප්‍රාණ වායුව   


හදවතින් ඇරඹෙයි. ශරීරය පුරා ගමන් කරයි. උරහිසේ රඳයි. බෙල්ලේ රැඳෙයි. නුවණ වඩවයි. ශරීරයේ ක්‍රියාත්මක අවයව පණ ගන්වයි.   


සමාන වායුව   


කුස තුළ රඳයි. කුස ආශ්‍රිත ප්‍රදේශයන්ට පැතිරෙයි. ආහාර ගැනුමට සහය දෙයි. ශරීරයේ අනවශ්‍ය දෑ බැහැරට යවයි.   


අපාන වායුව   


උකුල ඇතුළත සැරිසරයි. තුනිටියෙහි රඳයි. ලිංගය කලවය යන තැන්හි හැසිරෙයි. ශුක්‍ර ධාතූන් වල මුත්‍රා පහ කිරීම් ක්‍රමවත් කරයි.   


ව්‍යාන වායුව   


හදවතින් ඇරඹෙයි. ශරීරය පුරා ගලායයි. අත් පා චලනයට උදව් කරයි. හැඟීම්, දැනීම් දනවයි. ශරීරය සමබරව තබාගෙන නිවැරදිව පවත්වාගෙන යයි.   


විශ්වාසයට ගත යුතු කාරණය වනුයේ මෙම වායුන් හදවතින් ඇරඹී ශරීර ඉන්ද්‍රියයන් කරා දිව යන බවයි. එය දිගටම පවත්වා ගැනීමට නම් “චිත්ත යන්ත්‍රය” වඩවා ගත යුතුයි. චිත්ත යන්ත්‍රය යනු සිතයි. සිත පාලනය කළ හැකි නම්, චිත්ත දමනයේ අරුමැති ප්‍රතිඵල ලබා ගත හැකියි. එම ප්‍රතිඵල ලබාගැනීම යනු, දෙවොල් දෙවිඳු දැක වැඳුමට සිත් පහළ වීමයි. එවන් සිත් පහළ වූ විට දෙවොල් දෙවිඳු දැකුමට යා යුත්තේ කවර ආකාරයේ පූජාවන් රැගෙන ද? පූජාවේ තොරතුරු එය මෙසේ දක්වයි.   


දෙවොල් දෙවිඳු ගිතෙල් මිශ්‍ර කිරිබතට සහ මුරුතැන් බතට ඉතා ප්‍රිය කරයි. රතු මාළු සහ තැඹිලි වලට ද ප්‍රියතාවක් දක්වයි. පන්දම් පූජාව ලැබීම දෙවිඳුන්ගේ සිත ප්‍රීතිමත් කරවයි.   
දෙවිඳුන් මිහිපිට පතුරන අණසකට සිතේ සියලු දුක් කරදර පවරන්න විශ්වාසදායි සිතුවිලි සිත තුළ වඩවා ගන්න.   


දෙවිඳුන් වඩවාලූ චිත්ත දමනයේ බලයෙන් දුකට පිහිට වෙයි. ඉන් දුක්බර ආත්මය දමනය වෙයි. එය මේ ලෝකයෙන් අන්‍ය ලෝකයට ඇදෙන ජීවිතයට ඉල්ලන පිහිට මේ ආත්මයේදීම ලබා දෙයි. එයට කියනුයේ ආධ්‍යාත්මික ආලෝකය යන නමයි. යම් කිසිවකු දෙවිඳුන් හමුවේ අධ්‍යාත්මික ​ආලෝකය ලැබීම යනු, මිනිස් ගෝත්‍රයේ දිව්‍යමය මිනිසත් බව ලැබීමයි. එය කියනුයේ දෙවිඳුන් කෙරේ සිත පැහැදුණු බවයි.

 

දෙවිදුන්ගෙන් අවසර ගැනීම

 


දෙවිඳුන් පිහිට පතන සැම පය ගසා සිටිනුයේ මේ පොළොව මතයි. සැබැවින්ම පොළොව ගැන දන්නේ මොනවාද? මේ පොළොව ගැන දන්නා තොරතුරු අතර නොදන්නා තොරතුරුයි.   


පොළොව ජීව බලය ලබා දේ. ආකර්ෂණය හිමි කරදෙයි. එය එකම කාන්දම් ගුලියකි. පොළොව අරමුණු කරගන සිත මෙහෙයවෙන්නේ නම්, එමගින් කාන්දම් බලය ශක්තිය ලැබීමට පුළුවන්.   


ඒ උදෙසා පිළිපැදිය යුතු විධි කිහිපයක් දැක්වෙයි. ඒ මෙයයි.   


නිරෝගී ශරීරයකට අම්ලකර ජලකර වායු අවශ්‍යයි. එය, ආශ්වාස වායුවේත්, සිසිල් ජලයේත්, හිරුගේත්, සඳුගේත් පොළොවේත් පවතියි.   


විශ්වාසය පදනම් කරගත් දෙවිඳුන්ගේ පිහිට ලැබීමට නම් හිරු රැස් සඳ රැස් නාන්න. එම රැස් ශරීරයට ප්‍රවේශ කිරීමෙන් ජීවන ශක්ති දෙවර්ගයක විදුලි ධාරා හිමි වෙයි. ශරීරයට සුළඟ කාවද්දන්න. එය ශරීරයට ප්‍රාණ වායුවේ මූලික සිද්ධාන්තයන් හිමි කර දෙයි. පිරිසිදු ජලය පානය කරන්න. ජලයෙහි සියලු අමරණීය බලයන් අඩංගු වේ. එය මානසික දියුණුව ලබා දෙයි. එය වෙදැදුරෙකි. නිරෝගී බව සහ අමරණීය බව පිරිනමයි. පෘතුවි ගෝලය තුළ විශ්වාසය පදනම් කර ගනිමින් පවත්නා නොපෙනෙන ශක්තීන් පිළිබඳ පවත්නා කැපවීම හිමි තැනැත්තා දේව කරුණාවට පළමුව ලක්වෙයි. දුක, සැප වෙනස්ව විඳින මිනිසුන් දෙකොටසක් මේ පෘතුවිය තුළ සිටිනුයේ විශ්වාස කිරීම සහ විශ්වාස නොකිරීම යන කරුණ හේතුවෙනුයි. මේ අනුව විශ්වාසය ආශ්වාස කිරීම ලෙසත් විශ්වාස නොකිරීම ආශ්වාස නොකිරීම ලෙසත් ගත හැකියි.   


නොපෙනෙන බලවේග සිටින ස්ථාන කවරේද?   


එය කාලය සහ අවකාශය අතර පවතින ස්ථානයක් වෙයි. සැබැවින්ම එය ස්වාභාවික සිද්ධියකි. එනම් යම් කිසි වස්තුවකි. එහි ප්‍රාණය තිබේ. එය අදෘශ්‍යමාන බව කියතත්, සැබෑව වනුයේ දෘශ්‍යමාන වීමයි. එනමුත් හැමටම නොවේ.   


දෙවිඳුන් ද එබඳුයි. අඳුරේ සිටින කෙනෙකුට දෙවිඳුන් දැකුමට ආලෝකයට පැමිණිය යුතුයි. අලෝකයේ සිටින කෙනෙකුට දෙවුඳුන් දැකුමට ආලෝකය විනිවිද දැකිය යුතුයි. විශ්වාසයේ සහ ගුප්ත ලෝකයේ බල ශක්තියන් පිළිබඳ වන අවබෝධයයි. 

 
හදවත හේතුවෙන් ජීවත් වීම යන්න සත්‍යයක් වන්නේ යම් සේද, විශ්වාසය හේතුවෙන් නොපෙනෙන බලයන් සත්‍ය්‍යක්ම වෙයි. මෙමගින් අවබෝධ කර ගත යුත්තේ ජීවීන් සැරි සරන ලෝකය තුළ බලවත් දේව බලයන් තිබෙන බවයි.   


දෙවිඳු පුද බිම දේව බලයෙන් ආශිර්වාද වී පවතිනුයේත් සෙත සලසන රැකවරණයෙන් පො​හොසත් වී පවතිනුයේත්, දෙවිඳු පිහිට ලැබීම වෙනුවෙන් බව කිව යුතුයි. දෙවොල් දෙවිඳු බිමට පැමිණිය යුත්තේ ආශ්වාස හෙවත් විශ්වාස මත පමණක් රැඳෙමිනුයි. නොඑසේව පැමිණීම යනු, කිසිඳු ප්‍රාණයක් නොමැතිව පැමිණීමයි. එය කිසිසේත් යහපත් කරුණක් නොවෙයි. එමගින් ඇඟවෙනුයේ, කිසිඳු ජීවයක් නොමැති බවයි. එයට කැමතිද? ජීවයක් නොමැති කෙනෙකු බව පිළිගන්නා විට දොවොල් දෙවියන් විසින් ජීවයක් ඇත්තෙකු ලෙස පිළිගනීවියැයි විශ්වස කරනවාද? දෙවොල් දෙවිඳුන් විශ්වාසයේ ප්‍රාණ වායුව කැවූ ජීවිතයකට කැප වන ලෙසට ආරාධනා කරනුයේ එම පදනම මත පිහිටායි. පුද බිමේදී දකින දෙවොල් දෙවිඳු පණිවුඩයක් ලබා දෙයි. ඒ මෙම පණිවුඩයයි. ආශ්වාස කරන වායුව සිතට ගෙන ආශ්වාස කරන්න. සිතට ගැනීම යනු ආශ්වාස වායුව ගැන සිතා ආශ්වාස කිරීමයි. එනම්, ප්‍රාණ වායුව ශරීරයට කැවීමයි. ප්‍රාණ වායුව මනුෂ්‍ය ශරීරය දරා සිටීමට ප්‍රාණ්‍ය සපයයි. දෙවියන් දැකීමේ ජීවිතයේ පිවිසුම් දොරටුව මෙයයි. පිවිසුම් දොරටුව යනු විඥානයයි. විඥානය යෝග ධර්මයන්ට කැපයි. එය සම්පූර්ණ අවස්ථා තුනක් මවයි. ඒ මෙම අවස්ථායි.   


විශ්වය සමග සම්බන්ධ වන සිත   
සිතක් සමග සම්බන්ධ වන සිත   
විඥානය සමග සම්බන්ධ වන විඥානය 

 
මේ දෙවොල් දෙවියන් සමග පිහිට ලබන්නා සම්බන්ධ වන ආකාරයයි. දෙවියන් සමග වන සම්බන්ධය කාන්දම් ශක්තිය ලෙස අර්ථ ගැන්වෙයි. එක් සිතුවිල්ලක් හෝ සිතුවිලි සමූහයක් දෙවොල් දෙවියන් වෙතට යැවීමට උපකාරී වනුයේ මෙම කාන්දම් ශක්තියේ ගමන් මාර්ගයයි. දෙවොල් දෙවියන් සමග සම්බන්ධ වීමට අවශ්‍ය නම් මෙසේ කළ යුතුයි.   
දෙවොල් දෙවිඳුන් පිළිබඳ කැමැත්තක් ඇති කර ගන්න. දෙවිඳු රුව සිත්හි මවා ගන්න. දෙවිඳු පිළිබඳ සිත උපන් සිතුවිලි දෙවිඳු වෙත යවන්න. සිතුවිලි ගමන් කරනුයේ තරංග ආකාරයටයි. ඒ වායු ගෝලය හරහායි. වායු ගෝලයට සිතුවිලි ඇතුළු වූ විගස වායු ගෝලයට අරමුණක් හට ගනියි. ඒ දෙවිඳුගේ ගමන් මාර්ගයට අවතීර්ණ වීම පිළිබඳව වන අරමුණයි. අරමුණ ගමන් කරනුයේ අති වේගවත් බවකිනුයි. අරමුණ එක් තත්ත්පරයක දී සැතපුම් කෝටි ප්‍රකෝටි ගණනක් තරණය කරයි. එය දෙවිඳු හමුවට ගොස් නැවත හැරී දෙවිඳු පිහිට ඉල්ලු තැනැත්තා වෙතට ආපසු එයි. මේ දෙවිඳු හා පිහිට ඉල්ලූ අය අතර සම්බන්ධතාව ගොඩ නැගෙන ආකාරයයි.   


දෙවොල් දෙවිඳු වෙනුවෙන් සීනිගම ගොඩ නැගී ඇති කරදියෙන් වට වූ කුඩා දූපත මැද තිබෙන 


ළි​ෙඳ් ජලය කරදිය රසයෙන් යුක්ත නොවෙයි. මෙය හාස්කමින් සිදු වූවක් බව දෙවිඳු කතා වස්තුව ගෙන හැර දක්වයි. මෙහි ඇත්තේ මිරිදිය ජලයයි. කරදිය ජලය මැද මිරිදිය ජලයක් තිබිය හැකිද? ඔව්. තිබිය හැකියි. සිත අවිශ්වාසයක් ගනී නම් දෙවොල් දෙවිඳු දූපතේ ළිඳෙන් දිය දෝතක් බී බලන්න. මේ දෙවිඳු කරන ආරාධනාවයි.   


​ෙම් කාන්දම් ජලයයි. දෙවොල් දෙවියන්ගේ බිම් කඩේ ජලය කාන්දම් ජලය බවට දෙවිඳුන් හරවනුයේ නේත්‍රා දෘෂ්ටිය හෙළීමෙනුයි. හෙළන නේත්‍රා දෘෂ්ටිය සෘජුව යොමු කිරීමෙන් ජලය බල ගන්වයි. දෙවිඳු බිම් කඩෙහි ආශිර්වාද ලත් බිමෙහි තිබෙන ළිඳ දිවා කල සූර්ය ශක්තියෙන් බලවත් වෙයි. සුර්යයාගෙන් පිට වන රශ්මි ධාරාවන් ළිං ජලය ප්‍රාණවත් කරයි. ළිං ජලයට විශ්වයේ දහවල පවතින ජීව බලය ලබා දෙයි. ඒ සොබා දහමේ රිද්මය හරහායි. සඳරැස් දෙවිඳුගේ බිම්කඩට රාත්‍රිය එළඹි විට පතිත වෙයි. පතිත වන්නා වු චන්ද්‍ර රශ්මි ධාරාවෙන් ළිං ජලය බල ගැන්වෙයි. ප්‍රාණය ලබයි. ළිං ජලයට විශ්වයේ රාත්‍රියේ පවතින ජීව බලය ලබා දෙයි. ඒ සොබා දහමේ රිද්මය හරහායි.

   
දෙවොල් දෙවිඳු යළි මෙසේද කියයි.   


ප්‍රාණ වායුව සිත දැනුමින් ආශ්වාස කරයි නම්, වායු දහය ශරීරයට කාවදියි. සිත තදින්ම විශ්වාසයට ගත යුතු කාරණය වනුයේ, සිත දැනුම්වත්ව ආශ්වාස කරන වායුව හදවතින් ඇරඹී ශරීර ඉන්ද්‍රියන් කරා ශක්තිය සපයන බවයි. එම ශක්තිය ද කොටස් දෙකකින් යුක්තයි. එය ජීව ශක්තිය සහ සීනිගම දෙවොල් දෙවිඳු ශක්තිය ලෙස අර්ථ ගැන්වෙයි.   


දෙවිඳු යළි මෙසේ කියයි.  


නොපෙනෙන දෙවියන් වැඩ වසනුයේ කොතෙනකද? දෙවියන් වැඩවසනුයේ මේ මහා විශ්වය තුළයි. දෙවියන් වැඩ වසන ස්ථානයට යා යුත්තේ කවර ආකාරයටද? දෙවියන් වැඩවසන ස්ථානයට යා හැක්කේ චිත්ත රූප මවන සිතට පමණයි. එම සිත විටෙක යන්ත්‍රයක් වෙයි. තවත් විටෙක මන්ත්‍රයක් වෙයි. ඒ අතරම ලොව වේගයෙන් ගමන් කළ හැකි යානාවක්ද වෙයි.


මෙහි සැඟව ඇති අර්ථය මෙසේයි. 


නොපෙනෙන යහපත් දෙවියන්, වෙත යාමට, දෙවියන් සමගින් ගනුදෙනු කෙරුමට සිත ප්‍රධාන වන බවයි. සිතට එම වරම හිමි වනුයේ සිත දියුණු කර ගත් විටයි. යහපත් සිත හැම විටම යහපත් ධර්මතා මැවීම එයට හේතුවයි. සිත මවනුයේ කොටස් තුනක ධර්මතායි. එය කල්පනාව, තර්කය, සහ දැක්මයි. මෙම සිතුවිලි රූපාදී අරමුණු කර ගනිමින් අවසාන සිතුවිලි මවයි.   


දෙවියන්ට පිහිට විය හැකි වනුයේ යහපත් දෙවියන් අරමුණු කර ගත් සිතකට පමණයි. යහපත් සිතෙහි අරමුණු යනු මානසික ශක්තියයි. දෙවියන් දකිනු, පිහිට ලබනු කැමැත්ත ඇතියවුන්ට දුක්, දොම්නස්, අයහපත, කනස්සල්ල සිත නැගෙයි නම් දෙවියන් දැකුමට පිහිට ලැබුමට අවසර හිමි නොවෙයි. ඒ දෙවියන් යහපත වෙනුවෙන් පෙනී සිටින බැවිනුයි.   
කරදිය රසැති මහා සාගරයේ පවතින දෙවිඳු බිම් කඩ හමා යන සුළඟින් නිරතුරු පෝෂණයවේ. සුළඟේ පවතින හමා යන වේගය ශක්ති බලය ළිං ජලයට කාවදී. එය ළිං ජලය ප්‍රාණවත් කරයි. සුළඟේ දහවල පවතින බලයත්, රාත්‍රියේ පවතින බලයත් ළිං ජලය බලවත් කරයි. ආශ්වාස වායුව ආශ්වාස කරන සැමට වේග ශක්තිය, වේග බලය ලබා දෙයි.   
අප්‍රකට තොරතුරු දෙවිඳු පිළිබඳ මෙසේ දක්වයි.   


සූර්ය රශ්මියට, චන්ද්‍ර රශ්මියට සුළං බලයට හැම විටම විවෘත වන්න. එම රශ්මි ධාරාවන් ශරීරයට කා වද්දවාගන්න. එසේ කරන්නවුන්ට දෙයාකාරයක උපකාරයක් ලැබෙයි. ඒ ශරීරයට ජීව ශක්තිය සහ දෙවිඳු ශක්තිය ලබා දීම ලෙසිනුයි. වායු ධාරාවන්ට නිරතුරුවම හසුවන්න. වායුව සතු අම්ලකර ගුණය ප්‍රාණයන්ට වායුව සපයයි. එය ප්‍රාණ වායුවයි.   
පොළොව, සූර්ය චන්ද්‍ර වායු ධාරාවන් සමගින් නිරතුරුවම ගැටෙයි. පොළොව හැම විටම ලබා දෙන්නේ ආකර්ෂණයයි. පොළොවේ ආකර්ෂණ බලයෙන් ජීව බලය හිමි වෙයි. ඒ කාන්දම් ගතියයි. ශරීර ධාතුව මහ පොළොවේ ශක්තියෙන් ශක්තිමත් කරනුයේ මෙම කාන්දම් බලයයි.   


දෙවොල් දෙවිඳු අප්‍රකට කතා මෙසේ ද කියයි.  


විශ්වයේ දිව්‍යමය ගෝත්‍රයක් තිබේ. ඒ මිනිස් ගෝත්‍රයයි. මිනිසාගේ දිව්‍යමය බලය යනු නෙත ඉක්මවා මසැසින් දසුන් දැකීමට ඇති හැකියාවයි. එය කරුණු තුනකින් යුක්තයි. ඒ සත්‍යය, බලය සහ ප්‍රඥාව යන කරුණු තුනයි. මසැස දියුණු කිරීමෙන් අවබෝධ කර ගත්තා වූ සත්‍යයට අධිෂ්ඨානයට මනුෂ්‍ය ගෝත්‍රයට අයත් ජිවිත වලට සාර්ථකත්වය හිමි වේ. දෙවිඳුන්ගේ ආධ්‍යාත්මික ආලෝකය පොහොසත් ගුණයෙන් හෙබියි. දෙවිඳුන්ගේ අධ්‍යාත්මික ආලෝකය ලැබූ කල්හි මනුෂ්‍ය ගෝත්‍රය දේවත්වයට ළඟා වෙයි. සිත කය දෙවිඳුන්ගේ මාර්ගයන්ට අනුකූලව හසුරුවයි නම්, දෙවිඳු පිහිට ලත් ආලෝකමත් අනාගතයකට පියවර තැබිය හැකියි. 

 

ගිතෙල් මිශ්‍ර දානය වැඩම වීම

තැඹිලි පානය වැඩම කරවීම

දෙවිදුට ප්‍රිය දානය පූජා කිරීම

 


දෙවොල් දෙවිඳු මෙසේ ද අවධාරණය කරයි.   


යහපත් ගති සිරිත් ඇත්තවුන්ට ප්‍රිය කරයි. යහපත පිළිබඳ දෙවැනි විශ්වාසය කෙතරම්ද යත් යහපතෙන් අයහපත පැරදිය හැකිය යන්න දෙවිඳුන්ගේ මතයයි. දෙවිඳුන් දෙවනුව වඩාත් ප්‍රිය කරනුයේ අයහපතින් ඉවත්ව යහපත පැරදිය හැකිය යන්න දෙවිඳුන්ගේ මතයයි. දෙවිඳුන් දෙවනුවට වඩාත් ප්‍රිය කරනුයේ අයහපතින් ඉවත්ව යහපත පෙරදැරි කර ගත් මනුෂ්‍ය ගෝත්‍රය පිහිට පතා දෙවිඳුන් බැහැ දැකීමට පැමිණීමයි. දෙවිඳුට සමීප විය හැකි ආකාරය එයයි.   


දෙවොල් දෙවිඳු ගුප්ත ශක්තියක් වෙයි. එසේම අදෘශ්‍යමාන වෙයි. අදෘශ්‍යමාන වූ පමණින් එය අයහපත් හෝ විශ්වාස කළ නොහැකි නොවෙයි. දෙවොල් දෙවිඳු යනු, විශ්වසනීය ගුප්ත ශක්තියේ බලයයි. එහි අලෝකයක් දක්නට ලැබෙයි. ඒ හිරුගේ අලෝකය නොවෙයි. චන්ද්‍රයාගේ ආලෝකය නොවෙයි. තාරකාවන් විහිදන ආලෝකය ද නොවෙයි. විශ්වයේ බල පවත්නා ගුප්ත ශක්තීන් විහිදන අලෝකය එයයි. කිසිවකුට එය එකවර වටහා ගත නොහැකියි. වටහා ගැනීමේ අසීරුතාවක් ද නොවෙයි.   


ගුප්ත ශක්තීන් ගැන අවබෝධය රහිත නම් අවිශ්වාසයද, ගුප්ත ශක්තීන් ගැන අවබෝධය සහිත නම් විශ්වාසය ද හට ගනියි. දෙවොල් දෙවියන් විශ්වාසය සහ අවබෝධය තැබිය හැකි විශ්වීය බල ශක්තියක් වෙයි. බලශක්තිය නොපෙනෙන දෙවියන් වන විට නොපෙනෙන දෙවියන් ද ශරීරයකින් උපත ලබා සිටීම බව විශ්වාසයට ගත යුතුයි.   


ලොව උපත ලැබූ ශරීරයක් නම් දෘශ්‍යමාන, අදෘශ්‍යමාන කවර තත්ත්වයේ වුව බලවත් ශක්ති දහයක් හිමිව තිබෙයි. ඒ නාඩියි. ශරීරයක් තුළ ප්‍රධාන නාඩි දහයක් පවතියි. ශරීරය සම්පූර්ණව ක්‍රියා කරනුයේ මෙම ප්‍රධාන නාඩි දහය ඇසුරෙනුයි. මේ එම නාඩි දහයයි.   


ඉඩා, පිංගල, සුසුම්නා, ගාන්ධාරි, හස්ත, ජිව්හා, පුෂ, යශයවිනි, අලම්බුගා, කුගු, ශබ්ධිනි, සියලු නාඩීන් ක්‍රියාකරනුයේ ශරීරයේ කොටස්වකට අනුගත වීමෙනුයි. මේ එම කොටසුයි. ශරීරයේ වම් පස, දකුණු පස, මැද, වම් ඇස, දකුණු ඇස, වම් ඇස, වම් කණ, දකුණු කන, මුඛය, ලිංගය, මූලස්ථානය ලෙස එය දක්වා තිබෙයි. මෙම සියලු නාඩි හෝරා සහ තීථි වලට යටත්ව ක්‍රියා කරයි. සියලු අදෘශ්‍යමාන, දෘශ්‍යමාන ජීවිතයන්ගේ ක්‍රියාකාරීත්වය ඇති කරන ශක්තීන් තිබෙයි. ඒ ජීවනීය ශක්තියයි. ජීවනීය ශක්තියට අමතරව ශරීරය තුළ තවත් ශක්ති දෙකක් පවතියි. ඉන් එකක් පරමාත්ම ශක්තියයි. අනෙක ජීවාත්ම ශක්තියයි. මේ විශ්වය තුළ පවතින සියලු දෙය ශක්තිය ලැබෙනුයේ හිරුගෙන් සහ චන්ද්‍රයාගෙනුයි.   
දෙවොල් දෙවිඳු පිහිට පතන අයට දෙවොල් දෙවිඳු මෙසේ පිහිට වෙයි. පිහිට ඉල්ලන අයට අවශ්‍ය පිහිට පතන අරමුණට එළඹි විට සිත අදෘශ්‍යමාන කම්පන ත්ත්ත්වයට පත් වෙයි. එය එකතැන නොරැඳෙයි. ගමන් කරයි. සිතුවිලි පහළ වනුයේ සිතුවිලි මාලාවන්හි ඇති වන චේතනාවෙනුයි එය වායු ගෝලයේ ඊතර් ධාතුවට කාවදියි. මෙය දෙවොල් දෙවිඳු නියමයකට යටත් කර දක්වයි. ඒ මෙසේයි.   


අසන්නාට ඇසේ දකින්නාට පෙනේ.   


අසන්නා දෙවොල් දෙවියනුයි. දකින්නා පිහිට ඉල්ලන්නායි.   


ලෝකය තනි ලෝක ධාතුවකින් පිරී තිබෙයි. එය අවබෝධ වීම යනු, තුන්ලෝක ධාතුව සමග ඉතා සියුම් සම්බන්ධතාවක් ඇති කර ගැනීමට හැකියාව ලැබීමයි. දෙවොල් දෙවියන් තුන් ලෝක ධාතුව ජය ගනු ලැබුවේ මෙම කරුණු මතිනුයි. ඒ මේවායි.   


​ෙදවොල් දෙවියන් වෙනත් ලෝක සමග සම්බන්ධව සිටියි.   


දෙවොල් දෙවියන් නොපෙනෙන ලෝක සමග සම්බන්ධව සිටියි.   


දෙවොල් දෙවියන් පෙනෙන ලෝක සමග සම්බන්ධව සිටියි.

   
මෙහි විශේෂම කාරණය මෙයයි.   


දෙවොල් දෙවියන් වර්තමානයේ පෙනෙන ලෝකයේ ලංකාව නම් රටෙහි මනුෂ්‍ය ​ගෝත්‍රයේ පිහිට පතා වැඩ වාසය කරයි.   

 


ඇරුණඩේල් විජේරත්න



අදහස් (1)

සීනිගම දෙවොල් දෙවිඳුගේ අප්‍රකට තොරතුරු

lalithm Monday, 16 September 2019 05:23 AM

ඕනෙවට වඩා දේව භක්තිය කියන්නෙත් මිත්‍යාව. 21 සියවසේ මේ වගේ දේවල් වලට මහජනයා උනන්දු කරන එක වැරදියි. සංස්කෘතික උත්සවයක් විදියට නම් කමක් නැහැ.

:       0       5

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5256 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site