IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රොන් ගන්න සටන් කරන පැණි කුරුල්ලෝ

 

එක්වදෝරයේ වනාන්තරවල ජීවත් වීමට අරගල කරන සතුන් සහ ශාක අතරින් පුංචි පැණි කුරුල්ලෝ කැපී පෙනෙති. මේ වැසි වනාන්තර, පැණි කුරුල්ලන්ගේ පාරාදීසයයි. එකිනෙකට වෙනස් පැණි කුරුලූ විශේෂ සියයක් මෙම වනාන්තර ඔවුන්ගේ නිවාහන කරගෙන ඇත. හැමදාම උදේට, මල් පැණි වෙනුවෙන් පැණි කුරුල්ලන් අතරේ සටනක් පවතී. එක් මලක වරකට ඇත්තේ පැණි ඉතා ස්වල්පයකි. එහෙයින් අරුණලූ සමඟ මලේ පැණි ගැනීමට හැකිවන්නේ ඒ වෙත මුලින්ම පැණි කුරුල්ලාට පමණි. 


සුවිශේෂී හොට


හැමෝම එකිනෙකා සමඟ මල් පැණි වෙනුවෙන් සටන් කරද්දී, එක්වදෝරයේ වනාන්තරවල ජීවත් වන එක් පැණි කුරුලු විශේෂයක් සටනක් නොමැතිව පැණි උරයි. මේ පැණි කුරුල්ලා අනෙක් පැණි කුරුල්ලන්ට වඩා වෙනස්ය. තරගකාරී ජීවිතයට මුහුණ දීමට හැකි අයුරින් පුංචි කුරුල්ලා හරි අපූරුවට පරිණාමය වී ඇත. මේ කුරුල්ලා අනෙක් පැණි කුරුලූ විශේෂවලින් වෙනස් වන්නේ සුවිශේෂී දිගැටි හොටක් පිහිටා ඇති නිසාය. එය දිග ඉදි කටුවක් වැනිය. අසිපතක් වැනිය. එහෙයින් මේ කුරුල්ලා හැඳින්වෙන්නේ ‘අසිපත් හොටැති පැණි කුරල්ලා’ යන නමිනි. තම සිරුරට වඩා දිගැති හොටක් ඇති එකම පැණි කුරුලූ විශේෂය වන්නේ ද මේ පැණි කුරුල්ලන්ය. 

 

 


ගැටුමක් නෑ


වනාන්තරයේ ඇති ශාකවල පිපෙන මල් විශේෂවලින් පැණි ලබා ගැනීම අනෙක් සියයට 99 ක් පැණි කුරුල්ලන්ට කළ නොහැකිය. හේතුව, මල්වල රොන් ඇති කොටස ගැඹුරින් පිහිටීමත්, පැණි කුරුල්ලන්ගේ හොට කෙටි වීමත්ය. එහෙත්, අසිපත් හොටැති පැණි කුරුල්ලාට එය පහසු දෙයකි. සෙසු පැණි කුරුල්ලන් සමඟ ගැටෙන්න අසිපත් හොටැති පැණි කුරුල්ලාට හේතුවක් නැත. අනෙක් පැණි කුරුල්ලන්ගේ හොටට යා නොහැකි තැන්වලට යෑමට, අසිපත් හොටැති පැණි කුරුල්ලාගේ හොටට හැකියාව ඇත. සෙසු පැණි කුරුල්ලන් පැණි ගන්න සටන් කරද්දී, අසිපත් හොටැති පැණි කුරුල්ලා තමන්ගේ පාඩුවේ තමන්ගේ කාරිය කරයි. 


අවාසියක් 


තමන්ගේ සිරුරේ ප‍්‍රමාණයට වඩා දිග හොටක් තිබීමේ වාසි පමණක් නොව අවාසි ද ඇත. දිග හොටක් තිබීම එය සැමවිටම පිරිසුදුව තබා ගැනීම අසීරුය. එය සැමවිටම අතුල්ලා පිරිසුදු කිරීම කළ යුතුය. එපමණක් නොව, සිරුරේ පිහාටු පිරිසුදු කර ගැනීම කළ නොහැකිය. අනෙක් පැණි කුරුල්ලන් මෙන්, හොට සිරුරේ පිහාටු අතරේ යවා පිරිසුදු කිරීම් කිරීමට නොහැකි හෙයින්, පිහාටු පිරිසුදු කිරීමට අසිපත් හොටැති පැණි කුරුල්ලෝ් වෙනත් ක‍්‍රමයක් භාවිත කරති. ඒ, ඔවුන්ගේ පුංචි පාද ඒ සඳහා යොදා ගනිමිනි. හදිසියේ සිරුරේ කොතැනක හෝ කැසිල්ලක් ඇති වුවහොත්, ඒ සඳහා පුංචි පාද භාවිතා කිරීමට අසිපත් හොටැති පැණි කුරුල්ලන්ට සිදුවෙයි. ඒත් එය ලේසි පහසු වැඩක් නොවේ. පැණි ලබා ගැනීමේ සටන ආයාසයකින් තොරව සිදු කළ හැකි නිසාත්,  ඕනෑ තරම් පැණි ලබා ගැනීමට හැකි නිසාත්, අවාසි ගැන පසුතැවෙන්න අසිපත් හොටැති පැණි කුරුල්ලාට ඉඩක් නැත.

 


ලූසිත ජයමාන්න
බී.බී.සී. ප්ලැනට් අර්ත් ඇසුරිනි

 



අදහස් (0)

රොන් ගන්න සටන් කරන පැණි කුරුල්ලෝ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6210 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5251 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 333 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site