(නවරත්න සමරතුංග)
වසර 26කට පෙර හිඟුරාණ සීනි කර්මාන්තය පෞද්ගලීකරණය කිරීමේදී එවකට සිටි ස්ථිර සේවකයින්ට සේවා කාලය අනුව 10% කොටස් මුදල් ලබාදෙන බවට හිමිකම්පත් ලබාදී ඇති නමුත් එම මුදල් මේ දක්වා ලබාදී නැති බව හිමිකම්ලාභී සේවකයෝ පවසති.
සේවකයින් 1373 දෙනෙකු සඳහා මෙම හිමිකම්පත් ලබාදී ඇති අතර ඒ සම්බන්ධව බැංකු සභාපතිවරුන් සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු තවත් අමාත්‍යාංශ කීපයක් එකතුවී ගන්නා ලද තීරණ නොසලකා හරිමින් එම කොටස් අයිතිය අහිමි කිරීමට රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව ක්‍රියාකර ඇති බව ශ්‍රීලංකා සීනි කර්මාන්ත සේවක සංගමයේ එවකට සිටි සාමාජිකයෝ පවසති.
තත්වය මෙසේහෙයින් මෙම සේවකයින්ගේ කොටස් අයිතිය උදුරාගෙන ඇති බවත් මෙම ගැටළුව විසඳාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කරන ලෙසද සේවකයෝ ඉල්ලා සිටිති.
1993 වසරේ ජනවාරි 22 දින සිට හිඟුරාණ සීනි කර්මාන්තය ආරුමුගම් සමාගමට පවරාදී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන්, මහජන බැංකුවේ සභාපතිවරයා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ලේකම්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් සහ අධ්‍යක්ෂ රාජ්‍ය ව්‍යාපාර වාණිජ කරන අංශය සහ මහාභාණ්ඩාගාරයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් හිඟුරාණ සීනි කර්මාන්තයේ එවකට සේවය කළ මෙම ස්ථිර සේවයන් සියලුදෙනාට 10% කොටස් මුදල් වෙන්කර ඇත.
සේවකයාට ලබාදී ඇති කොටස් හිමි සහතික පත්‍රය පමණක් සේවකයෝ ළඟ තබාගෙන සිටිති. එමෙන්ම එම සේවකයින්ගෙන් බොහෝ දෙනෙකු ජීවතුන් අතර නැති අතර තවත් පිරිසක් රෝගීව පසුවෙති.
වසර විසිහයක් තිස්සේ මේ පිළිබදව හිටපු ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරියට, වගකියයුත්තන්ට ඉල්ලීම් කළත් මෙතෙක් කල් විසඳුමක් ලැබී නැතිබවද, නව රජය යටතේ හෝ මෙම කොටස් මුදල් ලබාදෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හිඟුරාණ සීනි කම්හලේ සේවකයින්ගෙන් මැසිවිල්ලක්