IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය පුද්ගලයා යළි රිමාන්ඩ්

 

(ඩී.ජී.සුගතපාල)

 

ගාල්ල හිරිඹුර ටොරින්ටන් ටෙරස්හි නිවසක ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය පුද්ගලයා තවදුරටත් ලබන 7 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (24) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ කාරියවසම් විරසිංහ ප්‍රියංග නමැති 51 හැවිරිදි සැකකරුවෙකි.

වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් ඉකුත් (13) සවස ව්‍යාජ ලේඛන රැසක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා පෝද්දල පොලිසියට බාරදී ඇත .

හිස් විදුලිබිල් ජලබිල් සහ මුද්‍රණය කරන ලද විදුලිබිල්, ජලබිල්, පුද්ගල හැඳුනුම්පත්,ගනුදෙනුකරුවන්ට නිකුත් කරන රාජ්‍ය බැංකුවක හිස් ගිණූම් පොත් 48ක් උප්පැන්න සහතික ,විවාහ සහතික, රියදුරු බලපත්‍ර  සහ පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පමණක් සතු ලැමිනේටින් කොළ විශාල ප්‍රමාණයක් ගාල්ල මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාගේ ද, ප්‍රධාන පාසල්වල විදුහල්පතිවරුන්ගේද, ග්‍රාම නිලධාරිවරුන්ගේද, ඉඩම් කොමසාරිස්වරයාගේද, මෝටර් රථ පරික්ෂකවරයාගේ ද ඇතුළු රජයේ නිලධාරන්ගේ ව්‍යාජ නිල මුද්‍රා 88ක් ද එම රබර් මුද්‍රා සකස් කරන යන්ත්‍රයක් ද සමග කූට ලේඛන රැසක් සැකකරු සන්තකයේ තිබී  අත්අඩංගුවට ගනු ලැබීය.

නම් තුනකින් මුද්‍රණය කරන ලද සැකකරුගේ හැඳුනුම්පත් තුනක් ද සොයාගෙන ඇති අතර ඒවා මුද්‍රණය කරනු ලබන විශේෂිත කඩදාසි සහ ලැමිනේටින් කඩදාසි ද සොයාගෙන ඇත. එම කඩදාසි සහ ලැමිනේටින් කඩදාසි පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පමණක් භාවිතා කරනු ලබන ඒවා බවද පොලිසිය පවසයි.



අදහස් (0)

ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය පුද්ගලයා යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site