(රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග)
වව්නියාව බෝගස්වැව ඇතුළු ගම්මාන 5 ක නැවත පදිංචි කරවූ වැසියන්ට වසර 7 ක කාලයක් තිස්සේ පොරොන්දු වූ පරිදි ගොවිතැන් කිරීමට කුඹුරු ඉඩම් නොදීම හේතුවෙන් එම ඉඩම් ඉල්ලා එම ගම්මානවල ජනතාව රඹවේටිකුලම් වැව ඉදිරිපිටදී පදවිය මාර්ගය අවහිර කරමින් අද (04) උද්ඝෝෂණයක නිරත වූහ.
බෝගස්වැව ගොවි අයිතීන් දිනාගැනීමේ සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂණය සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන සංවිධායක නාමල් කරුණාරත්න, උපසභාපති සුසන්ත කුමාර, එහි ලේකම් ටී.බී. සරත් යන අය ඇතුළු ගම්වාසීහු විශාල පිරිසක් සහභාගී වූහ.
බෝගස්වැව, නන්දිමිත්‍රගම, වෙහෙරතැන්න,සැලලිහිණිගම සහ නාමල්ගම පවුල් 2882ක් 2012 වසරේදී නැවත පදිංචි කරනු ලැබුවේ ගොඩින් අක්කරයක් සහ මඩින් කුඹුරු අක්කරයක භූමියක් ලබා දෙන බවට පොරොන්දු වුවද ගොඩින් අක්කරයක් තමන්ට ලැබුනද මෙතෙක් කුඹුරු ඉඩම් නොලැබීම හේතුවෙන් තමන් පීඩා විඳින බවද ඔවුහු පැවසූහ.
රඹවෙට්ටිකුලම් වැවට අයිතිව කුඹුරු ඉඩම් 2000කට අධික ප්‍රමාණයක් සිවිල් ආරක්ෂක බලකාය මගින් පාලනය කෙරෙන අතර එම ඉඩම් කිහිප අවස්ථාවකදීම ඉල්ලා සිටියද කිසිදු බලධාරියෙකු පියවරක් නොගෙන ඇති බවටත්, අදාල කුඹුරු ඉඩම් සාමාන්‍ය ජනතාවට ලබාදෙන ලෙසට මහවැලි අධිකාරය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් දැනුම් දී තිබුණද සිවිල් ආරක්ෂක බලකායෙන් එම කුඹුරු ඉඩම් බලහත්කාරයෙන් පරිහරණය කරන බවටත් උද්ඝෝෂණයේ යෙදුණු ජනතාව පැවසූහ.
කුඹුරු ඉඩම් නොලැබුණහොත් එලඹෙන 12 වනදා සියලු ගොවීන් මහවැලි භාර අමාත්‍යංශ ඇතුළු කොළඹ වැටලීමේ දැවන්ත විරෝධතාවක් පවත්වා මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවටද ගම්වාසීහු වැඩිදුරටත් පැවසූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වවුනියාවේ ගම්මාන 5ක වැසියෝ ඉඩම් ඉල්ලා වීදි බසිති