IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලෙඩ නිවාඩු නිසා සබරගමුවේ පාසල් 1,114ක කටයුතු අඩාලයි

(අජිත්ලාල් ශාන්තඋදය)
 
රජයේ පාසල්වල ගුරුවරු සහ විදුහල්පතිවරු අද(13) අසනීප නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් සබරගමු පළාතේ පාසල් 1,114ක අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් අඩාලව ඇති බව වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.
 
සබරගමුවේ 98%ක් ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තාකර තිබූ බවද ඔවුහු කීහ.
 
පාසල් බොහෝමයක දරුවන්ගේ පැමිණීම විශාල වශයෙන් අඩු බව මව්පියෝ පැවසූහ. බොහෝ පාසල්වල ගුරුවරුන් පෙර දිනයේ දරුවන් දැනුවත් කරමින් අද පාසල් නොඑන බව දන්වා තිබුණි. 
 
සිසුන්ගේ ආරක්‍ෂාව සලකා පාසල් දරුවන් ආපසු හරවා යැවීම සම්බන්‍ධයෙන් තීරණ ගැනීමේ අයිතිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් වෙත පැවරූ බව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතා පැවසුවේය.
 
ඒ අනුව සෑම දරුවන්ගේ ආරක්‍ෂාවට බොහෝ පාසල්වල දරුවන් ආපසු හරවා යවනු ලැබිණි.
 
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගුරුවරු 22,000ක් පමණ සිටින අතර පාසල් සිසුන්ගේ සංඛ්‍යාව 396000කි. 
 
ගුරු - විදුහල්පති සේවා ඒකාබද්ධව අද(13) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් අ.පො.ස. උසස් පෙළ සිසුන්ගේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට බලපෑමක් එල්ල වන බැවින් ඒ ගැන අවධානය යොමුකරන්නැයි ඉල්ලමින්  ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්වරයාට ලියුමක් යොමු කර ඇත.
 
සිය ඒකාබද්ධ විරෝධතාව ගැන මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා සහ පළාත් අධ්‍යාපන ලේකම්වරුන් දැනුවත් කර ඇතැයි ද ඒ නිසා අදාළ සිසු පිරිසට ගැටලුවකින් තොරව විභාග කටයුතුවලට සහභාගීවීමට පහසුකම් සලසන්නැයි ද ගුරු සංගමය විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලයි.
සිය වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා විභාග දෙපාර්තමේන්තුව අපහසුතාවයට පත්වන්නේ නම් ඊට කනගාටුව පළකරන්නේ යැයි ද ලංකා ගුරු සේවා සංගමය යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (1)

ලෙඩ නිවාඩු නිසා සබරගමුවේ පාසල් 1,114ක කටයුතු අඩාලයි

sarath Wednesday, 13 March 2019 04:56 AM

පෙරටුගාමි කඩාකප්පල්කාරී මස් රාත්තලම ඉල්ලීම සහ ඇමතිවරුන්ගේ ඉල්ලීම් කිසිවක් ගණනකට නොගැනීමේ ප්‍රතිපත්තියේ ප්‍රතිපල. ලංකාව එන්න එන්නම ජීවත් වෙන්න නුසුදුසු තත්වයට පැමිණෙමින් පවතී.

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site