(කාංචන කුමාර ආරියදාස)
රුපියල් ලක්ෂ 80ක මුදලක් වංචා සහගත ලෙස ලබා ගත්තේ යැයි චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගත් දඹුල්ල පෞද්ගලික මුල්‍ය ආයතනයක අයකැමිවරිය ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් සෙනරත් බණ්ඩාර ඉලංග බණ්ඩාර මහතා අද (12) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත දීන කිහිපයක් දඹුල්ල ප්‍රදේශයේ රැඳී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මෙම අයකැමිවරිය අත්අඩංගුවට ගෙන දඹුල්ල පොලිසියට බාරදී අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු කළ බව දඹුල්ල පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි හිටපු නාවික හමුදා සෙබලිය වන වරුණි බුද්ධිමා නැමැති අයෙකු බව පොලිසිය කියයි.
පෞද්ගලික මුල්‍ය ආයතනයක ජනතාව විසින් ලබාදෙන මුදල් සටහන් නොකර ඉතා සූක්ෂම ලෙස ජනතාවගේ සහ මුල්‍ය ආයතනයේ මුදල් ලබාගෙන ඇති බවට ලද තොරතුරක් මත පරික්ෂා කිරීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇතැයි පොලිසිය කියයි.
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඇය රුපියල් ලක්ෂ 80 ක ට වඩා වැඩි මුදලක් මෙයාකාරයෙන් වංචා කර ඇති බව යි. තවදුරටත් පැමිණිලි සහ මුදල් වංචා කර ඇත්දැයි යන්න පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු සඳහන් කළේ ය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලක්ෂ 80 ක් වංචා කළ අයකැමිවරියක් රිමාන්ඩ්
madura Sunday, 12 July 2020 07:51 AM
කෝටි 800ක් විතර හොරකම් කලානම් ඇප ලැබෙනවා.