(ප්‍රසන්න පත්මසිරි)
ඌව පළාතේ රාජ්‍ය සේවකයින් රාජකාරී වේලාවේදී ෆේස්බුක්, වයිබර්, ඉමෝ, වට්ස්අප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල භාවිතා නොකර ජනතාවට සේවය කරන්නැයි ඌව ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.
ඌව වෙල්ලස්සේ අනාගතය උදෙසා ඌව ක්ලීන් ග්‍රීන් නැමති වැඩසටහන ආරම්භ කරමින් ආණ්ඩුකාරවරයා එසේ කීය.
ඌව ආණ්ඩුකාර කාර්යාලය මගින් පළාතේ සියලුම නගර පිරිසිදු කීරීමේ නව වැඩ සටහනක් ආරම්භ කර තිබෙන අතර සියලුම නගරවල අවධිමත් ලෙස ප්‍රදර්ශනය කර තිබෙන බැනර්, පෝස්ටර්, ඇතුළු ප්‍රදර්ශන පුවරු ඉවත් කිරීමට ද කටයුතු කර තිබේ.
එම වැඩසටහනේ ප්‍රථම අදියර වශයෙන් බදුල්ල නගරය පවිත්‍ර කිරීම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල විල්ස් පාක් ක්‍රීඩා පිටියේ දී ආරම්භ විය.
එහිදී මෛත්‍රී ගුණරත්න මහතා මෙසේද කීය.
"ඌව කියන්නේ දුප්පත් මිනිස්සු ඉන්න පළාතක්. කාර්යාල වේලාවේදී නිලධාරීන් මොබයිල් ෆෝන් එක බලාගෙන ෆේස්බුක්, වයිබර්, ඉමෝ, වට්ස්ඇප්වල ඇතැම් නිලධාරීන් ඉන්න බවට මට පැමිණිලි ලැබී තිබෙනවා.
එහෙම ඉන්නවානම් මේක කරුණාකරලා නතර කරන්න රාජකාරී වේලාවේදී පෞද්ගලික කටයුතු කරන්න එපා. අහිංසක ජනතාවගේ බදු මුදලින් තමයි අපි පඩි ගන්නේ. රාජකාරී කරන වේලාවේදී රාජකාරිය හරියටම කරන්න" යැයි මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඌවේ නිලධාරීන්ට වැඩ කාලයේ සමාජ මාධ්‍ය බෑ