අමදෝරු අමරජීව
හිටපු අමාත්‍ය එම්.ඒ.එල් අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය බිහි කීරිමෙහිලා කටයුතු කළ එම පක්ෂයේ නියෝජ්‍ය සභාපති, උත්තරිතර මණ්ඩල සාමාජික නැගෙනහිර හිටපු පළාත් සභා අමාත්‍ය එස්.එම්.උදුමා ලෙබ්බේ මහතා එම පක්ෂයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වී තිබේ.
පෞද්ගලික හේතුන් මත එම තනතුරු වලින් ඉල්ලා අස්වුවද සාමාජිකත්යේ තවදුරටත් රැදී සිටින බව ඒ මහතා යවා ඇති ඉල්ලා අස්විමේ ලිපියේ දැක්වේ.
තමන්ට පක්ෂයේ ඉහළ තනතුරු ලබාදෙමින් පළාත් සභා අමාත්‍යධුර වලින් අවස්ථා දෙකකදී පිදුම් ලැබිමට, අවකාශ සලසා දුන් පක්ෂ නායකත්වය හා එහි සියලු දෙනාටම ස්තූතිවන්ත වන බව ඒ මහතා යැවු ඉල්ලා අස්විමේ ලිපියේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ජාතික කොංග්‍රසයේ හිටපු නියෝජ්‍ය සභාපති එම්.එස්.උදුමා ලෙබ්බේ මහතා පැවසුවේ පෞද්ගලික හේතුන් මත ඉල්ලා අස්විමේ ලිපිය තැපෑලෙන් පක්ෂ නායක ඒ.එල්.එම්.අතාවුල්ලා මහතා වෙත යැවු බව කීය.
එස්.එම්.උදුමා ලෙබ්බේ මහතා 2008 දී පිහිටුවනු ලැබු ප්‍රථම හා දෙවැනි නැගෙනහිර පළාත් සභා මැතිවරණ වලින් ජය ගෙන එම අවස්ථා දෙකෙදීම පළාත් මහා මාර්ග, වාර්මාර්ග, නිවාස හා ඉදිකිරිම් ,ග්‍රාමිය විදුලිය අමාත්‍යවරයා ලෙස පත්වු ඒ මහතා ජාතික ආණ්ඩුව වෙනස් වී එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව ආණ්ඩුව කරද්දි නැගෙනහිර පළාත් සභාවේ විපක්ෂ නායක ලෙසද කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නැ’හිර හිටපු පළාත් සභා ඇමැති ලෙබ්බේ මහතා ඉල්ලා අස්වෙයි