(මහේෂ් කිර්තිරත්න)
තම පාලන කාලය තුළ සිදුවී ඇතැයි කියන සිද්ධීන් පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටි බව මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා අද (06) පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ නගරාධිපතිවරයා මෙසේ පැවසීය.
‘‘උප නගරාධිපතිවරයා සහ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් පළාත් ආණ්ඩුකාරවරයා වෙත මට විරුද්ධව චෝදනා පත්‍රයක් බාර දීලා තියෙනවා.
මම ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටින්නේ භාර දුන් චෝදනා පත්‍රය ගැව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසයි.මීට පෙර හිටිය ආණ්ඩුකාරවරුන් සිව්දෙනා වෙත මෙම මන්ත්‍රීවරුන් මට විරුද්ධව පැමිණිලා කළා.
එම චෝදනා පිළිබඳනත් විර්ශනයක් කළා.මම වැඩ කරන්නෙත් කරලා තියෙන්නෙත් නගර සභා ආඥා පනතට අනුවයි.
නගර අලංකාර කළ විදී ලාම්පු සහ නිලරථය භාවිතා කිරීම ආදිය සිදු කරලා තියෙන්නේ සභාවේ සියලු මන්ත්‍රීවරුන්ගේ එකගතාවයන් මතයි.
මගේ තනි මකයට මේ කිසිවක් නගර සභාවේ කරන්න බැහැ.මේ සියලු දේට තමයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කරන්නේ.
නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් නගර සභා භූමියක අනවසර ඉදිකිරිමක් සිදු කරලා තියනවා.එය කඩා ඉවත් කරන ලෙස පළාත් පාලන කොමසාරිස් විසින් දැනුම් දී තියෙනවා.මේ නීතිය නිසි ලෙස මා ක්‍රියාත්මක කරන විට මේ පිරිස මට විරුද්ධව විවිධ චෝදනා එල්ල කරමින් නගරයේ සංවර්ධන කටයුතු නතර කිරීමට කටයුතු කරනවා.
නියෝජ්‍ය නගරාධිපතිවරයා පත් කළෙත් මමයි.ඔහුටත් චෝදනා රාශියක් තියෙනවා‘‘ යැයිද අලුවිහාරේ මහතා පැවසිය.
2025 දෙසැම්බර් මස 30
58
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘‘ඕනෑම පරීක්ෂණයකට සූදානම්‘