(ප්‍රින්ස් රත්නායක)
බලන්ගොඩ මූලික රෝහලේ භෞත චිකිත්සක ඒකකය එක් දින සේවයක් බවට පත්ව ඇත. සතියේ දින 5 ක් සහ සෙනසුරාදා දිනයේ වරුවක් ක්‍රියාත්මක විය යුතු මෙම සේවාව මේ වන විට බදාදා දිනට පමණක් සීමාවී අනික් දිනවල ඉබියතුරු දමා වසා ඇතැයි රෝගීහු පවසති.
රෝගීන්ට වූ අපහසුතා සම්බන්ධයෙන් මාධ්‍ය මගින් අනාවරණය කළ ද එය තවදුරටත් එක් දින සේවාවක් බවට පත්ව තිබීම කණගාටු දායක බව කියති.
අස්ථි හා විකලාංග ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව හා ශෛල්‍යකර්ම වලට ලක්වන බොහෝ රෝගීන් මෙම ප්‍රතිකාර සේවාව හා ව්‍යායාම ආදිය ලබා ගැනීම සිදු කරනු ලබන්නේ මෙම ඒකකය හරහාය.
එමෙන්ම නේවාසික රෝගීන්ගේ වෛද්‍ය නියමය අනුව භෞත චිකිත්සක කටයුතු සිදු කරනුයේ ද මෙම භෞත චිකිත්සක ඒකකය හරහාය.
මෙම තත්වය මත රෝගීන්ට අපහසුතා විදීමට සිදුව ඇත. එසේම මෙම සේවාව ලබාගැනීමට බොහෝ ඈත පෙදෙස්වල සිට පැමිණ නැවත හැරීයාමට සිදුවන බවද ඔවුහු පවසති.
මේ වන විට මෙම සතියට එක්දින සේවයට දෙමසක් පමණ ගතව තිබෙන බව වාර්තා වෙයි.
මේ සම්බන්ධව බළන්ගොඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය අයි.ඩී. පතිරගේ මහත්මියගෙන් විමසූ විට කීවේ භෞත චිකිත්සක තනතුර දැරූ නිලධාරිණියගේ ඉල්ලා අස්වීමත් සමඟ මෙම තත්වය උදාවී තිබෙන බවත් බදාදා දිනයේ කහවත්ත මූලික රෝහලේ භෞත චිකිත්සක නිලධාරියකු ඒ සඳහා පැමිණෙන බවත්ය.
බළන්ගොඩ, පින්නවල, මාරතැන්න, බෙලිහුල්ඔය, කල්තොට, මැදබැද්ද, වැලිගෙපොල, ඉඹුල්පේ ඇතුළු ප්‍රදේශ ගණනාවක දහස් ගණන් රෝගීන් පිරිසක් සේවය ලබා ගන්නා රෝහල පිළීබඳ සෞඛ්‍ය ඇමැතිනිය ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව රෝගීහු කියති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘බලන්ගොඩ මූලික රෝහලේ භෞත චිකිත්සක ඒකකයට ඉබි යතුරු දමා වහලා’