(ප්‍රියන්ත ජයලත් සහ බුද්ධික කුමාරසිරි)
හෝමාගම ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිට දී කාන්තාවක් අද (20) දහවල් හෝමාගම හංවැල්ල බස්රථයකට යටවී බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇතැයි හෝමාගම පොලීසිය කියයි.
එම කාන්තාව බස් රථයෙන්ම පැමිණ හෝමාගම බස්නැවතුම්පොලෙන් බැස බස් රථය ඉදිරිපිටින් අනෙක් දෙසට මාරු වෙන්න යාමේදී මෙම අනතුර සිදුව තිබේ.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ රණාල දැඩිගමුව ප්‍රදේශයේ පදිංචි ශීලා ජයකොඩි නමැති වයස අවුරුදු 84 ක කාන්තාවකි.
ඡායාරූප - ශාන්ත කුලරත්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd