(ටෝනි කරුණානායක)
හෙරොයින් කුඩා පැකට් වශයෙන් සකස් කර තරුණයන්ට අඩු මිලට අලෙවි කළ කල්ලියක සාමාජිකයින් සිවි දෙනෙකු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සි.ඒ.සමරදිවාකර මහතා අද (10) නියම කළේය.
හෙරොයින් කුඩා පැකට් සමඟ තරුණයන් අත්අඩංගුවට පත් වීම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත හෙරොයින් මිලි ග්‍රෑම් 8050 ක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය අධිකරණ ය හමුවේ පැවසීය.
රක්ෂිත බන්ධනාගාර ගතකළ සැකකරුවන් නිල්පනාගොඩ , කටුවැල්ලේගම ,පලුගහවෙල සහ පත්තඩුවන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
2025 දෙසැම්බර් මස 18
637
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙරොයින් ජාවාරමේ නිරත වූ සිව්දෙනෙක් රිමාන්ඩ්