(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල බන්ධනාගාරය තුට හිරගෙදර පාරේ සිට තාප්පයට උඩින් මත්කුඩු තුළ විසිකිරිමට ගිය සැකකරුවකු බන්ධනාගාර නිලධාරියකු විසින් අල්ලා පොලිසියට භාරදි ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
සැකකරු සන්තකයේ තිබි මත්කුඩු මිලිග්‍රැම් 1960ක් හා දුම්කොළ තුනක් ද තිබි සොයාගෙන ඇත.
සැකකාර පුද්ගලයා මිට දින10කට පමණ ඉහතදි මත්කුඩු ළග තබා ගැනිම සම්බන්දයෙන් බන්ධනාගාරගතව සිට නිදහස්ව ගිය අයෙකු බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
සැකකරු මත්කුඩු හා දුම්කොළ බන්ධනාගාරය තුලට විසිකිරිමට සුදානම් වු අවස්ථාවේ හිරගෙදර පාරේ රැක සිටි බන්ධනාගාර නිලධාරියකු විසින් මෙම සැකකරු අල්ලා පොලිසියට භාරදි ඇත..
සැකකරු අද (29) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.