(නවරත්න ගමගේ)
හිඟුරාන දමන මාර්ගයේ පැරණිගම ප්රදේශයේදී අද (25) සිදුවූරිය අනතුරකින් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දමන පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මංගලගම පොලිසියට අනුයුක්තව සේවය කළ විජේසුන්දර බණ්ඩාර නැමැති 52 හැවිරිදි අයෙකු වන අතර ඔහු දමන පොලිස් වසමේ මඩානගම ලිපිනයේ පදිංචි අයෙකි.
රාජකාරි නිමකොට නිවස බලා යමින් සිටියදී දමන දෙසට ගමන් කළ ලොරි රථයක පිටුපස ගැටීමෙන් බරපතල තුවාල ලබා පොලිස් සැරයන් වරයා දමන ග්රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.