Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2021 මාර්තු මස 04 වන බ්‍රහස්පතින්දා
(රංජිත් රාජපක්ෂ)
හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන හැටන් ප්‍රදේශයේ පාසලක 10 C වසරේ සිසුවෙකුට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇතැයි පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වී ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පැවසීය.
මේ හේතුවෙන්, එම සිසුවාගේ පන්තියේ සිටි සිසුසිසුවියන් 45දෙනෙකු, 10 B වසරේ සිසු සිසුවියන් 8 දෙනෙකු සහ ආශ්‍රිත ගුරුවරුන් ස්වයං නිරෝධානයට යොමු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේය.
ආසාදිත සිසුවා ජනවාරි 07,08 යන දිනවලදී පාසලට ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
එම සිසුවාගේ පියා ද අසාදිතයකු වන අතර, ඔහු කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට නිවසට පැමිණෙන අතරතුර ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොලේදි අහඹු ලෙස සිදු කළ පි.සි.ආර් පරීක්ෂණ වාර්තාව ආසාදිතයකු බවට හඳුනාගැනිණි. එම අසාදිතයා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර හැටන් වටරවුම් පාරේ පදිංචි එම අසාදිතයාගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කල පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව අනුව එම සිසුවාට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.
ආසාදිත සිසුවා නිරෝධානය මධ්‍යස්ථානයක් කරා යොමු කිරීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.