(පාලිත ආරියවංශ) 
 
හාලිඇළ නගරයේ බණ්ඩාරවෙල මාර්ගයේ මගී බස් ආවරණය  අසළ පිහිටි වසර 100කට වැඩි ඉතිහාසයක් ඇති  නුග රුක ඊයේ (11)දා රාත්‍රියේ ගිනිගෙන විනාශ වී තිබේ.
 
බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවීමට උත්සාහ කළද ඒ වන විටත් නුග රුක විනාශ ව තිබිණි.
 
ඒ අසළ පිහිටි වෙළඳසැල්වල ව්‍යාපාරිකයන් විසින් නුගරුක මුල කසළ  ගොඩගසා ගිනි තැබීම හේතුවෙන් ගින්න හටගත්තේද නැතිනම් වෙනත් හේතුවක්දැයි සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.
 
ව්‍යාපාරික ස්ථානවල ඇති  ආරක්ෂක කැමරා උපයෝගී කරගෙන මේ පිළිබඳව සොයා බලන බවත් හාලිඇල පොලිසිය සඳහන් කරයි.