සමන් පාලිත නානයක්කාර
හල්දුම්මුල්ල හරංකහව ප්‍රදේශයේ අද (8) දහවල් සිදුවූ නායයාමත් සමඟ අවදානම් පවුල් වහාම ඉවත් කළ බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි.
ඉවත් කළ පුද්ගලයන් හරංකහව ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ තාවකාලිකව රඳවා ඇති බවත් අවශ්‍ය සහන සලසන බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මෙම නායයාම සමඟ හල්දුම්මුල්ල සොරගුණේ මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස හල්දුම්මුල්ල පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.