IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හපුතලේ ප්‍රා. සබේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

(ඩී.කේ.රත්න)

හපුතලේ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ලේඛනය මාසික මහ සභා වාරයේ දී වැඩි ඡන්ද 11 කින් අද (14)  සභා සම්මත විය.

හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති බී.කන්දසාමි මහතා විසින් මෙම අයවැය ලේඛනය මාසික මහ සභා වාරයට ඉදිරිපත් කෙරිණි.

අයවැය විවාදයෙන් පසුව සිදුකළ ඡන්ද විමසීමේ දී මෙම අයවැයට පක්ෂව ඡන්ද 12 ක්  ද විපක්ෂව ඡන්ද එකක් ද ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

මෙම ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 7 දෙනා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පස් දෙනාම අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා පමණක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදත් අරුණ රංජන මහතා සභා ගැබේ නොසිටියේය.

හපුතලේ ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන් විසි දෙනෙකුගෙන් සමන්විත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු හතක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පහක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හතකගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයෙකුගෙන් සමන්විතය.



අදහස් (0)

හපුතලේ ප්‍රා. සබේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site