IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සොරණතොට ප්‍රා.ස අයවැය වැඩි ඡන්ද 8කින් සම්මතයි

( විජේරත්න රත්නායක) 

සොරණාතොට ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය අද(12) වැඩි ඡන්ද 08 කින් සභා  සම්මත විය.

 එම ප්‍රාදේශීය සභාවේ සභාපති නදීකා ප්‍රිශාන්ති දිසානායක (එ.ජ.නි.ස.) මහත්මිය විසින් අදාල අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් සෙසු මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම සිදුකෙරිණි.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 12ක් සහ    අයවැයට විරුද්ධව ඡන්ද 04 ක් ලැබිණි. 

එහිදී එම සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නීල් ප්‍රේමතිලක, කුමාරසේකර බණ්ඩා, චිත්‍රමානෙල් රාජපක්ෂ හා ජ.වි.පෙ. නියෝජනය කරන අසෝක කීර්ති ජයලත් යන මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය පාව්ච්චි කළහ.

එ.ජ.නි.සන්ධානය හා එ.ජා.ප.ය  එක්ව පාලනය කරන සභිකයින් 16 දෙනෙකුගෙන් යුතු සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය ඇතුළු සෙසු මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර ඒ අනුව එම සභාවේ 2020 වසර සඳහා වූ අයවැය වැඩි ඡන්ද 08 කින් සභා සම්මත විය



අදහස් (0)

සොරණතොට ප්‍රා.ස අයවැය වැඩි ඡන්ද 8කින් සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 96 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 900 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site