IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සැමියාට පහර දී ඝාතනය කළාට බිරිඳ අත්අඩංගුවට

ක.ග කරුණාරත්න
 
සිංහල අලුත් අවුරුද්දට පෙර දිනයේ (13) බිම ඇද වැටී හිසට තුවාල සිදුවූ බව පවසා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය සිවිල් ආරක්ෂක භටයාගේ මරණය පහරදීමකින් සිදුවී ඇතැයි අනාවරණය වීමෙන් පසු ඔහුගේ බිරිය අද (16) සැකපිට අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි. 

මෙලෙස මිය ගොස් ඇත්තේ දම්මින්න ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සුරවීර ආරච්චිලාගේ විමල් කුමාර නැමැති 37 හැවිරිදි දෙදරු පියෙකි.

මොහු ඉකුත් සෙනසුරාදා (13) සිය නිවසේ මිදුලේදී පය ලිස්සා ගොස් බිම ඇද වැටී අසල තිබූ අත්තිවාරමක වැදීම නිසා හිසට තුවාල සිදුවූ බව ප්‍රකාශ කර ඔහුගේ බිරිය විසින් ඊට පසු දින (14) පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් අනතුරුව රෝගියා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට මාරු කර යවා ඇති අතර මියගොස් තිබේ.

මිය ගිය පුද්ගලයාගේ මව මේ මරණය තමන්ට සැක සහිත බවට අරලගංවිල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මරණකරුගේ බිරිය විසින් පොල්ලකින් පහරදීම නිසා තුවාල ලබා තිබෙන බවයි.

ඒ සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (16) පැවැත්වීමට නියමිතය. 



අදහස් (0)

සැමියාට පහර දී ඝාතනය කළාට බිරිඳ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site